Chapter 14

152 38 2
                                    

Taeyong ,Somi එක්ක පන්තියට ඇතුලු වුනේ ගොඩක් ලොකු චකිතයකින්.මොකද ලමයි ඒ දෙන්නට කොහොම ප්‍රතිචාර දක්වයිද, Somiට ප්‍රශ්න වැඩි වෙයිද කියලා.දෙන්නත් එක්කම පන්තියට එද්දී පන්තියේ ලමයි පුදුම වුනා.

ආව්...අන්න couple එක ආවා.දැක්කනේ මන් කිව්වා දෙන්නා යාලුයි කියලා.

අපිටත් කවදහරි වෙඩිම කියපන්.

උඹ හොඳම කෙල්ලව සෙට් කරගත්තා නේද

එදා මැච් එක වෙලාවේ උඹ කරපු දේ සුපිරියි ආ... ඒ අස්සෙන් Mingiගේ කටහඬත් ඇහුනා.

පන්තියේ ලමයි ගොඩ දෙනෙක් මේ දෙන්නට wish කරා.මේක Taeyong,somi දෙන්නනම් බලාපොරොත්තු වුන දේ නෙමෙයි.
ඒ බන් අපි somi එක්ක වචනයක්වත් කතාකරගන්න chance එකක් එනකන් බලන් ඉන්නවා.ඒත් උඹ යාලුත් කරගෙන.උඹනම් මාරයි ආ.Wooyoung එහෙම කියද්දී හැමෝමට හිනා.

ඔයාට සතුටුයි නේද?interval එකේදී කෑම කන්න ගියාම Taeyong ,Somiගෙන්  ඇහුවා.ඔව් ගොඩක්.somi හිනා වෙන ගමන් එහෙම උත්තර දුන්නේ අද පන්තියේ ලමයින්ගේ ප්‍රතිචාර මතක් වෙලා.Somi මන් ඔයාගෙන් දෙයක් අහන්නද?ඔයාට ඇත්තටම යාලුවෝ කවුරුත්ම ඉදලා නැද්ද?taeyong ඇහුවා.අපෝ හිටියා.ගොඩක් හිටියා.හැබැයි ඒ හැමෝම මගේ සල්ලි වලටයි ,මගෙන් වාසි ගන්නයි බලන් හිටපු අය.හැබැයි හොඳ එක යාලුවෙක් හිටියා.එයා ටිකක් දුප්පත්.අපේ අම්මයි තාත්තයි මොකක්ද දන්නවද කරේ.ඒ ලමයට මගෙන් ඈත් වෙන්න කියලා තර්ජනය කරා.මොකද දුප්පත් යාලුවෙක් ඉන්න එක මගේ ප්‍රතිරූපෙට හොද නැතිවෙයි කියලා.එදා ඉදන් මන් යාලුවෝ හදානොගන්න තීරනය කරා.somi හිනාවෙලා කිසි ගානක් නෑ වගේ එහෙම කිව්වත් එයාගේ ඇස්වල දුක තදින්ම පෙනුනා.කමක් නෑ දැන් හැමෝමට හරියන්න මන් ඉන්නවනේ.ඔයාලගේ අම්මලා මට තර්ජනය නෙමෙයි මොනා කරත් හැමදාම ඔයත් එක්ක ඉන්නවා.Taeyong ,somiගේ අත අල්ලගන්න ගමන් කිව්වා.
මේ ඒක නෙමෙයි අද හවස අපි කොහෙහරි යන්?අපි දෙන්නා කවදාවත් කොහෙවත් ගිහිල්ලම නෑනේ.somi ඇහුවා.
ඒත් ඔයාලගෙ ගෙදරින්?
අම්මට අද උදේම business trip එකක් යන්න වුනා.මේ ටිකේම ගෙදර නෑ.තාත්තා කොහොමත් ගෙදර එන්නෙ කලාතුරකින්.මට මේ ටිකේ උගන්නන්න teacher එන්නෙත් රෑ වෙලා.එයාට ගෙදර මොකක්ද ප්‍රශ්නයක්ලු.ඉතින් අපිට ඒ වෙනකන් කල් තියෙනවා😏.Somi ගොඩක් උද්‍යෝගයෙන් කිව්වා.හරි ඔන්න ඔයා කැමති ඕනිම තැනක අපි යන්.Taeyong එකඟ වුනා.

Lean on meWhere stories live. Discover now