Chapter 3

179 44 1
                                    

                  Somi Pov
      🍁 මන් දන්නෙ නෑ මන් ඇයි එයත් එක්ක එච්චර කතා කරේ කියලා.මන් සාමාන්‍යයෙන් කාත් එක්කවත් රණ්ඩුවටවත් ඔච්චර කතා කරන්න යන්නෙ නෑ.ඇත්තම කිව්වොත් මන් එයාට එතනදී හොදින් කතා නොකරත් මන් අනිත් අයත් එක්ක කතා කරද්දී ප්‍රතිචාර දක්වන විදිහ බලද්දී මේක ගොඩක් වෙනස්.එයා ඇත්තටම පනියිද.Somi එයා පැන්නත් නැතත් ඔයාට මොකද.ඔයා ඒ ගැන හිතන්න ඕනි නෑ.ඒක එයාගේ ජීවිතේ.මන් අන්තිමට හිත හදාගත්තා.හැබැයි එයා වැරදි තීරණයක් ගන්න එපා කියලා මන් මඟ දිගට ප්‍රාර්ථනා කරා.🍁

taeyong clz එකට යද්දිම ඉස්කෝලේ ඇරෙන බෙල් එක ගැහුවා.මැරෙන්න ගියාට ඇත්තටම මැරෙන්න ශක්තියක් නෑ නේද😏පන්තියෙන් එලියට යන ගමන් Somi කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න Taeyongගෙන් ඇහුවා.
නෑ ඔයා අර කියපු ලේසි ක්‍රමයකට මැරෙන්න කල්පනා කරා.Taeyong ,Somiට එහෙම කියලා බෑග් එක ගන්න ගියා.

මන් ගෙදර යනකොට වත්තේ කාර් දෙක තුනක්ම නවත්තලා තිබුනා.කාලෙකින් තාත්තට ගෙදර මතක් වෙලා.අම්මට වගේම.මන් ගෙට යනකොටම ඉස්සරහට Youn ආන්ටි ආවා.

බේබි, ලොකු සරූ යි, මැඩමුයි දෙන්නම ගෙදර ඇවිත් ඉන්නේ.අද හවසට magazine එකක interview එකක් කියලා ඒකට බේබිට ලෑස්ති වෙන්න කිව්වා.බේබිගෙන් අහයි කියලා හිතන විදිහේ ප්‍රශ්න ටිකකුයි ඒවට උත්තරයි බේබිගේ කාමරේ තියලා ඇති.Youn ආන්ටි කිව්වා.

එයාලා දෙන්නම එකපාර ගෙදරට එන්න හේතුව මන් හිතපු එක තමයි.මන් කෙලින්ම ගියේ මගේ room එකට.wash එකක් දාගෙන ඇවිත් මන් දීලා තිබුන ප්‍රශ්න කොලේ ගත්තා.

1)ඔයාගේ දෙමව්පියෝ රටේ ලොකු businessmentලා.ඉතින් එයාලා ඔයා එක්ක කාලේ හදාගන්නේ කොහොමද?
Answer - එයාලා businessmenලා වෙන්නේ පිටදි විතරයි.ඒත් එයාලා ගෙදරදී මාත් එක්ක හැසිරෙන්නේ යාලුවො වගේ.
Somiට මේක කියවද්දී හිනා.යාලුවෝ?
2)අම්මයි තාත්තයි එක්ක නිවාඩු දවසට කරන්නේ මොන වගේ දේවල්ද?
Answer - අම්මයි තාත්තයි බිස්නස් එක්කම කාලෙ ගත කරත් ඇත්තටම එයාලා කලාවට ගොඩක් ආසයි.අපි ඉතින් free වෙලාවට එකතු වෙලා films බලනවා.Operea බලන්න යනවා වගේ දේවල් කරනවා.එයාලා කොයි වෙලෙත් උත්සහ කරන්නේ වැඩ අඩුවෙන් තියාගෙන පවුල එක්ක වැඩි කාලයක් ගත කරන්න.

Lean on meWhere stories live. Discover now