Somi wash room එකට වෙලා මූණ හෝද හෝද ඉන්නකොට එතනට seulmiයි තව ගෑනු ලමයෙකුයි ආවා.
ආ මැඩම්.මහන්සි ඇති නේද අපේ Taeyongට උගන්නලා.තමුසේ කොච්චර ජරා ගෑනියෙක්ද.තනියම ගොඩ යන්න බලන්නේ.Taeyongට උගන්න ඕනි වෙලාවේ තමුසේ ඉරිසියාවට නිදාගත්තම හරිද.මේ අහනවා taeyongට මේ term එකේදී ඕනි ලකුනු ගාන ගන්න බැරිවුනොත් මන් තමුසෙට හොද වැඩක් කරනවා.Seulmi එහෙම කියලා යන්න හදනකොටම Taeyong ඇවිත් Seulmiගේ අතින් අල්ල ගත්තා.සමාව ඉල්ලන්න.Taeyongගේ ඇ
Taeyong?
මන් කිව්වේ somiගෙන් සමාව ඉල්ලන්න කියලයි.එයාගේ එතන වැරැද්දක් නෑ.taeyong කිව්වා.
සොරි.seulmi ,somiට ඔරවන ගමන් එහෙම කියලා එතනින් ගියා.
ඔයා මොකද මෙතන කරන්නේ?somi ඇහුවා.
ඔක්කෝටම කලින් මෙතනින් එලියට යන්.නැත්තම් ගෑනු ලමයින්ගේ washroom ඇතුලට ආවා කියලා මට නඩු වැටෙනවා බලන්නද ඔයාට ඕනි.Taeyong එහෙම අහද්දී දෙන්නටම හිනා.
ඔයා phone එක දාලා ඇවිත් තියෙන්නේ.taeyong ,somiට phone එක දෙන්න යද්දී ආයි අතරමඟ නැවතුනා.පොඩ්ඩක් ඉන්න.taeyong බෑග් එකෙන් පැනක් අරගෙන somiගේ අතේ number එකක් ලිව්වා.මේ මගේ phone number එක.ඔයා ශක්තිමත් මව ඇත්ත.හැබැයි ඒ ඔයා ලෝකෙට පෙන්නන විදිහ.අඩුම තරමේ දැන් ටිකකට කලින් වුනා වගේ ප්‍රශ්න වලදිවත් ඒවට තනියම මූණ දෙන්න නොයා වෙන කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න.Taeyong එහෙම කියලා somiගේ අතට phone එක දෙන ගමන් එතනින් ගියා.Somi එදා ගෙදර යනකොටත් අම්මා ඇවිත් හිටියා.මොකද somi පරක්කු.ඔයා පරක්කු වෙන විනාඩි 5 පවා අපිට ගොඩක් වටිනවා.ඒක මතක තියාගෙන වැඩ කරන්න.Mr.park මෙයා වෙනදටත් මෙහෙම පරක්කුයිද?Mrs.Jeon driverගෙන් එහෙම ඇහුවා.අනේ නෑ madam.අද විතරයි.Mr.Park එහෙම කියපු නිසා Somiට තවත් බනින්න ගියේ නෑ.කෝ ඉක්මනට ලෑස්ති වෙන්න යන්න.අද තමයි අර fashion brand එකේ managerව හම්බෙන්න යන්න තියෙන දවස.Somi මන් හිතනවා ඔයා මට ලැජ්ජ නොවෙන විදිහට වැඩ කරයි කියලා.Somiගේ අම්මා එහෙම කිව්වා.
හොඳයි අම්මේ.Mrs.Jeon එදා fashion brand එකේ managerව හම්බෙලා ආවම සතුටින් හිටියේ Somiගේ බර අවශ්‍ය ප්‍රමාණෙට අඩුකරගන්න පුලුවන් වුනා වගේම commercial එක somiට ගන්න පුලුවන් වුන එකට.මන් නිසාම හොදයි මෙයාලට හරි දේ උගන්නන්න.මන් නැත්තම් මෙයාට මේක ගන්න වෙන්නෙ නෑ.ගෙදර එන ගමන් Somiගේ අම්මා කතා වුනා.
ඊලඟ දවස් දෙකේ Somi හිටියේ ගොඩක් සතුටින්.මොකද දවස් දෙකකින් commercial එක shoot කරන නිසා .එතකොට commercial එකත් ඉවර නිසා කාලෙකට පස්සේ මොනවා හරි කන්න පුලුවන් වෙන නිසා.
ඊලග දවසේ ගොඩක් සාර්ථක විදිහට somiගේ shooting ඉවර වුනා.Somi ගෙදර ආවේ ආයි කාලෙකට ඇපල් කන්න ඕනි නෑ කියලා හිතාගෙන.Somi ගෙදර ආපු ගමන් servant කෙනෙක් somiට list එකක් දුන්නා.මේක මැඩම් දෙන්න කිව්වා.Somi ඒ list එක බැලුවම හැම බලාපොරොත්තුවක්ම බොඳ වුනා.Somi කෙලින්ම ගියේ අම්මාගේ office room එකට.මොකක්ද මේ?
ඔයාට පේනවා ඇතිනේ මොකක්ද මේ කියලා.Mrs.Jeon කිසි ගානකට නැතුව කිව්වා.
මන් අහන්නේ මන් ඇයි ආයිමත් diet කරන්න ඕනි.දැන් commercial එකත් ඉවරයිනේ?somi තරහෙන් ඇහුවා.
ඔයා දැන් මේ අඩුකරන් තියෙන බර ප්‍රමාණය ඔයා දිගටම තියන් හිටියොත් ඔයාට තවත් වැඩිපුර chances ගන්න පුලුවන් කියලයි අපි කතාවුනේ.ඒක නිසා ඔයා ඒ weight එක maintain කරගන්න අපි ඔය දීපු list එකේ විදිහට කෑම කන්න.Mrs.Jeon එහෙම කියනකොට somiගේ ඇස්වලින් කඳුලු බේරුනා.
මාව ඇත්තටම සෙල්ලම් බඩුවක් වගේද පේන්නේ.ඔයාලට ඕනි ඕනි විදිහට පාවිච්චි කරන්න.මටත් කියලා ජීවිතයක් නැද්ද.අඩුම තරමේ මට ඕනි කෑමක්වත් කන්න බැරිද.මේකනම් මහ අපායක්.Somi එහෙම කියලා list එක බිමට විසික් කරලා එතනින් ගියා.Somi එදා දවසෙම කිසිම කෑමක් කෑවෙවත් නෑ.රෑ පුරාම නිදාගන්නෙවත් නැතුව කාමරේ බිම වාඩිවෙලා හොඳටම ඇඬුවා.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...