Somiගේ b'day එකෙන් දවස් දෙකකට පස්සේ දවසක උදේ period එක free නිසා somi හිටියේ bench එකක් උඩ වාඩි වෙලා පොතක් කියව කියවයි.
හායි ඔයා පාඩම් කරනවා වගේ?
එතනට ආපු JR, somi ගාවින් වාඩිවෙන ගමන් somiත් එක්ක කතාවට මුල පිරුවා.පොතට අවදානේ යොමු කරන්ම හිටපු නිසා JR ලගට ඇවිත් වාඩි වෙනකන්ම somi දැනන් හිටියේ නෑ.
ඇයි දැන් ඔයාට මන් වෙන දෙයක් කරනවා වගේද පේන්නේ.Somi ඇහුවා.
නැහැ නැහැ අම්මෝ තරහ ගන්න එපා.මන් ඒක නිකන් ඇහුවේ.මේ ඒක නෙමෙයි මන් ඔයාව හොයාගෙනම ආවේ පොඩි බඩ්ඩක් දෙන්න.JR ,somiට chocolate එකක් දික් කරා.අපේ අක්කි swiss වල ඉදන් එද්දි ගෙනාවේ.මට ඉතින් ඔයාව මතක් වුනා.JR ,Somi දිහා බලන ගමන් කිව්වා.අයියෝ JR අපරාදෙනේ.මට ඕනිනම් chocolata අරන් දෙන්න bf කෙනෙක් ඉන්නවනේ.ඒත් ඔයාට තාම ස්ථීර gf කෙනෙකුත් නෑ.අනික ඔයා ඔහොම අනුන්ගේ gfලට chocolate අරන් දෙන්න ගියොත් ඔයාට කවදාවක් කෙල්ලෙක්නම් සෙට් කරගන්න බැරිවෙයි.ඒක නිසා මේක ඔයාම තියාගන්න.Somi එහෙම කියලා chocolate එකත් දීලා එතනින් නැගිටලා ගියා.හරි කමක් නෑ Jeon Somi.මන් මේ දැන් තීරණයක් ගත්තා.ඔයා දැන් මේ කරපු වැඩේ නිසා ඔයා කවදහරි අයිති වෙනවනම් අයිති වෙන්නේ මේ මට විතරමයි.දැන් තමයි නියම සෙල්ලම පටන් ගන්න යන්නේ.Somi යන දිහා බලන් හිටපු JR තමන්ටම කියාගත්තා.
මොකද ඔයා ඔය අද දවස තිස්සෙම බාගෙට පණ ගිය මනුස්සයෙක් වගේ හැසිරෙන්නේ?නිදිමතේ ඇස් ඇරගන්නවත් බැරුව ඉන්න Taeyongව දැකපු Somi interval එක වෙලාවෙදී හිනා වෙවී Taeyongගෙන් ඇහුවා.ඊයෙ මහ පාන්දර වෙනකන් Doyoung එක්ක කෝල් එකක අනේ.ඒ මිනිහා I miss you බන් ගගා මටත් නිදාගන්න නොදී මාත් එක්ක කතා කර කර හිටියා.මට දැන් ඇස් ඇරගන්න බැරුව ඉන්නේ.Taeyong නිදිමතේම කිව්වා.මන් ඔයාට බඩ්ඩක් පෙන්නන්න හිටියේ.දැන් ඉතින් නිදිමතකාරයෙක්ට පෙන්නද.මන් පස්සෙ පෙන්නන්නම්.Somi කිව්වා.මොකක්ද මොකක්ද??කෝ ඒ බඩ්ඩ😍පෙන්නන්නකෝ ඉක්මනට.මට දැන් නිදිමත නෑ.මෙච්චර වෙලා නිදිමරගාතෙ හිටපු Taeyong එක පාරටම ලොකු ශක්තියක් ආවා වගේ හරිම උද්යෝගයෙන් ඇහුවා.පොඩ්ඩක් ඉන්න අයියෝ මන් පෙන්නන්නම්.Somi එහා පැත්තෙ තිබුන පොඩි box එකක් අරන් ඒක ඇරලා headband එකක් අරන් Taeyongට පෙන්නුවා.
කොහොමද කියන්නකෝ.මේක මේ limited edition headband එකක්.ඔයා කැමතිද මේකට?Somi ඇහුවා.
වාව්.ඒක හරිම ලස්සනයි.Ty කියලා අකුරු දෙකකුත් පැත්තකින් කොටලා.Taeyong headband එක දැකලා ගොඩක් සතුටු වුනා.ඔයා මේ ටිකේ football play කරද්දී ඔයාගේ ඔක්කොම කොන්ඩේ මූණේ.කපන්න කිව්වට කපන්නෙත් නෑනේ ලොකුකමට.ඒකයි මට මේක දෙන්න හිතුනේ.කෝ එන්න අපි මේක දාලා බලමු.Somi headband එක Taeyongගේ කොන්ඩෙට දාලා හැඩ බැලුවා.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...