මන් හිතන්නෙ නෑ මට කවදාවත් හිනාවෙලා ඉන්න පුලුවන් වෙයි කියලා taeyong.මට ජීවිතේ කවදාවත් සතුටු හිතෙන කාලයක් තිබිලා නෑ.අපිට සල්ලිනම් ගොඩක් තියෙනවා,අනිත් මිනිස්සු අපේ දකින විදිහට එයාලත් අපේ පවුල වගේ වෙන්න උත්සහ කරනවා.හැබැයි එයාලා දන්නෙ නෑ ඒ ඔක්කොම බොරුවක් කියලා.මිනිස්සු දකින්නේ මගේ තාත්තා රටේ ලොකු businessmen කෙනෙක් ,අම්මත් ලොකු businesswoman කෙනෙක්.එතකොට මන් ලස්සන , ඉගෙන ගන්න ගොඩක් දක්ශ ,hobby එක විදිහට පොඩි කාලෙ ඉදන්ම modeling කරපු සල්ලිකාර ,ඒ වගේම හැම සැප සම්පතක්ම තියෙන, ආඩම්බරකාර ලමයෙක් විදිහට විතරයි.ඒත් ඇත්තටම ඒ යට හැංගිලා තිබ්බ ඒ අපාය ඒ කවුරුත් දකින්නෙ නෑ.මගේ තාත්තා අඩුම තරමේ මගේ වයසවත් දන්නවද දන්නෙ නෑ.එයා මන් වෙනුවෙන් කියලා දෙයක් කරානම් ඒ කරේ එයාගේ වාසගම මට දීපු එක විතරයි.එයාට කවදාවත් මන් ගැනවත් අම්මා ගැනවත් හොයන්න වෙලාවක් ඇත්තේ නෑ.මොකද එයාට businessතුයි එයාගේ අනියම් භාර්යාවො ටිකයි බලාගන්න වෙලාව ඕනි නිසා. එයා සමහර කාල වලට යාලුවෙන ගෑනු ලමයි මට වඩා අවුරුදු 3-4යි වැඩිමල්.එතකොට මගෙ අම්මා.එයා මන් ගැන හොයලා බලන්නේ ඉස්කෝලේ මගේ marks අහන්න විතරයි.ඒකත් එයාට මන් කොච්චර හොඳ result එකක් ගත්තත් මදී.එයාට ඕනි කොහොමහරි මාව තාත්තගේ අනියම් භාර්යාවොන්ගෙ ලමයින්ට වඩා ඉස්සරහින් කියලා පෙන්නන්න.අපි අඳුරන අනිත් familiesවල ලමයින්ට වඩා මන් දක්ශයි කියලා පෙන්නන්න.ලෝකෙම මිනිස්සුන්ට අපි කොච්චර ලොකු family එකක්ද කියලා පෙන්නන්න.අඩුම තරමේ මන් යාලුවෙක්වත් ආශ්රය කරනවට එයා කැමති වුනේ නැහැ.මොකද මන් යාලුවෝ ආශ්රය කරලා මගේ ඉගෙනීම කඩාකප්පල් කරගනියි කියලා.ඒක නිසා මට හැමවෙලාවෙම ඉන්න වුනේ තනියම.ඒ වගේම යාලුවෙක් ඇති කරගෙන මගේ ඇත්ත තත්වේ එයාලට පෙන්නන්න මන් කැමති වුනෙත් නෑ.මොකද ඒ cold Somi අස්සේ හැංගිලා ඉන්න දුර්වල Somiව පෙන්නන්න මට ශක්තියක් තිබුනෙ නෑ.ඇත්තම කිව්වොත් මට මගේ රහස් එලි කරන්න ,මගේ ප්රශ්න බෙදාගන්න තරම් විශ්වාසවන්ත යාලුවෙක් මට හම්බුනෙත් නෑ.අනික මන් හුස්ම ගන්නත් ඕනි අපේ අම්මලට ඕනි විදිහට.මට දැන් හොඳටම මහන්සියි.Somi එහෙම කියලා Taeyong දිහා බැලුවේ ගොඩක් බලාපොරොත්තු කඩවුනු මූණකින්.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...