After one weekInterschool Football Tournament එකේ final match දවසත් ආවා.එදා match එක බලන්න Doyoung ,Somi වගේම Taeyongගේ තාත්තත් ආවා.එදා match එක ඉවර වුනේ Taeyongලව දිනවලා විතරක් නෙමෙයි Taeyongට තරඟාවලියේ නැගී එන ක්රීඩකයගේ award එකත් අරන් දෙන ගමන්.ඒ වගේම තමයි Taeyongට එයාලගේ club එකත් එක්ක join වෙන්න කියලා ප්රසිද්ධ Football clubs ගණනාවකින්ම ආරාධනා ආවා.ඊලඟ දවස් කීපෙම කොරියාවේ sports magazine වල මාතෘකාව වුනේ Taeyong.ඒ වගේම තමයි JR Scl Team එකේ Captain වුනත් ඒක ටිකෙන් ටික නාම මාත්රික තනතුරක් විතරක් වුනේ Team එකේ හැමෝම වගේ Taeyong වටා එකතු වුන නිසා.
යකෝ party දීපන්, අපිට party දීපන් යකෝ.Final match එක ඉවර වුනත් හරි Doyoung කෑ ගහන්න ගත්තා.ඇයි යකෝ උඹලට match එක ඉවර වුන දවසේ කන්න අරන් දුන්නා මදිද?Taeyong ,Doyoungගෙන් එහෙම ඇහුවේ match එක දවසේ ගිය බිල් එක මතක් වෙලා.උඹ මෙච්චර ලොකු තැනකට ඇවිල්ලත් එදා අපිට Bun hut එකේ දීපු පොඩි treat එක ගැනද බන් කියන්නේ.උඹ වගේ ලෝබයෙක්.මූ වගේ එකෙක්ට support කරපු අපිට ගහන්න ඕනි.Doyoung නුත් වැඩේ අත අරින පාටක් නෑ.අනේ යකෝ කෑ නොගහා හිටපන්.මන් බයික් එක විකුණලා හරි උඹලගේ බඩවල් පුරවන්නම්.උඹලා කැමති තැනක් කියපන් ,මන් එක්කන් යන්නම්.Taeyong කිව්වේ බැරිම තැන.ආන්න එහෙම වරෙන්.
හරිනේ දැන් එහෙනම්.මේ මන් යනවා බන්.අද Somiව තාත්තට meet කරවන්න ඕනි.Taeyong හෙල්මට් එක දා ගන්න ගමන් කිව්වා.හදිස්සි නැතුව පරිස්සමින් පලයන්.නැත්තම් උඹට මොනා හරි වුනොත් අපිට treat එක නැති වෙනවා.Doyoung බොරුවට එහෙම කිව්වට හිත යටින් ඇත්තටම Taeyongගේ ආරක්ශාව ගැන වද වුනා.At the lunch
Thanx දූ ,මේ වගේ පිස්සෙක්ව හදලා ගත්තට.මෙයා පිස්සු වැඩ නොකර ඉන්න එකම හේතුව ඔයා.එදා lunch එක වෙලාවෙදී Mr.Lee , Somiට ස්තූති කරා.ඕක මොකක්ද uncle.මෙයා ආයිමත් විකාර කරන්න ගත්තොත් අපි දෙන්නම එකතු වෙලා මෙයාට හොඳ පාඩමක් උගන්නමු😏Somiත් Mr.Leeගේ පැත්තට කතා කරා.මට දැන් හිතෙන්නේ මන් මෙතන අසරණ වෙලා වගේ.ඔයාලා දෙන්නම මට මෙහෙම සැලකුවම හරිද?අසරණ Taeyong ,තාත්තයි Somi දිහා බලාගෙනම ඇහුවා.ඔයා පහුගිය කාලෙම පිස්සෙක් වගේ වැඩ නොකරනම් මෙහෙම අහන්න වෙන්නෙ නෑනේ.Somi හිනාව තද කරගන්න ගමන් කිව්වා.හරි හරි මන් වැරදි ඔක්කොම පිලිගන්නම්.ආයි පිස්සු වැඩ මුකුත්ම නොකර ඉන්නම්කෝ.Taeyong පරාජය භාර ගත්තා.
YOU ARE READING
Lean on me
RomanceTw/suicide 🍁කවුරුත් නැද්ද?ඉක්මනට ambulance එකකට කෝල් කරන්න.මෙතන ළමයෙක් suicide කරගෙන. 🍁යාලුවෝ....එහෙම අය මගේ ජීවිතේ නෑ.එහෙම අය එකතු කරගන්න ඕනිත් නෑ. 🍁ජීවත් වෙන්න?තමන්ගෙ ජීවිතේ තමන්ට ඕනි සතුට නැත්තම් ජීවත් වෙන එකත් මහ විහිලුවක්.මරණය.....මට දැන් ඕන...