ℍ𝕚𝕛𝕒𝕔𝕜

181 30 15
                                    

Someones POV

අපි හිතපු විදිහට හැමදේම කිසිම ප්‍රශ්ණයක් නැතුව සිද්ධ වෙනවා. ඉස්සරහටත් වෙන දේවල් මේ විදිහට ම boss ගේ plan  එකේ හැටියට  සිද්ද උනොත් අපිට  අපේ වැඩ කිසිම කරදරයක් නැතුව කරගන්න පුලුවන්. ඔන්න මතක් කරනකොටම boss ගෙන් කෝල් එකක්.........

Person 1 - Hello boss... තව ටිකකින් plane එක පිටත් වෙනවාලු.

Person 2- ආහ්.... හරි දැන් එතකොට අපේ කට්ටිය තම තමන්ට අදාල තැන් වල ඉන්නවා නේ නේද????

Person 1- ඔව් boss... සේරම හරි...

Person 2- හ්ම්ම්...එහෙනන් හොඳයි. හොදට මතක තියාගන්නවා, මේක තමයි අපිට හම්බෙන අන්තිම chance එක. මේ chance එක මගෑර ගත්තොත් අපිට ආය කවදාවත් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒක නිසා කිසිම වැරැද්දක් වෙන්න කිසිම විදිහක් ඉඩක් තියෙන්න බෑ. තේරුනානේ..........

Person 1-  නෑ,  නෑ තේරුනා boss, කිසිම වැරැද්දක් වෙන්නේ නෑ. හැමදේම හරියටම සිද්ද වෙයි.

Person 2- බොහොම හොදයි.......

Author's POV

Plane එක පිටත් උනා... ✈️ කවදාවත් plane එකක ගිහිල්ලා නැති සෙශා ට නම් මේක අලුත් අත්දැකීමක් උනා.. එයා ටිකක් බය වෙලත් එක්ක හිටියේ... ජින් ට නම් තේරුනා ඉතින්  මේ කොට ජීවිතේ හොඳටම බය වෙලා කියලා.. ඒත්  එයාට කරන්න දෙයක් නෑනේ , ඉතින් jin සද්ද නැතුව හිටියා. සෙශා ට නම් plane එක යන්න පටන් ගන්නකොට pilot ගේ ඉදන් Sri Lankan airlines එකේ ඔක්කොවම මතක් උනා. ඒත් plane එක උඩට ගත්තාට පස්සේ නන් එයාට එච්චර අවුලක් උනේ නෑ.

Sesha's POV

ඔන්න plane ✈  එක යන්න පටන් ගත්තා. අනේ දෙවියනේ .......... දන්නවා නන් මෙහෙම වෙනවා කියලා කීයටවත් plan  එකක යන්නේ නෑ. මාව නිකන් භූමි කම්පාවකට අහු උනා වගේනේ. උදේ කාපු ඒවත් එළියට එයි මෙහෙම ගියොත්. මට ඉතින් sri lankan airline  එකේ වැඩ කරන අයයි එයාලගේ පරම්පරා වල අයයි සේරම මතක් වෙනවා😶.  අම්මොහ්හ්හ් ........... ඇතියන්තන් දැන් නන්  plane එක උඩට ගියාද කොහෙද ,  දැන් නන් එච්චර  අවුලක්  නෑ. මන් මෙහෙම බය උනාට මොකෝ මගේ එහා පැත්තේ හිටපු ගෝනි බිල්ලට නන් ගානක්වත් නැද්ද කොහෙද??? මන් හිතන්නේ මීට කලින් එයැයි plane  වල ගිහින් ඇති. දැන් ඔයාලා බලනවා ඇති නේද මන් කොහොමද එයා හිටපු විදිහ ගැන දන්නේ කියලා.😁 හී හී.. ඔව්, ඔව්, ඔයාලා හිතුවා හරි. සැරින් සැරේට මගේ ඇස් එයාගේ පැත්තට කැරකුනා තමයි 🙈. හම්මේ...... ඔන්න මන් බලාපොරොත්තුවෙන් හිටපු වෙලාව ආවා. Airhostess අක්කා කෙනෙක් menu එකකුත් අරන් ඇවිල්ලා ඇහුවා මොනවද ඕනි කියලා. මන් නන් ඉතින් කලින් දැකලවත් නැති නම් තිබුන කෑම ජාති දෙක තුනක් order කලා.  මට එහා පැත්තේ හිටපු ගෝනි බිල්ලා නන් මොකවත් ගත්තේ නෑ. සික් මෝඩයා......... නිකන් කන්න හම්බෙන එක කන්නෙත් නෑනේ. එයා කන්නෙත් නැති එකේ බැරිද දන්නේ නෑ කෑම එකක් order  කරලා ඒක මට කන්න දෙන්න. ඔහොම හිත හිත චුට්ට වෙලාවක් ඉන්නකොට මගේ කෑම එක ආවා. කෑම එක මගේ ළඟට ආවට පස්සේ නන් මන් ඉතින් වෙන වෙන දිහාවල් බලන්න ගියේ නෑ. කෙලින්ම මගේ බැල්ම දැම්මේ කෑම එකට විතරයි. හපූ.... Order කරපු හින්දා කෑවට මොකද මීට වඩා අපේ අම්මගේ පොල් සම්බෝලෙ රසයි . සමහර කෑම මෙලෝ රහක් නෑ. මේ මිනිස්සු මෙච්චර සල්ලි දීලා මේ වගේ කෑම මොකට කනවද මන්දා🙄.

Random Love ✓Donde viven las historias. Descúbrelo ahora