Flashback
ඔන්න එදා තමා හා හා පුරා කියලා සෙශා university යන්න පටන් ගන්න දවස. ඉතින් සෙශා චනූ දෙන්නම උදේම නැගිටලා ලෑස්ති උනේ පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්න බැරි හින්දා. එදා සෙශා චනූ දෙන්නවම university එකට එක්කරගෙන ගියේ චනූගේ තාත්තා. ඒ දෙන්න්ව university එක ලඟින් බස්සලා චනූගේ තාත්තා එයාගේ රස්සාවට ගියා.
සෙශා නන් හිටියේ ටිකක් නෙමේ ගොඩක් බය වෙලා. මොකද චනූ ගියහම එයා තනියමනේ. වෙනදට කටර් එක වගේ කියවන සෙශාගේ කට අද හොඳටම වැහිලා. පොඩි එකෙක් වගේ චනූගේ පිටිපස්සෙන් ආවේ වටපිට බලන ගමන්. චනූ සෙශාවත් එක්කරගෙන ගිහින් first year ළමයි ඉන්න තැන පෙන්නුවා. මොනවා උනත් චනූටත් සෙශාව තනියම දාලා එන්නත් බයයි. ඒ උනාට කරන්න දෙයක් නෑනේ. චනූ එයාගේ lectures වලට යන්නත් ඕනි. ඒ විතරක් නෙමේනේ ඉතින්. සෙශා මේ පරිසරයට හැඩගැහෙන්නත් ඕනි නේ. ඉතින් සෙශාව එතන දාලා චනූ ආපහු ආවා එයාගේ යාලුවෝ ඉන්න තැනට.
චනූ යන වෙලාවේ නන් සෙශාගේ ඇස් වල කඳුලුත් පිරුනා. කට තිබ්බට ඉතින් හෙන බයයිනේ. සෙශා විතරක් නෙමෙයි එතන හිටපු ගොඩක් ළමයි බයෙන් තමා හිටියේ. මොකද ඒ හැමෝගෙම පලවෙනි දවසනේ මේ. ටික වෙලාවක් එයාලා එහෙම ඉන්නකොට එතනට ආපු university එකේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා ඒ හැමෝවම පිලිඅරගෙන එතනින් එක්කරගෙන ගියා. එයා කෙලින්ම ඒ අයව එක්කන් ගියේ එයාලට lectures තියන hall එකට. සෙශාලා යනකොට එතන කවුරුවත්ම හිටියේ නෑ. ඉතින් ළමයි එයාලට කැමති කැමති තැන් වලින් වාඩි උනා. සෙශා නන් ඉස්සරහටත් නැති පිටිපස්සටත් නැතුව මැද්දෙ හරියෙන් වාඩි උනා. පලවෙනි දවසනේ ඉතින්. සෑහෙන උනන්දුවකින් තමා එතන හිටපු හැමෝම වගේ lecture එක අහන් හිටියේ.
පැය එකහමාරකින් විතර පස්සේ සෙශාලගේ lecture එක ඉවර උනා. හැමෝම hall එකෙන් එලියට ආවා. සෙශා නන් වටපිට බලන්න ගියෙත් නෑ. කෙලින්ම බිම බලාගෙනම ඔහේ ආවා. කොහොම හරි චනූ සෙශාට එන්න කියපු තැනට නන් එන්න පුලුවන් උනා. සෙශා එතනට එනකොටත් චනූ එයාගේ lecture එක ඉවර වෙලා එතනට ඇවිත් සෙශා එනකන් බලන් හිටියා. චනූව දැකපු ගමන් සෙශා චනූ ළඟට ගිහින් එයාගේ අතකින් අල්ලගත්තා.
චනූ හිටියේ නන් තනියම නෙමේ. එයාගේ යාලුවෝ එක්ක. චනූ සෙශාට එයාගේ යාලුවන්වත් අඳුන්නලා දුන්නා. ඒ හැමෝම කලින්ම සෙශා ගැන දැනගෙනයි හිටියේ. ඒ විතරක් නෙමෙයි සෙශාත් චනූගේ යාලුවෝ ගැන දන්නවා. මොකද චනූ දෙපැත්තටම ඕපදූප ටික ගාණට සපයනවනේ. අලුතෙන් ආපු ගමන්ම යාලුවෝ ටිකක් මුණ ගැහුන එක ගැන නන් සෙශා සතුටින් හිටියේ. අලුත් යාලුවෝ එක්ක කයියක් දාගෙනම සෙට් එකම ගියේ කැන්ටින් එකට. එයාලා යනකොටත් පාර දෙපැත්තෙම වගේ ළමයි හිටියා.සෙශාලා යනකොට එක පාරටම කොල්ලෝ සෙට් එකක් පාර හරස් කලා.
YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...