එදා රෑ චනූ ජින් එක්ක කතා කළාට පස්සේ දැන් දවස් දෙක තුනක්ම ගත වෙලා තිබුණත් තාමත් සෙශාට දැනගන්න බැරි උනා චනූ ජින් එක්ක තමන්ට හොරෙන් කතා කළේ මොනවද කියලා. මොකද සෙශා ඒ ගැන අහපු හැමවෙලේකම චනූ කලේ හිමින්සීරුවේ සෙශාව මගඇරලා ගියපු එක. ඇත්තටම චනූ මොනවා ගැන වෙන්න ඇතිද ජින් එක්ක කතා කලේ??????? ඒ දේවල් කොහොම උනත් මේ දවස් දෙක තුන ඇතුළත චනූ සෙශා වගේම කායිත් අතර තිබුණ යාලුකම කලින්ටත් වඩා වැඩි උනා. ඇත්තටම ඉතින් චනූ නිසා තමා කායි එක්ක සෙශා කතා කරන්න පටන් ගත්තෙත්. නැත්තන් ඉතින් මුලින් මුලින් ලේසියකට සෙශා කායි එක්ක කතා කළේ නෑ. කොහෙද ඉතින් ලොකුකමනේ🙄. ඒ දවස් වල කායි හිතන් හිටියේ චනූ කෙසේ වෙතත් සෙශා නන් එහෙම ලොකුවට කතා බහ කරන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති කියලා. ඒත් ටික දවසක් යනකොට තමා අසරණ කායියට ඔක්කොම තේරුණේ. බලන් ගියහම චනූ හොඳයි කියලා කායිට වෙලාවකට හිතුණා සෙශා කියවන්න ගත්තම😅. ඒත් මෙතන අනික් අය නොදන්න තව රහස් යාලුකමකුත් ටිකෙන් ටික දළු දාලා කොළ දාලා මල් පිපිලා හැදෙන්න පටන් ගත්තා. මොකක් කියලද හිතන්නේ????? ඔව්ව්.... ඔව්ව්ව්...... චනූ taehyung යාලුකම තමා. මුලින්ම කතා කරපු දවසේ වලියට වගේ කතා කළාට මොකද දැන් නන් චනූ taehyung කියන්නේ දැන් හොඳම යාලුවෝ වගේ තමා. ඒ උනාට මේක ගැන දැනගෙන හිටියේ ඒ දෙන්නම විතරයි. වෙනදා වගේ නැතුව හැමවෙලාවකම වගේ taehyung මුල්ලකට වෙලා හිනා වෙවී phone එක දිහා බලන් ඉන්න එක අනික අයට ලොකු ප්‍රශ්ණයක් උනත් එයාලට ඒ ගැන හොයාගන්න හම්බුණේ නන් නෑ😉. තමන්ගේ ආදරණීය සහෝදර සමාගමේ හැටි දන්න නිසාම මොන මල කැඩුවත් taehyung හිටියේ හොඳ alert එකේ. කොයි වෙලාවේ phone එකට එබිලා ඒක උස්සන් යයිද කියන්න බෑනේ. ඒ තරමට විශ්වාසවන්ත සහෝදරයෝ ටික. taehyung විතරක් නෙමේ චනූටත් ඔය ලෙසම තමා ඉතින්. සෙශාට නන් වෙලාවකට ඒක නිසා තරහත් යනවා. මේ කතා කර කර ඉන්න මනුස්සයා එක පාරටම කියවන එක නතර කරලා phone එක දිහා බලාගෙන හිනා වෙනවා. ඇහුවට කියන්නෙත් නෑ. අදත් ඒ වගේ දවසක් තමා.
Seshaa's POV
මන් දැන් දවස් ගාණක් තිස්සේ බලන් ඉන්නේ මේ චනූවට මොකක් වෙලාද මන්දා කොයිවෙලේ බැලුවත් phone එකට එබීගෙන කොටනවා කොටනවා. ඒ මදිවට තනියම හිනා වෙනවත් එක්ක. ඇහුවම මොකක්ද කියලා කියන්නෙත් නෑ. දෙන්න හිතයි විසික් වෙන්න එකක්. ඉන්නකෝ ඉන්නකෝ මන් හොරේ අල්ලගන්න. ආවා මෙතන මට හොරෙන් මල් කඩන්න😐. university එකට ආවත් phone එකේමයි එල්ලිලා ඉන්නේ. වෙනදට කටර් එක වගේ කියවන කෙනා. දෙයියනේ මේකට කොල්ලෙක්වත් සෙට් වෙලාද???????? ඒත් ඉතින් එහෙම එකක් නන් මට නොකියා ඉන්නේ නෑනේ. හපූ🙊............. කායිශි එක්කද දන්නේ නෑ යාලු වෙලා ඉන්නේ. අහ්හ්හ්..... වෙන්න ඇති වෙන්න ඇති. ඒකනේ කායිශිව දැක්ක ගමන් උකුළු මුකුළු කරගෙන යන්නේ. හරියන්නේ නෑ මේක. කොහොම හරි හොයාගන්න ඕනි හොරේ මොකක්ද කියලා. එහෙම කොහොමද හොඳම යාලුවට හොරෙන් කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ.
YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...