𝕁𝕂'𝕤 𝕤𝕖𝕔𝕣𝕖𝕥

59 15 4
                                    

Author's POV

චනූ - මේ.............. කායිශි විතරක් නෙමෙයි. ජින්ස්සිත් කතා කලා.

සෙශා - අහ්හ්හ් ඉතින් ඉතින්......

ඒක ඇහුවම නන් ඉතින් සෙශාගේ තියන ආමි ගතිගුණ ඔක්කොම එකපාර එලියට පැන්නා. කාටද අනේ තමන්ගේ බයස්ගෙන් මෙහෙම කෝල් එන්නේ🤭.

චනූ - හම්මෝ..... මෙයා බලන්නකෝ😂 මට බොරුවට කෑ ගැහුවට ජින් ඔප්පගේ නම කිව්වත් ඇති. යකෙක් ගැහුවා වගේ එක පාරට කෑ ගහන්නේ...... මගේ ඉස්සරහ බොරු සෝබනේ දාන්නේ අකමැති වගේ.

සෙශා - අනේ මේ මගේ ඇති කැමැත්තක් නෑ. එයා කිව්වේ මොනවද කියලා ඔයා කියනවා නන් කියන්න කියන්න කැමති නැත්තන් කියන්න එපා.

චනූ - හහ්..... මෙයාගේ ගණන්😂. හරි, මේ අහන්න සෙශූ, ඔයා මුලින්ම මේක තේරුන් ගන්න. මන් මේකට උදව් කරන්නේ මට තේයුන්ග්ශි අනික් අයයි කියපු දේවල් වලින් මට හිතෙනවා ජින්ස්සි ඔයාට ඇත්තටම ආදරෙයි කියලා. මන් මේ දේට උදව් කරන්න එක හේතුවක් තමා ඒක. අනික් හේතුව තමා මට මේ හැමදේටම වඩා ඔයාවයි වටින්නේ. ඒක ඔයා හොඳට මතක තියාගන්න. මන් කිසිම වෙලාවක ඔයාට කරදරයක් වෙන දෙයක් කොහොමටවත්ම කරන්නේ නෑ. අහන්නකෝ....... මට හිතෙන විදිහට ජින් ඔප්පා ඇත්තටම ඔයාට කැමති.

සෙශා - හරි චනූ ඔයා කියන එක මට තේරෙනවා. ඒ උනාට මේක අනවශ්‍ය ප්‍රශ්ණයක් නේද??? ඔයාට තේරෙනවනේ මන් කියන එක.

චනූ - එහෙම වෙන්නේ නෑ කියලා එයාලා මට පොරොන්දු උනා.

සෙශා - කවුද කියන්නේ චනූ පොරොන්දු තියෙන්නේ රකින්නම කියලා😏.....

චනූ - හරි මේ අහන්නකෝ. අපි ජින් ඔප්පා එක්ක කතා කරලා බලමු නේද මේ ගැන. එයාටත් මොනවා හරි කියන්න දෙයක් ඇතිනේ.

සෙශා - මට එයා කියන කිසිම දෙයක් අහන්න ඕනි නෑ. එදා ම මන් තේරුන් ගත්තා මිනිස්සු කියන්නේ පිටට පෙන්නනවට වඩා ගොඩක් වෙනස් කට්ටියක් කියලා. තවත් කතා කරන්න දෙයක් නෑ ඒක ගැන.

මේ වෙලාවේ චනූගේ අම්මා පහල ඉඳන් යාලුවෝ දෙන්නට කතා කලා කෑම කන්න එන්න කියලා. ඒ උනාට සෙශා ඉන්න විදිහත් එක්ක අද කෑම මේසෙට ගියොත් අනිවාරෙන්ම අම්මලට අහු වෙනවා මේ දෙන්නා ඉන්නේ මොකක්ම හරි ප්‍රශ්ණෙක කියලා. සෙශා ඉන්නේ නිකන් දාහට අරන් සීයට දීලා වගේනේ. මූණත් තහඩුව එල්ලන් ඉන්න විදිහට අම්මටයි තාත්තටයි විතරක් නෙමේ, සෙශාව දකින ඕනි කෙනෙකුට ඒක තේරෙනවා. ඒක නිසා චනූ සෙශාට කාමරේම ඉන්න කියලා එයා පහළට ආවා.

Random Love ✓Where stories live. Discover now