𝕠𝕨𝕟𝕖𝕣 𝕠𝕗 𝕥𝕙𝕖 𝕦𝕟𝕜𝕟𝕠𝕨𝕟 𝕟𝕦𝕞𝕓𝕖𝕣

47 11 2
                                    

Jin's POV

මන් කට්ටියටම කෑම හදලා මේසෙට ඇරලා දීලා කොහොමහරි යන්තන් කාමරේට රිංගගත්තා. කාමරේට ආපු ගමන් මන් කලේ දොර ඇතුලෙන් ලොක් කරපු එක. මොකද මේ වෙලාවේ මට ඕනි උනේ ටිකක් තනියම ඉන්න. කාත් එක්කවත් කතා කරන්න තරන් මූඩ් එකක් මට තිබුනේ නෑ. අනික මගේ ප්‍රශ්න අනික් අයට දෙන්නත් මට ඕනි උනේ නෑ. කාමරේට ඇවිත් ඇඳ උඩින් වාඩි වෙලා මන් කල්පනා කලේ අද දවසේ සිද්ද උන දේවල් ගැන. ඒ හැම එකක්ම මට චිත්‍රපටියක් වගේ මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා.

සෙශා චනූගේ අතේ එල්ලිලා restuarent එක ඇතුළට එනකොට මට කොච්චර සතුටු හිතුනද කියලා දන්නේ මන් විතරයි. දවස් කීපයක්ම දුරින් ඉඳන් සෙශා දිහා බලන් හිටියට අද තමා හරියටම දැක්කේ. එයා මට සමාව දුන්නට පස්සේ මන් හිතුවේ හැමදේම හරි ගියා කියලා. ඒත් එහෙම උනේ නෑ. එක තප්පරයකින්......... එකම එක තප්පරයකින්..... හැමදේම කනපිට හැරුනා. සෙශාට මට අකමැති වෙන්න තරන් මගේ තියන අඩුපාඩුව මොකක්ද???? හරි එයා මට අකමැති නන් බලෙන් මට ආදරේ කරන්න ඕනි නෑ. ඒත් මට දැනගන්න ඕනි උනේ සෙශා මට අකමැති උන හේතුව මොකක්ද කියන එක. ශික්...... මට කායිගෙන් සෙශාගේ හරි එයාගේ යාලුවගේ හරි නම්බර් එක ඉල්ල ගන්න බැරි උනානේ. ඒත් සමහරවිට මන් කතා කලාට සෙශා මාත් එක්ක කතා කරන්න කැමති වෙන්නේ නැති වෙයි. ආයිශ්.................. මට බෑ අෆ්ෆා. ඇයි එයා මට අකමැති උනේ😐....... මන් දන්නේ නෑ දැන් නන් මට පිස්සු වගේ.

"ටොක් ටොක් ටොක්"

ඒ සැරේ කවුද මගේ මනෝ ලෝකේ බිඳලා දාන්න ආපු එකා. මන් ඉක්මන්ට ඇඳෙන් බැහැලා ගියේ කවුද මේ  දොර කඩන්න වගේ දොරට තට්ටූ කරන එකාව බලන්න. අහ්හ්.... මේ නාම්ජූනිනේ. කෑම පිඟානකුත් අරන් දොර ඉස්සරහට වෙලා ඩිම්පලේ පේන්න හිනා වෙවී. මන් දොර සම්පුර්ණෙන්ම ඇරලා නම්ජූන්ට කාමරේට එන්න ඉඩ දුන්නා. ජූනි කාමරේට ආවට පස්සේ දොරත් හොඳට වැහුවා. කලින් දවසක් මතකනේ. ජූනි මාත් එක්ක කතා කර කර ඉන්නකොට පොඩි කට්ටිය කාමරේ ඇතුළට කඩන් පැන්නා. හම්මෝ....... එදා නන් ජූනිට හොඳටම තරහ ගියා. අදත් එහ්ව්ම එකක් උනොත් නන් ජූනිගෙන් බැනුන් අහලා විතරක් බේරෙන්න වෙන්නේ නෑ. මන් දොරත් හොඳට වහලා ඇවිල්ලා ඇඳ උෆින් වාඩි උනේ ජූනි එක්ක කතා කරන්න. ජූනි කාමරේ තිබ්බ මේසයක් උඩින් කෑම එක තියලා පුටුවක් උඩින් වාඩි වෙලා මගේ දිහා බලන් ඉන්නවා. මන් එයා දිහා බලනකොටම ජූනි කෑම පිඟාන අතින් ඉස්සරහට තල්ලු කලා.

Random Love ✓Where stories live. Discover now