Rm's POV
නිදාගෙන හිටපු මන් එක පාරටම ඇහැරුනේ බය වෙලා වගේ. මොන හේතුවකට ඇහැරුනාද කියන්න මට තේරුනෙත් නෑ. වේලාසන ඇහැරුන එකේ මන් කෙලින්ම bathroom එකට ගිහින් මූණ හෝදගෙන එහෙම ලෑස්ති උනා. අද practice යන්නත් ඕනිනේ. ලෑස්ති වෙලා මන් පහලට යන්න හැදුවේ ජින් හියුන් උයනවා නන් ටිකක් උදව් කරන්න කියලා හිතාගෙන. කොයිකටත් කියලා කාමරේ දොර ඇරලා ඔලුව එළියට දාලා බැලුවේ එලියේ light එකක්වත් දාලා තියනවද කියලා. ඒත් මුලු ගේම කලුවරයි. හෑ...... හියුන් නැගිට්ටා නන් light on කරලා තියෙන්න ඕනිනේ. එතකොට හියුන් තාම නැගිටලා නැද්ද??? පොඩ්ඩක් ඉන්න.. මන් phone එක අතට අරන් බැලුවේ දැන් වෙලාව කීයද කියලා. යකෝ.......හතත් පහු වෙලා. ඒක තමා මට ඇහැරුනේ. ඒත් හියුන් ඇයි තාම නැගිටලා නැත්තේ. එයානේ කලින්ම ඇහැරෙන්න ඕනි. අද practice යන්නත් තියනවා නේද???
මන් කෙලින්ම දුවගෙන ගියේ ජින් හියුන්ගේ කාමරේට. දොරට තට්ටු කරලා කතා කලත් හියුන් උත්තරයක් දුන්නේ නැති හින්දා මන් දොර ඇරගෙන ඇතුළට ගියා. මෙන්න හියුන් කොට්ටෙත් බදාගෙන හොඳටම නිදි. හම්මේ... මූණේ මල් මල් හිනාවකුත් තියනවා. හීනයක් බලනවද කොහෙද😂😂😂. හියුන් ඉන්න විදිහට හිනා යනවා අෆ්ෆා. ආයිශ්..... ඕ වැදගත්ම දේ අමතක උනානේ. Photo එකක් ගන්න ඕනි. පස්සේ දවසක පෙන්නන්න පුලුවන්නේ.මන් ඉක්මන් කරලා හියුන්ගේ photo දෙක තුනක් ගත්තා. පැණි හිනාව😂😂. අනිවාරෙන් ඔය දකිනවා ඇත්තේ අර ගෑණු ලමයා ඉන්න හීනයක් වෙන්න ඕනි. හිනා වෙවී ඉඳලා හරියන්නේ නෑ practice යන්නත් ඕනිනේ. මන් ඒක නිසා හියුන්ට කතා කලා.
Rm-හියුන් හියුන් කෝ නැගිටින්න හියුන්... අද practice යන්නේ නැද්ද??? හියූන්න්න්න්න්.... නැගිටින්ඩෝ...............
කන ඇහෙන්නේ නැද්ද මන්දා. මන් බෙඩ්ශීට එක ඇදලා බිමට දැම්මා. ඒත් ගාණක් නෑ. මන් ඒ සැරේ හියුන් බදාගෙන ඉන්න කොට්ටෙන් ඇද්දා. ඒකට න්න් පොඩි රිඇක්ශන් එකක් තිබ්බා. මන් කොට්ටේ ඇද්දා උනාට හියුන් ඒක ආය ඇදලා අරන් බදාගත්තේ මොනවා හරි මුමුණන ගමන්. ඒ උනාට ඒ කියපු එක මට ඇහුනේ නැති හින්දා මන් ආපහු සැරයක් ඇහුවා හියුන් මොකක්ද කිව්වේ කියලා. ඒකටත් උත්තරයක් නෑ. මේක මාර නින්දක්නේ. මන් ආපහු සැරයක් හයියෙන්ම කොට්ටේ ඇදලා ගත්තා. ඒ සැරේ නන් කොට්ටේ උඩින් විසික් වෙලා ගිහින් කාමරේ මුල්ලකට වැටුනා. ඒත් එක්කම ජින් හියුන් එක පාරටම කෑ ගහගෙන නැගිට්ටා.

DU LIEST GERADE
Random Love ✓
Sonstiges🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...