Author's POV
ජින් interview එකට ගියත් එතන හිටියේ එක හිතකින් නෙමෙයි. එයාට තිබුන ලොකුම ප්රශ්නේ උනේ සෙශා ඇයි එයාට අකමැති කියන එක. මොකද ජින් හිතුවෙම එයාට සෙශා කැමතියි කියලා. කවුද දෙවියනේ තමන්ගෙම bias ට අකමැති වෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ගෙන් මෙහෙම යෝජනාවක් ආවම අකමැති වෙන්නේ කවුද??? වෙන කෙල්ලෙක් නන් පැනලා හා කියයි.
interview එකේදි ජින් හිටපු විදිහෙන් බෑන්ඩ් එකේ ඔක්කොටම තේරුනා සෙශා මුණ ගැහෙන්න කියලා ගියපු වැඩේ හරි ගිහින් නෑ කියන එක. ඒත් ඒක එතනදි අහන්න බෑනේ. කොහොම උනත් මේ අවුල එතනට ඇවිල්ලා හිටපු අයට නන් වැඩිය ගාණක් උනේ නෑ. මොකද නම්ජූන් එයාලට කියලා තිබුනේ ජින්ට හදිස්සියේම පොඩ්ඩක් අසනීප වෙලා තේයුන්ගා එක්ක ඩොක්ට කෙනෙක් හම්බවෙන්න ගියා කියලා(කොහෙන් එන බොරුද මන්දා😂). ඒක නිසා එතනට ඇවිල්ලා හිටපු අය හිතුවේ ජින් අසනීප වෙලා ඉන්න හින්දා මෙහෙම ඉන්නවා කියලා.
කොහොමින් කොහොම හරි පැය ගාණකට පස්සේ interview එක ඉවර උනා. ඔක්කොම කට්ටිය interview එක ඉවර වෙලා එතනින් එළියට එනකොට අසරණ කායියට කාර් එකේම නින්ද ගිහින්. පව් අසරණයා අනුන්ගේ ලව් හින්දා නොවිඳිනා දුක් විඳිනවා😂. interview එක ඉවර වෙලාවත් නම්ජූන්වත් බෑන්ඩ් එකේ වෙන කෙනෙක්වත් ජින්ගෙන් කලින් restuarent එකේදි උනේ මොනවද කියලා ඇහුවේ නෑ. වෙනදට ඕනේ එකයි එපා එකයි හැමදේටම හොට දාන maknae line එකත් අද පාඩුවේ හිටියා. interview එක ඉවර වෙලා ආපහු dorm එකට යනකොට ජින්ව පොඩි කට්ටියයි හොබී එක්කයි driver කෙනෙක් එක්ක වෑන් එකේ යවපු නම්ජූන් සුගා කායි එක්ක කාර් එකේ එයාලා තනියම පිටත් උනා. bodyguard කෙනෙක්වත් driver කෙනෙක්වත් නැතුව තමා එයාලා ගියේ. driver ලා එක්කරන් ගිහින් ඔයා මගුල් ගැන කියෙව්වැහැකියෑ. කට්ටියව වෑන් එකේ එකට යවන්න කලින් නම්ජූන් අනික් අයව වෙනම අරන් ජින්ගෙන් අද උදේ සිද්ද උන මුකුත්ම අහන්න එපා කියලා කිව්වා. ඒ වගේම පුලුවන් තරන් ජින්ගේ මූඩ් එක ෆික්ස් කරන්න ට්රයි කරන්න කියලා කිව්වා. හොබීගේ ටකරන් හිනාවයි පොඩි කට්ටියගේ පිස්සු වැඩ වලටයි අනිවාරෙන් ජින්ගේ හිත පොඩ්ඩක් හරි හැදෙයි කියලා බලාපොරොත්තුවක් නම්ජූන්ට තිබුනා. ඒකයි නම්ජූන් එහෙම කලේ. එයාල ගියපු වෑන් එකට ඉස්සර වෙලා යන්න කියලා නම්ජූන් කායි සුගා තුන්දෙනා කාර් එක ඊටපස්සේ පිටත් උනා. ඊළඟට dorm එකට යන අතරමගදි නවත්තලා මේ ගැන කතා කරන්න පටන් ගත්තා.

YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...