Author's POV
ඔන්න ඉතින් කාලේ මෙහෙම ගත වෙලා ගිහින් gang leader😈 මිනිස්සුන්ව මාරු කරන්න එන්න කියපු දවස නන් උදා උනා. එදා උදේ පාන්දරම වගේ gang leader video එකක් එවලා තිබුනා. මොකද කලින් එවපු video එකකදිවත් gang leader මිනිස්සුන්ව මාරු කරන්න එන්න තැනක්වත් වෙලාවක්වත් හරියටම කිව්වේ නෑනේ. ඉතින් මේ එවපු video එකෙන් එයා කියලා තිබුනා මිනිස්සුන්ව මාරු කරන්න එයාලව එක්කරගෙන එන්න ඕනි අදාල තැනයි වෙලාවයි. ඒ වගේම විශේශයෙන්ම එයා ඒ video එකෙන් කියපු දේ තමයි මොකක් හරි plan එකක් දාලා එයාලගේ කණඩායමේ අයව නිදහස් කරන්නේ නැතුව ප්රාණ ඇපයට තියන් ඉන්න මිනිස්සුන්ව විතරක් බේරගන්න හැදුවොත් ඒ ප්රාණ ඇපයට තියන් ඉන්න අයව මරණවා කියන එක . එයා ඒ දේ video එකේ දි කීප සැරයක් ම විශේෂ කරල ම කිව්වා.
gang leader😈 ට නන් තමන්ගේ plan එක හරියටම හරියයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුනා. මොකද එයා මේ plan එක හදන්න ගොඩක් මහන්සි උනා. මේ විදිහට මෙහෙම මිනිස්සු අරන් යන plane එකක් පැහැරගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ plan එක මෙහෙම හරි ගියේ gang leader හින්දම විතරක් නෙමෙයි. Gang leader වගේම ඒ mafia team එකේ හැමෝම මේ වෙනුවෙන් ගොඩක් මහන්සි උනා. මොකද හැමෝටම තමන්ගේ කණ්ඩායමෙන් අල්ලගෙන ඉන්න සාමාජිකයෝ ටික බේරගන්න ලොකු උවමනාවක් තිබ්බා. මේ plan එක හරි ගියේ නැත්තන් ඉතින් gang leader ගේ මාස ගානක මහන්සිය වගේම mafia එකේ අනික් අයගෙත් මහන්සිය අපරාදේ. ඒ විතරක් නෙමෙයි මේක හරි ගියේ නැත්තන් එයාලාට ආය මේ වගේ අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ කියලා එයාලා දැනන් හිටියා.
කොච්චර මහන්සි උනත් ඉතින් එයාලගේ වෙලාව නන් එච්චර හොඳ නෑ😜. මොකද කවුරුවත් හීනෙකින්වත් හිතන දෙයක්ද මෙහෙම world famous artist කෙනෙක් හැමෝටම හොරෙන් plane එකක economy class එකේ යයි කියන එක. ඒකත් ඉතින් අහම්බෙන් සිද්ද උන දෙයක්නේ. හැබැයි ඉතින් මොනවා උනත් අහම්බෙන් හරි එහෙම උන එක හොඳයි නේද??? Jin මෙහෙම නොගියා නන් කීයටවත් හමුදාවේ නිලධාරීන් ට මේ මිනිස්සුන්ව ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. එහෙම උනා නන් gang leader ගේ plan එක හරියටම හරියනවා. එහෙනන් හමුදාවේ අයට gang leader කියන විදිහට gang එකේ අයව නිදහස් කරලා තමයි අනික් අයව නිදහස් කරගන්න වෙන්නේ. ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි වෙලාව ගත වෙලා ගියා. හමුදාවේ අයත් gang leader ගේ වීඩියෝ එක ඇවිල්ලා ටික වෙලාවකින් හිරකාරයන්වත් අරන් gang leader😈 කියපු තැනට පිටත් උනා.
BẠN ĐANG ĐỌC
Random Love ✓
Ngẫu nhiên🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...