𝕀𝕤 𝕚𝕥 𝕓𝕒𝕕 𝕥𝕙𝕚𝕟𝕘???

61 11 13
                                    

Author s POV

නම්ජූන් චනූ එක්ක කතා කරලා ඉවර උනාට පස්සේ කෝල් එක කට් කරලා කායිගේ අතට ආපහු එයාගේ phone එක දුන්නා. එවෙලේ නම්ජුන්ගේ මූණෙ නන් තිබුනේ එච්චර හොඳ පෙනුමක් නන් නෙමෙයි. ටික වෙලාවක් යනකන් කට්ටිය අතරේ තිබුන නිශ්ශ්බ්දතාවය දරාගන්න බැරිම තැන සුගා මුලින්ම කතා කලා.

suga- මොකක්ද ජූනි එයා කියන්නේ??

rm- අනේ මන්දා හියුන්. මේ ප්‍රශ්නේ විසඳන්න මට තේරෙන්නේ නෑ. ඔක්කොටම කලින් අපි ඒ දෙන්නගේ අදහස් දැනගන්න ඕනි. දැන් මෙතන උන කිසිම දෙයක් කවුරුවත් දන්නේ නෑ. ඒක දන්නේ සෙශා ජින් දෙන්නා විතරයි. එයාලගෙන්ම අහලා තමා මේ ගැන දැනගන්න වෙන්නේ.

kai- ඔව්ව්..... මුකුත් දන්නේ නැතුව අපිට මේ ගැන කතා කරන්න බෑනේ. ඉස්සෙල්ලම උනේ මොකක්ද කියලා හොයා ගමු.

suga- හම්ම්...... මේ ඒක නෙමේ සෙශා ලෙඩ වෙලා කියලා කිව්වා නේද???

rm- මන් ඇහුවා ඒ උනාට එයා හරියට ඒ ගැන මුකුත් කිව්වේ නෑ. එච්චර හිත හොඳකින් නෙමේ අනික කතා කලෙත්. මන් ඒක නිසා වැඩිය අහන්න ගියේ නෑ.

kai- එකනේ මන් මුලින්ම කිව්වෙ. එයා අපි එක්ක තරහ ගිහින් ඉන්නේ.

rm- චනූ කියන්නෙම එයාට හැමදේටම වඩා එයාගේ යාලුවව වටිනවා කියන එක.

kai- ඔව්ව්ව් මටත් කිව්වේ ඒකම තමා.

suga- එක අතකින් මේ ගැණු ළමයි දෙන්නා හරි පුදුමයි නේද??? වෙන අය නන් මෙහෙම නෑනේ. ලෝකෙම දන්න idol කෙනෙක්ගෙන් මෙහෙම යෝජනාවක් ආවම අහලා ඉවර කරන්න කලින් කැමති වෙනවා. ඒත් මෙයාලා එහෙම නෑ. ඔය සෙශා කියන කෙනාගේ bias අපේ ජින් හියුන්මලු. එහෙම එකේ එයා අකමැති වෙන හේතුවක් මට නන් හිතාගන්න බෑ. එයාලා හිතන විදිහ හරි වෙනස්. අනික සෙශාගේ යාලුවා. ඇත්තටම එහෙම යාලුවෝ හරි අඩුයි. එයා එයාගේ යාලුවා වෙනුවෙන් හැමවෙලේම පෙනී ඉන්නවා. වෙන කෙනෙක් නන් බලෙන් හරි තමන්ගේ යාලුවව මේකට කැමති කරවනවනේ.

rm- හම්ම්....... ඒක නන් ඇත්ත.

suga- .මොකද කරන්නේ. අපි දැන් යමුද?? අර හතරදෙනා මොන පිස්සුවක් නටලද දන්නේ නෑ. ජින් හියුන්ට තියන ප්‍රශ්ණ තව ටිකක් වැඩි කරලා ඇති.

Random Love ✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin