@Bts dorm
Jin's POV
හම්මෝ....... ඇඳ උඩට වැටුනම තියන සනීපේ😋. සති අන්තේ නිවාඩුයි කිව්වට මොකද හදිස්සියේම අපිට photo shoot එකක් කරන්න උනා. ඒක නිසා නිවාඩුවේ පළවෙනි දවස සම්පූර්ණයෙන් ම ඒකට වෙන් කරන්න උනා. දෙයියනේ කියලා දෙවනි දවසට නන් ඒ කියන්නේ අද නන් මුකුත්ම වැඩක් වැටුනේ නෑ. ඒක නිසා අද අපි ඔක්කොම dorm එකට වෙලා නිදහසේ හිටියා. උදේම කට්ටිය එක්ක film එකක් එහෙම බලලා කෑම කාලා එහෙම මන් තනියම මගේ කාමරේට ආවේ පොඩ්ඩක් නිදාගන්න💤 කියලා හිතාගෙන. ඒත් නින්ද ගියේ නැති හින්දා මන් ඔහේ ඇඳ උඩ ඇලවෙලා සිවිලිම දිහා බලන් හිටියා.
"ටොක් ටොක් ටොක්"
කවුද අප්පා ඒ සැරේ දොරට තට්ටු කරන්නේ. මන් කම්මැලිකමේම ගිහින් දොර බාගෙටඇරලා ඔලුව එලියට දාලා බැලුවා. ආ........ මේ ජූනියනේ. ඔය ඉන්නේ ඩිම්පලේ පේන්න හිනාව දාගෙන.
Jin - අහ්හ්හ්....... ජූනි මන් හිතුවේ කුකී වෙන්න ඇති කියලා😁.
Rm - නෑ හියුන් මන් මේ ආවේ පොඩ්ඩක් හියුන් එක්ක කතා කරන්න කියලා.
Jin - අහ්හ්හ්...... එන්න එන්න
මන් එහෙම කියලා කාමරේ දොර සම්පූර්ණෙන්ම ඇරලා ජූන්ට එන්න දුන්නා. මේකා මටත් පනාව දාගෙනම ගිහින් කාමරේ තිබුන සෝෆා එකෙන් වාඩි උනා. මේ හිනාව නන් මට එච්චර ඇල්ලුවේ නෑ. මොකක් හරි කුස්සියේ බඩුවක් මුට්ටුවක්වත් කඩලද දන්නේ නෑ. එහෙම උනොත් නන් මන් මේකා dorm එකේ ඉන්න වෙලාවට අතපය ගැට ගහලා කාමරේක දාලා තියනවා😑. ඇයි යකෝ.... හැමදාම මොකක් හරි දෙයක් කඩලා බිඳලා දානවා.
Rm - මොකද හියුන් ඔතන ඉඳන් මට රවන්නේ........ බය වෙන්න එපා මන් ඔයාගේ මොනවත් කැඩුවේ නෑ😂.
හෑ......... ජූනියා එහෙම කිව්වම මගේ ඇස් දෙකත් උඩ ගියා. යකෝ........ මන් හිතනවා සද්දේ වැඩිද කොහෙද???? ඊළඟ සැරේ ටිකක් සද්දේ අඩුවෙන් හිතන්න ඕනි.
Jin - ඔයා කොහොමද මන් එහෙම එකක් හිතුවා කියලා දන්නේ...... මන් ඒක හිතුවා විතරනේ... මන් හිතපුවා ඔයාට ඇහුනද?????
Rm - නෑ නෑ හියුන් මගේ දිහා කන්න වගේ බලන් හිටපු හින්දා මට එහෙම හිතුනා. හැමදාම මගේ අතින් මොකක් හරි කුඩුපට්ටන් වෙලා ගියහම හියුන් මට දාන්නේ ඔය බැල්මට් එකනේ😂😂.
VOUS LISEZ
Random Love ✓
Aléatoire🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...