Chanu's POV
මන් මුලින්ම දවසේ නන් කායිශි කියන ඒවා විශ්වාස කලේ නැති උනාට තේයුන්ග්ශි ඇවිල්ලා කතා කලාට පස්සේ නන් ඒ දේවල් ඇත්ත වෙන්න ඇති කියලා හිතුනා. ඔව්ව් ඉතින් ඇත්ත වෙන්න එපැයි. අනික ටික වෙලාවකට පස්සේ ඉතින් අනික් අයත් ආවනේ. ඇත්ත තමා එහෙනන් මේ කියන්නේ. හම්මෝ..... මගේ යාලුවට බැල්ම දාන්නේ එසේ මෙසේ කෙනෙක් නන් නෙමෙයි. එහෙනම් ඒක තමා සාම්ත සෙශා මේ දවස් ටිකේ බටස ගැන කතා කරනකොට සද්දයක් නැතුව හිටියේ. මේකව තියන්න වටින්නේ නෑනේ. සික්.. ජින් ඔප්පව හම්බුනා කිව්වා නන් කට ගෙවෙනවද🙄???
කොහොම උනත් එක අතකින් මට මේවට උදව් කරන්න බයයි. මන් ගැන පස්සේ හිතමුකෝ. ඒත් සෙශා..... මන් නන් උදව් කරනවා විතරයි. සෙශාට නේ ලොකුම ප්රශ්ණේ වෙන්නේ. මොකද එයාලා මුලු ලෝකෙම ගොඩක් ප්රසිද්ධ අය. අපි ගැන ඉතින් දන්නේ අපිම තමා🥲. අනික අපේ රටේ තියන සිරිත් විරිත් සම්ප්රදායන් වගේ දේවල් ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ රටේ සංස්කෘතියයි අපේ රටේ සංස්කෘතියයි කියන්නේ සම්පූර්ණෙන්න්ම වෙනස් දෙකක්. ඉස්සරහට මොන මොන ප්රශ්ණ ඇති වෙයිද දන්නේ නෑ. මන් එයාලට මේකට උදව් කරන්න බෑ කිව්වේ ඒ නිසාමයි. මගේ යාලුවට කිසිම විදිහක ප්රශ්ණයක් ඇති වෙන්න දෙන්නත් බෑ. තේයුන්ග්ශි අනික් අයයි කිව්වේ නන් ප්රශ්ණයක් වෙන්නේ නෑ කියලා. ඒ උනාට අනේ මන්දා...... අනාගතේ වෙන දේවල් ගැන කාටවත් කියන්න බෑනේ හරියටම. ඉතින් පුලුවන් තරන් ප්රශ්ණ මගෑරලා ජීවත් වෙන එක තමා හොඳම වැඩේ. ඒත් එයාලා මේ ගැන කතා කරපු විදිහට මට පොඩීම පොඩි විශ්වාසෙකුත් ඇති උනා.
මන් කොච්චර කැමති ආදරේ කරන බෑන්ඩ් එක උනත් එහෙමයි කියලා මට මගේ යාලුවගේ ජීවිතේට ප්රශ්ණයක් ඇති වෙන්න දෙන්න බෑනේ. මොන දේටත් වඩා මට මගේ යාලුවව වටිනවා. කොහොමින් කොහොම හරි මන් එයාලා එක්ක කතා කරලා ඉවර වෙනකොට දන්නෙම නැතුව හුඟක් වෙලාවත් ගිහින්. දැන් නන් මගේ lecture එක පටන් අරනුත් ඇති.lecture එකක් මැද්දෙන් යන්න බෑනේ. ඒක නිසා මන් ගියේ නෑ. මන් විතරක් නෙමෙයි කායිශිත් එයාගේ lectures මගෑරගෙනද කොහෙද මේවට උදව් කරන්නේ🤭. අනික ඉතින් මගේ වන් ඇන්ඩ් ඔන්ලි බයස් ඔප්පත් මෙතන ඉන්න එකේ දාලා යන්න හිත දෙන්නෙත් නෑ. කොහොමත් සෙශාවයි ජින් වයි මුණ ගස්සවන්න ප්ලෑන් එකක් හදන්නත් ඕනිනේ. ඒ ගැන තමා අපි වැඩිපුරම වෙලා කතා කර කර හිටියේ.

YOU ARE READING
Random Love ✓
Random🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...