𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕨𝕚𝕥𝕙 𝕓𝕖𝕤𝕥𝕗𝕣𝕚𝕖𝕟𝕕_𝕕𝕒𝕪 2

74 21 16
                                    

Sesha's POV

පලවෙනි දවසේ හැමතැනම ඇවිදලා නටලා දඟලලා ගෙදර ආපු හින්දා අපි දෙන්නට හොඳටම නින්ද ගියා. උදේ නැගිටිනකොට ගොඩක් පරක්කු වෙලා. කලින් දවසේ කතා උනේ නන් පාන්දරම නැගිටලා ඇවිදින්න යමු කියලා. ඒ උනාට ඉතින් නිදාගන්න ගියහම ඕවා මතක කාටද??? කොහොම උනත් ඉතින් මන් තමා මුලින ඇහැරුනේ. නැගිටපු ගමන් phone එකට අත යන පුරුද්දට පිංසිද්ද වෙන්න, වෙලාව දැක්කම මට තරු පෙනුනා. අපි කතා උනේ පාන්දර 6 ට නැගිටින්න. දැන් වෙලාව 8 යි. වෙලාව දැකපු ගමන් මන් ඇඳෙන් පැනලා කෙලින්ම ගියේ චනුවගේ ඇඳ ළඟට. චනුවා නන් ගෙම්බා පොලේ ගැහුවා වගේ නිදි. පශ්චාත් ප්‍රදේශයට ඉර එළියත් වැටිලා😂. මන් චනුවා පොරවන් හිටපු බෙඩ්ශිට් එක ඇදලා දැම්මේ "නැගිටපා.......න්" කියලා කෑ ගහගෙනමයි. මගේ ටින්බෙලෙක්ක සද්දෙට චනූ අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා.

චනූ- මොකද ඕයි බෙරිහන් දෙන්නේ???

සෙශා- දැන් වෙලාව බලනවා මෝඩයෝ. අටත් පහු වෙලා.

චනූ- මොකක්???

මන් වෙලාව කිව්වම නන් චනූගේ ඇස් දෙක ටොම්බ සයිස් උනා. ඔව්ව් ඉතින් නැගිටින්න කතා උන වෙලාවට වඩා පැය දෙකක්ම පරක්කුයිනේ.

සෙශා- ඔව්ව්......

චනූ- ඒ යමන් යමන් ලෑස්ති වෙන්න. දවල් උනහම අව්ව සැරයි. එහෙම උනොත් අපිට පයින් යන්න අමාරු වෙයි.

සෙශා- හා හා යමු යමු.

අපි ගිහින් මූණ කට හෝදගෙන ලෑස්ති වෙන්න කණ්නාඩි මේසේ ගාවට ආවම තමා දැක්කේ ඒකේ sticky note එකක් අලවලා තියනවා. ඒක ලියලා තිබ්බේ චනූගේ අම්මා.

'මට අද උදේම යන්න වෙනවා. අපි දොර යතුරෙන් ලොක් කරලා යන්නන්. ඔයාලා ගාවත් යතුරක් තියනවනේ. තව දෙයක් පහල කෑම ලෑස්ති කරලා තියෙන්නේ. යන දිහාවක කාලා යන්න අනිවාරෙන්. අනික් එක ඉක්මන්ට ගෙදර එන්න රෑ වෙන්නේ නැතුව.'

ඒක කියෙව්වම අපි දෙන්නට මූණට මූණ බැලුනා. මදෑ චනුවගේ අම්මා එක්ක කාර් එකේ යන්න හිටියා. දැන් ඉතින් බස් එකේ තමා. විනාඩි පහක් විතර යනකොට අපි දෙන්නට ලෑස්ති වෙන්න පුලුවන් උනා. පහලට එනකොට කෑම මේසේ කෑම ලෑස්ති කරලා. පෑන් කේක් 😍😍😍..... දැක්කම කටට කෙලත් ආවා. මෙහෙම කෑමක් මගෑරලා යන්න පුලුවන් කාටද??? අපි දෙන්නත් එක්ක බඩ පැලෙන්නම කාලා ඉවර වෙලා තමා ගෙදරින් පිටත් උනේ. දැන් ඉතිඔන් කොහොමත් පරක්කු වෙලානේ. කට්ට අව්වෙම තමා ඇවිදින්න යන්න වෙන්නේ. ආය ටැක්සි එකක් අරන් ගියාට වැඩක් නෑ. ඒක නිසා අපි බස් එකක් එනකන් බලන් ඉඳලා බස් එකේම ගියා. අපි ගිහින් මගින් බහින්න ඕනි තැනින් බැහැලා පයින් යන්න පටන් ගත්තා.

Random Love ✓Tempat cerita menjadi hidup. Temukan sekarang