𝔻𝕠𝕟'𝕥 𝕝𝕖𝕒𝕧𝕖 𝕞𝕖

55 10 6
                                    

Author's POV

සෙශා මුලින්ම එනකොට වීරයා වගේ ආවත් ඇතුළට ආවට පස්සේ චනූ එනකන් ඉඳලා එයාව ඉස්සර කරන් තමා ගියේ. කට තිබ්බට කොහෙද ඉතින් හෙන බයයිනේ. චනූගේ අතින් අල්ලගෙන පොඩි එකා වගේ එයාගේ පිටිපස්සෙන්ම ගියා. චනූට ඇතුළට ගියත් එකපාරටම කායි ලා ඉන්න තැන හොයා ගන්න බැරි උනා. වටපිට බල බල ඉන්නකොට චනූ දැක්කා කෙලවරක තිබුන මේසෙක ඉඳන් මාස්ක් එකකුයි කැප් එකකුයි දාගත්ත කෙනෙක් එයාලට අත වනනවා කියලා.

ඒ කායි කියලා චනූ ලේසියෙන්ම අඳුරගත්තා. චනූ හිතුවා හරි තමා. ඒ කායි. කායි ජින් තේයුන්ගා තුන්දෙනත් එක්ක restuarent එකට ඇවිල්ලා වාඩි උනේ ඒකේ කෙලවරකම තිබුන මේසෙක. එතනට restuarent එක ඇතුළට එන අයව හොඳට පෙනුනත් උවමනාවෙන් බලන කෙනෙකුට ඇරෙන්න restuarent එක ඇතුළට එන අයට ඒ තැන පේන්නේ නෑ. මොකද ඒ මේසේ එතන තිබුන කණුවකින් වැහිලා තිබුනේ. හෝදිස්සියෙන් චනූ වටපිට බලපු හින්දා තමා චනූ කායි අත වනනවා දැක්කේ. අනික ඉතින් චනූ නන් ඉතින් කලිනුත් දැකලා තියනවනේ මේ අය මාස්ක් දාලා ඉන්නවා. ඉතින් චනූ බය නැතුව ඒ පැත්තට යන්න හැරුනා. ඒත් සෙශා චනූට යන්න දෙන්නේ නැතුව චනූගේ අත අල්ලගත්තා.

චනූ- ඇයි සෙශූ???

සෙශා- ඇයි ඒ පැත්තට යන්නේ??? කවුද ඒ???

චනූ- හයියෝ....... ඒ කායිශි.. අහ්හ්හ් ඔයාට අඳ්‍රගන්න බැරුව ඇති නේද ?? මන් නන් කලිනුත් එයාලව මෙහෙම දැකලා තියනවා. බය වෙන්න එපා. එන්න අපි යමු.

සෙශා- හා යමු එහෙනන්.

එහෙම කියලා සෙශා චනූගේ ටීශර්ට් එකේ කොනකින් අල්ලගෙන චනූගේ පිටිපස්සෙන්ම එයා ගියපු පැත්තට ඇදිලා ගියා. යන ගමන් ශේප් එකේ ඔලුව උස්සලා බලන ගමන් සෙශා ජින්ව හෙව්වත් එයාට ජින් ඒ තුන්දෙනාගෙන් කවුද කියලා හොයාගන්න බැරි උනා. මොකද ඒ තුන්දෙනාම මාස්ක් කැප් දාලා හිටියේ. සෙශා මීට කලින් දැකලත් නෑනේ එයාලව මේ විදිහට. සෙශා කොච්චර අවදානෙන් ජින් ව හෙව්වද කිව්වොත් චනූ ගිහින් මේසේ ගාව නතර වෙනකන්ම දන්නේ නෑ. චනූ එක පාරට යන ගමන නතර කලාට සෙශා ඒක දන්නේ නෑනේ ඉතින් සෙශා කෙලින්ම ගිහින් චනූගේ ඇඟේ වැදුනා.

Random Love ✓Donde viven las historias. Descúbrelo ahora