Author's POV
සම්පූර්ණ සතියක්ම ඔහේ ගත වෙලා ගියා. සතිය ගත වෙලා යනවා කාට නොදැනුනත් ජින්ට නන් ඒ සතිය අවුරුද්දක් වගේ දැනුනේ🤭. හැබැයි ඉතින් ඒ සතිය ඇතුලත සැලකිය යුතු තරමේ කිසිම විශේශ දෙයක් නන් උනේ නෑ. ජින් ඉතින් පුලු පුලුවන් වෙලාවට සෙශාට lectures ඉවර වෙන වෙලාවට university එක ළඟට ඇවිත් එයා දිහා දුරට වෙලා බලන් හිටියා. ආ🙆.................. ඔව් ඔව් ඔයාලට කියන්න මට අමතක උනානේ. ජින්ට මේ වැඩේ ඒ කියන්නේ සෙශාව හොරෙන් බලන්න යන වැඩේ ගැන අයිඩියාව දුන්නේ මල්සරාගේ පොඩි මලයා වගේ ඉන්න ජිමිනා තමා. ජින් ඉතින් සෙශාව බලන්න විදිහක් නැතුව කන්කෙඳිරි ගගා ඉන්න කොට ජිමින්ස්සි තමා ඔහොම දෙයක් කරමු කියලා කිව්වේ. අනේ ඉතින්...... අයියටම හරියන මල්ලිලා ටික😂.
මේ ගෙවුන මුලු කාලය ඇතුලත චනූ මේ කිසිම දෙයක් සෙශාට දැන ගන්න දුන්නෙත් නෑ. ඔය මේ අතරෙදි චනූ අන්තිමට කායි එක්ක කතා කරලා එයාලට මුණ ගැහෙන්න තැනක් වෙලාවක් දිනයක් තීරණය කරගත්තා. university එකේදි වෙනදට දැක්කත් නොදැක්ක ගාණට යන කායි, දැන් සෙශා හරි චනූව හරි දැක්කම ලාවට හිනා පාරක් එහෙම දැම්මා. චනූ නන් ඒ හැම වෙලාවකම කායි එක්ක සුහද විදිහට හිනා උනාට සෙශා නන් එහෙම නෑ. සෙශාට කායිව දැක්ක දැක්ක තැන නයාට 🐍 අඳුකොල වගේ මගෑරියා. කායි ට නන් හිනත් එක්ක සෙශා කරන වැඩ වලට.
ඔන්න ඉතින් මේ සතිය කොහොමින් කොහොම හරි ගෙවිලා ගිහින් අන්තිමට කායි චනූට එන්න කියපු දවස උදා උනා. වෙනදා වගේම එදත් උදෙන්ම සෙශා චනූ දෙන්නා university එකට ආවේ සෙශාට උදේම lectures තිබුන හින්දා. එදා චනූ වෙනදට වඩා ටිකක් කලබලෙන් ඉන්නේ කියලා උදේම සෙශාට තේරුනත් එයා අහන්න ගියේ නැත්තේ මේ දවස් ටිකේ සෙශා එක්ක චනූ වැඩිය කතා නොකරපු හින්දා. සෙශාත් අවුලෙන් වගේ හිටියේ චනූගේ මේ හැසිරීම ගැන. ඒත් මුකුත් අහන්න ගියේ නැත්තේ එයාම අනිවාරෙන් කියයිනේ කියලා හිතලා. මොකද සෙශා චනූ දෙන්නා අතර කිසිම රහසක් මීට කලින් මේ විදිහට තිබිලා නෑ. චනූගේ තාත්තා එක්ක එයාගේ කාර් එකේ යාලුවෝ දෙන්නා උදේම university එකට ආවා. ඒ ඇවිල්ලා සෙශා lecture hall එකට ගියා විතරයි චනූ university එකෙන් එළියට ගියා. කායි චනූට එන්න කිව්ව වෙලාවටත් විනාඩි පහකට කලින් ඒ තැනට යාගන්න චනූට පුලුවන් උනා. චනූ university එකෙන් ඉක්මන්ට පැනගන්න හේතුව තමා එයාගේ යාලුවෝ ටික. එයාලට අහු උනොත් ආය ඉතින් සෙශාට අහු උනා වගේම තමා. සම්පූර්ණ ප්‍රශ්ණ පත්තරයකටම උත්තර දෙන්න වෙනවනේ. බැරිවෙලාවත් චනූගේ මෙහෙ යාලුවන්ගෙන් කෙනෙක් උදේම university එකට ඇවිල්ලා ඉඳලා චනූව දැක්කා නන් එහෙම වැඩේ එතනම විනාසයිනේ. ඔන්න ඉතින් Restaurant එකට ඇවිල්ලා එකේ දොර හොඳට පේන තැනක වාඩි උන චනූ අයිස් කොෆී එකකුත් order කරලා බලන් හිටියේ කායි එනකන්.
ESTÁS LEYENDO
Random Love ✓
De Todo🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I love you because you saw me in ways that no else could ever do🥺💞 I am at my truest,🙃my silliest😋 an...