ℕ𝕖𝕨 𝕡𝕝𝕒𝕟

68 16 8
                                    

Author's POV

සති කීපයක්ම කිසිම විශේශ සිදුවීමක් නැතුව ගෙවිලා ගියා. කායි හැමදාම රෑට ජින්ට කෝල් කරලා සෙශා ගැන විස්තර ඔක්කොම කියනවා. ජින් පුලුවන් වෙලාවට සෙශා university එකෙන් ගෙදර යන වෙලාවට university එක ළඟට ඇවිල්ලා සෙශා දිහා බලන් ඉඳලා ආපහු යනවා. සෙශා නන් මේ කිසි දෙයක් ගැන දන්නේ නෑනේ. ඉතින් ඔහේ university එකේ වැඩ ටික කරගන්න ගමන් චනූ එක්ක පිස්සුවක් නටාගෙන පාඩුවේ හිටියා. සැරි සැරේට ජින් ව මතක් උනත් ඒ හැමදේම හීනයක් කියලා හිතලා අමතක කරලා ඉන්න තමා සෙශා උත්සාහ කලේ.

ඔය මේ අතරේ ජින්ගේ ආදරණීය සහෝදරයෝ සෙට් එක ජින්වයි සෙශාවයි එකට මුණ ගස්සවන්න ප්ලෑන් ගහනවා. එක්කෙනෙක් එකක් කියනකොට අනික් අය ඒකේ මොකක් හරි අවුලක් පෙන්නවා. එතනින්ම ඒ ප්ලෑන් එක ඩස්බින්. පවු අසරණයෝ සෙට් එක. ලොක්කයියාගේ ලව් එක හින්දා අම්බානෙක කටු කනවා. ප්ලෑන් ගහන එක නන් කමක් නෑ කියමුකෝ. මේ දවස් ටිකේ නිතරම වගේ ජින්ගෙන් කන්න හම්බුනේ රොස් වෙලා කරකුට්ටන් වෙලා ගියපු කෑම. ජින් උයන්න ගියත් මනෝ ලෝකේනේ ඉන්නේ. ඉතින් හදන හදන කෑම එක පිච්චෙනවා. සමහර දවස් වලට ඉතින් එලියෙන් order කරලා තමා කෑම කෑවේ.

කට්ටිය එක්කම කල්පනා කරලා කල්පනා කරලා අන්තිමට සෙශාව මුණ ගස්සවන්න පුලුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කලේ කොට ජිමිනා තමා. එක දවසක් ජින්ගේ ලව් මිශන් එකට සහය දෙන ඔක්කොම dorm එකේ ඉන්න වෙලාවක ජිමින් එයාගේ අදහස ඉදිරිපත් කලා. ජිමින් කිව්වේ මුලින්ම කායි සෙශා දෙන්නව යාලුවෝ කරලා ඊට පස්සේ කායිගේ මාර්ගෙන් ජින් සෙශා දෙන්නව මුණ ගස්සවන්න. ඒත් සාම්ත...... මොන කොල්ලද කැමති වෙන්නේ එයා කැමති කෙල්ලව වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනවටවත්. කෙලින්ම ඒක නික් අයට කියන්න බැරි හින්දා ජින් වෙන හේතුවක් හොයා ගත්තා ඒක මගාරින්න.

Jin- මේ අහන්නකෝ...... ඔය විදිහ හොඳයි තමා. ඒත් කායිට ඔහොම සෙශාව අඳුරගන්නයි යාලු වෙන්නයි කොච්චර නන් කල් යනවද??? මට බෑ එච්චර කල් බලන් ඉන්න.

Jk - හියුන්ට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ 😂😂😂.

jimin- ඇයි මේ කලබල....😂

Random Love ✓Where stories live. Discover now