සුරදූතයෙක්ද 😇

1.6K 257 11
                                        

Wang Coorperation Building

"ශිට් මට අද මොකද මේ වෙලා තියෙන්නේ. උදේ ඉඳන් එක වැඩක්වත් හරියට කරගන්න බැරි වුණා. මිටිං එකත් අවුල්. මං මීටිං එකට ආවෙම පරක්කු වෙලා. මට කවදාවත් මෙහෙම වෙලා නැහැ.මොනාද මේ වෙන්නේ.. හයිකුආන් ඔයා ඔහොම කෙනෙක් නෙමෙයි. හිත පාලනය කරගන්න.."

එක අතක් මිට මොලවලා ටේබල් එකට ගහන හයිකුආන් තමන්ගෙ නොසන්සුන්කම මොකද්ද කියලා තේරුම් ගන්න ලොකු උත්සාහයක් දරනවා තමා එක්කම කථා කරන ගමන්. ටිකක් වෙලා කල්පනා කරලා හයිකුආන් එයාගේ සෙකට්‍රිට කථා කරනවා.

" මිස් ලූ, අද දවසට තියෙන අපෝයිමන්ට්ස් සේරම කැන්සල් කරලා දාන්න. මගෙ පොඩ්ඩක් ඔලුව රිදෙනවා. මං දැන් ගෙදර යනවා. හදිස්සියක් වුණොත් කෝල් එකක් දෙන්න."

"OK, I will, ඒත් සර්ට මොකද වුණේ එකපාරටම? අමාරු වැඩී වගේ නම් ඩොක්ටර්ට කෝල් එකක් දීලාම ගෙදර ගියා නම් හරි නේද සර්? "

කවදත් මිස් ලූ එයාගෙ ඔෆිස් වැඩ තිතටම කරනවා වගේම බොස් කරදරේකින් ඉන්නවා නම් සහෝදරික් වගේ හොයලා බැලුවා. කරන්න ඕන දේ හරියටම, අවංකවම කරන මිස් ලූ ට තියෙන්නේ හැමෝගෙම දුකකදි උණු වෙන හදවතක්.

"අහ්... එහෙමට ලොකු අමාරුවක් නෑ මිස් ලූ. තෑන්ක්ස්. මේ නිකන් ඔලුවේ කැක්කුමක් විතරයි. Pain Killer එකක් බීලා පොඩි නැප් එකක් දැම්මාම අඩු වෙයි. හරි එහෙනම් මං දැන් යනවා."

" Then OK. Get well soon sir"

හයිකුආන් ඔෆිස් එකෙන් එළියට ආවෙ ඔලුවෙ සයිඩ් එකකින් අල්ලගෙන. හයිකුආන් එනවා දැකපු එයාගෙ ඩ්‍රයිවර් පුළුවන් ඉක්මණින් වාහනේ සටාර්ට් කරලා අරගෙන ආවෙ හයිකුආන් ගෙ මූණේ වෙනස්වීම ඈත තියාම දැකපු නිසා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කොෆි ෂොප් එක ඇතුලෙ

බෝ වොෂ් රූම් එක පැත්තට යද්දිම එයාගෙ ඇස් ඉස්සරහටම කෙනෙක් මුණ ගැහෙනවා. ඒ වෙන කවුරුත් නෙවේ සීන්. (මල් හතයි) තව ඩිංගෙන් එතන ලොකු ඇක්සිඩන්ට් එකක්. සීන් එක පාරටම ගැස්සෙනවා, තව ඩිංගෙන් එයාගෙ අතේ තිබුණ ට්‍රේ එක බිම. ට්‍රේ එක කෙසේ වෙතත් සීන් ට යන්න ගිය ගමනත් අමතක වෙලා ගල් ගැහිලා වගේ බෝ දිහා බලන් ඉන්නෙ හරියට ජීවිතේට ඒ වගේ කඩවසම් කොල්ලෙක් දැකලා නෑ වගේ. ඉතින් ඇත්තත් ඒකම තමයි. බෝ ගෙ ලස්සන හීනී ඇස් දෙක දැක්ක ගමන් සීන් ගේ පපුව එකපාරටම ගොඩාක් වේගෙන් ගැහෙන්න ගන්නවා. කොල්ලාට හාර්ට් ඇටෑක් එකක්වත් හැදෙන්නද කියලා එයාම කල්පනා කරනවා.

LET ME (COMPLETED)Where stories live. Discover now