බේබි, බෝනස් එක

962 224 36
                                        


බෝ කෝල් එකේ ඉන්න අතරේ සීන් එතන තිබ්බ ෆෝන්ස් එකින් එක අරන් බලන්න පටන් ගත්තා. සීන් මේ තරම් ලස්සන ෆෝන් මීට කලින් පාවිච්චි කරලා නෑ. සේල්ස් ගර්ල් කොල්ලා ට එකින් එක ෆෝන් ගැන විස්තර කරන්න ගත්තෙ මේ අතරතුරයි.

" There are lots of model. Iphone 12 pro is the latest model sir. Do you need android model or ?  "

" මේ ෆෝන්ස් වල ගනන් එහෙම කොහොමද? මට මෙතනින් ගනන් අඩුම ෆෝන් එක පෙන්නන්න පුලුවන් ද ? සාමාන්‍ය එකක්  තිබ්බා නම් ඇති "

කොල්ලා කෝකටත් කියලා ගනන් ඇහුවෙ එයාගෙ තරම එයා දන්න නිසා වගේම පෙන්නපු ෆෝන්ස් වටිනාකමින් වැඩි ඇති කියලා හිතුන නිසා. කොල්ලා උදව්වක් ගන්න කියලා බෝ ගේ පැත්තට හැරුනත් බෝ හිටියේ කොල්ලා ට පිටුපාලා කෝල් එකේ. ඒ නිසා බෝ දැක්කෙත් නෑ, සීන් ට එයාට කතා කරන්නත් බෑ.

සීන් ට ෆෝන්ස් ගැන විස්තර කරපු ගර්ල් අලුතෙන් ආපු කෙනෙක්. එයා දැනගෙන හිටියෙ නෑ ඇවිත් ඉන්නෙ ලොක්කා කියලා. ඒ සේල්ස් ගර්ල් ළඟම කවුන්ටරේ හිටපු අනික් ගර්ල් ත් අලුතෙන් ඇවිත් හිටියෙ. සීන් අහපු දේට කෙල්ලො දෙන්නාට දෙන්නා මූණ බලාගෙන  සීන් ට සමච්චලයට හිනා වුණා. හිනා වෙලා....

" Excuse me..මේ...ඔයා ඇවිත් තියෙන්නේ වැරදි තැනට. ඔයා වගේ අයට මෙතන තියෙන ෆෝන්ස් ගැලපෙන්නෙ නෑ. මේක තමයි එක්ස්පෙන්සිව් ඇන්ඩ් බ්‍රෑන්ඩඩ්ම ප්‍රඩක්ට්ස් තියෙන ෂොපිං මෝල් එක. අනික ඔයාගෙ මූණ ලස්සන වුණාට බඩු ලාබෙට ගන්න බෑනෙ මෙයා. අර එහා පැත්තෙ පාරෙ පොඩි පොඩි ෂොප්ස් තියෙනවා. ඒවයින් ගිහින් අහන්නකො ඔයාට හරියන අඩුම එකක්. "

එහෙම කියලා කෙල්ල හැරුනෙ අනික් කවුන්ටර් එකේ හිටපු ගර්ල් ගෙ සයිඩ් එකට.

"බලන්නකො අනේ මෙයාගෙ ඇඳුමෙ පරණ පාට. ඒ මදිවට ඇඳුමෙ මොනාද ගෑවිලා. මෙයා මෙතන්ට ඇවිත් නිකන් ඇහුවෙ හොඳම බ්‍රෑන්ඩ් එකෙන් හොඳම ෆෝන් එකක් ගන්නවා වගේ.🙄 "
" මෙයා එක්ක ආව අනික් කෙනා නම්....."

කියලා කෙල්ල පැණි හිනාවක් දාලා බෝ ගෙ පැත්ත බැලුවා. ඒත් බෝ මේ කිසිම දෙයක් දන්නෙ නෑ. ඒත් සෙල්ස් ගර්ල් ගෙයි කවුන්ටර් ගර්ල් ගෙයි සම්පූර්ණ කතාව සීන්ට ඇහුනා. ඒ නිසාම සීන් හිටියෙ බිම බලාගෙන ඇස් වල කඳුළු පුරවගෙන. එතනින් එළියට දුවන්න තරම් හිත කියද්දිම බෝ සීන් ළඟට ආවෙ කෝල් එක ඉවර වෙලා.

LET ME (COMPLETED)Opowieści tętniące życiem. Odkryj je teraz