💛සුන්දර ආරම්භයක අවසානය 💚❤️

1.6K 236 238
                                    

කොල්ලා එතනට යනවද නැද්ද කියලා හිතද්දිම ඈතට දකින්නේ වාඩි වෙලා තොර තෝංචියක් නැතිව කියවන සීන් ව. බෝ වෙන වටේ පිටේ තියෙන අනික් කිසිම දෙයක්වත් කෙනෙක් වත් දැක්කෙ නෑ. අඩුම එයාට නෝට් වුණේ නැහැ එයා හිටියෙ මහ පාරෙ කලර් ලයට් එකක් ළඟ කියලාවත්. ඒ අතරේ ෂුආන් දැක්ක ෆොටෝ ෆ්‍රේම් එකේ හිටියෙ සීන්. ඒ ගැන බෝ ට කියන්න කොල්ලා ෂොප් එකෙන් එළියට දුවගෙන එනවා. ඒත් එක්කම සීන් ව දැකපු බෝ පාර පනින්නෙ වාහන එනවා කියලාවත් කිසිම ගානක් නැතුවයි. මන්තීරු හතරකින් හැදිලා තිබුණ පාර හරහා බෝ පනිද්දිම සීන් සහ ෂුආන් දෙන්නම එකම වෙලාවෙ දකිනවා වේගෙන් බෝ පාර පනින දිශාවට එන අැම්බියුලන්ස් එකක්. බෝ ට අඩුම ඇම්බියුලන්ස් එකේ සද්දෙවත් අහෙන්නෙ නැති ගානයි.

" ක්.....රෑ......ෂ්.....     ඩි...හි...ග් "

ඇම්බියුලන්ස් එක නැවැත්තුවෙ ලොකු පරිශ්‍රමයක් දරලා පලාතෙම අවධානය ඒ වෙතට යොමු කර ගනිමින්.

" බෝබෝ......   "     ඒ සීන්.

" බෝ.......... Noooooo "    පාරෙන් අනික් පැත්තෙ ඉඳන් ඒ කෑ ගැහුවෙ ෂුආන්.

බිම වැටිලා ඉන්න බෝ ළඟට මුලින්ම කෑ ගහගෙන දුවගෙන ආවෙ එයාගෙ සීන්. මොකද ඒ වෙද්දිත් බෝ පාර මාරු වෙන අන්තිම ට්‍රැක් එකේ හිටියෙ. වාසනාවට ඇම්බියුලන්ස් එකේ වැදුනේ බෝ ගෙ එක පැත්තක උරහිස විතරයි, හැබැයි ඒ වැදුණ පාරට කොල්ලව විසි වෙලා ගිහින් වැදුණෙ ළඟම තිබුණ කොන්ක්‍රීට් කණුවක. එතන ලේ විලක් වුණේ බෝ ගෙ ඔලුව ඒ කණුවෙ වැදුන නිසයි. සීන් ගෙ පස්සෙන් දුවගෙන ආවෙ, SJ එක්ක මිස්ට කිම්. බෝ ට වෙන්න ගියපු අනතුර එයාගෙ ඇස් පනා පිටම පෙනෙද්දි සීන් මහ හයියෙන් කෑ ගහගෙන එළියට පැන්නෙ එයාගෙ පරණ මතකයන් නැවතත් එද්දිමයි. සුළු මොහොතකට පස්සෙ ෂුආන් එතනට ආවෙ බිම වැටිලා ඉන්න බෝ ගෙ සිහිය නැති වෙන්න මොහොතකට පෙරයි. පුළුවන් ඉක්මණින් පාර මාරු වුණ ෂුආන්, බෝ ළගට දුවගෙන ආවෙ බෝ ව හොස්පිටල් අරන් යන්න හිතාගෙන. එතකොටයි දැක්කෙ සීන් එයාගෙ ඔලුවත් අල්ලගෙන බෝ ළඟ දණ ගහගෙන අමාරුවෙන් අඬ අඬ ඉන්නවා. SJ මිස්ට කිම් ට බර වුණේ ඇඟට පණ නැතුව වගේ. එයා මේ තරම් කැපකිරීමක් කරලා පරිස්සමෙන් ආදරෙන් බලා ගත්ත එයාගෙ Lune අද ආපහු එයාගෙන් වෙන් වෙන්න යන හැඟීම එයාට ලොකුවටම දැනුනා. SJ ට දැනුනෙ එයා වටේ තියෙන හැමදේම අඳුරු වෙනවා වගේ. මිස්ට කිම් SJ ව එයාගෙ අත් වලින් හයියෙන් අල්ල ගත්තෙත්, ෂුආන් ඒ දිහා බලන් හිටියෙත් එකටම වගේ. මේ හැමදේම එකට වෙද්දි ෂුආන් ලා ආව වාහනේ එයාලා ළඟින් නතර කලා. ෂුආන් ඩ්‍රයිවර් එක්ක එකතු වෙලා බෝ ව වාහනේට දාගෙන හොස්පිටල් ගෙනියන්න හදද්දි බෝ ගොඩාක් අමාරුවෙන් ෂුආන් ට කතා කරලා කිව්වෙ...

LET ME (COMPLETED)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ