සීන්.....
ඔව් මේ ඉන්නෙ වෙන කවුරුත් නෙවේ සීන්. එදා කොයි තරම් යූ බින් ගෙ අම්මාට බැගෑපත් වුණත් ඒ කිසිම දේකින් ප්රතිඵලයක් වුණේ නෑ. කාත් කවුරුත් නැතිව කොල්ලා මල්ලිවත් අරගෙන අවසානෙ පාරට බැස්සෙ එතන තවත් ඉන්න බෑ කියලා දැනුන නිසයි. ඒත් එයාගෙ දුක මල්ලිට දැනගන්න ඉඩ තිබ්බෙ නෑ. එයා දැනගෙන හිටියෙ නෑ එයාගෙ මල්ලි මේ හැමදේම බලාගෙන හිටියෙ කියලා. යූ බින් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. අඩුම තරමේ සීන් ගෙදරින් ගිහින් කියලා පවුලෙ අනික් අයත් දැන ගත්තෙ පහුවෙනිදා දවල්.ඇත්තටම එදා ඉස්කූල් එකේදි වැරැද්ද වුණේ යූ බින් අතින්. එයා කරපු වරදට දඬුවම් වින්ඳෙ සීන්. සීන් දැනගෙන හිටියා ඒ වැරැද්ද යූ බින් කලා කියලා. මේ දේ ගෙදරින් දැන ගත්තොත් හරි ඉස්කූල් එක දැන ගත්තොත් හරි ඒකෙන් අවනම්බුව අපහාසය ඒ පවුලට විඳින්න වෙනවා කියලා සීන් හිතුවා. ඒ වගේම යූ බින් ගෙ තාත්තා ඒ වගේ වැරදි වලට සමාවක් දෙන්නෙ නෑ කියලාත් සීන් දැන ගෙන හිටියා. ඒ නිසාම එයාට කෘත ගුණ සලකන්න හොඳ අවස්ථාවක් කියලා හිතලා එයා වරද භාර ගත්තා. යූ බින් එයාගෙ හැම දේකදිම හිටපු යාළුවා. යූ බින් ගෙ අම්මා හැම වැරැද්දටම ගැහුවෙ බැන්නෙ සීන්ට වුණත් සීන් ඒ හැම දෙයක්ම දරා ගත්තෙ යූ බින් ගෙ පවුල සීන් ටයි මල්ලිටයි යන එන මඟ නැති වෙලා තියෙද්දි උදව් කරපු නිසා. ඒත් එයාගෙ කැප කිරීම් වලින් මේ තරම් දෙයක් වෙයි කියලා එයා හීනෙකින්වත් හිතුවෙ නෑ.
FLASH BACK END
/////////////////////////////////////////////////////////////
වෙන් යූ බින්ගොඩක් පොහොසත් පවුලක දෙවැන්නා. මෙයා FBI එකේ ප්රසිද්ධ ඩිටෙක්ටිව් කෙනෙක්. මෙයාව ප්රසිද්ධ එයාගෙ නමින් විතරයි එයාව මේ වෙනකන් මේ ඒ අදාල පුද්ගලයා නමින් අඳුනගන්න දන්නෙ කීපදෙනෙක් විතරයි.
මෙයා Spain වල හිටපු කාලෙ ඉඳන්ම කෙනෙක්ට කැමැත්තෙන් හිටියා, එයා ගැන විස්තර හොයන්න උපරිම ට්රයි කලත්....කථාව පස්සෙ කියන්නම්.
VOUS LISEZ
LET ME (COMPLETED)
FanfictionIntroduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when everyone against you. Someone who cares too much when you're down someone and someone who's willing to sacrifice everything and turn your worl...