" Brother. මං යන්නද මෙතනින් 😠😠..මේවා මට ඇති වෙලා. මොකද්ද මේ. ග්රෑන්පා ඔයාට මොකද්ද මං කරපු වරද ආ ? "
කතාව අස්සෙ බෝ නැගිටලාම ඇහුවෙ එයාගෙ ග්රෑන්පා ගෙන්.
" මොනවා ගැනද කියවන්නෙ ඔයා, අනික මෙහෙමද හැසිරෙන්නෙ? මුලින්ම වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගන්න. උපාධි අරගන්න ඉගෙන ගන්නෙ ගනන් හදන්න විතරද? 😠😠
" What?...When did I ignore the elders?
Brother I'll go now. I guess that you don't want me here anymore."බෝ ට හොඳටම තරහ ගිහින් හිටියේ. ඉඳගෙන හිටපු සෙටි එකෙන් නැගිටපු කොල්ලා හයිකුආන් ගෙ ඔෆිස් රූම් එකෙන් එළියට ගියෙ අනික් අයගෙන් උත්තරයක් එන්න කලින්මයි.
ඉවසගන්න බැරි තරහකින් බෝ එළියට ඇවිත් කෙලින්ම ගියෙ එයාගෙ ඔෆිස් රූම් එකට. කොල්ලාට කොටින්ම සීන් ඉන්නවා කියලත් අමතක වෙලා කඩාගෙන බිඳගෙන ආපු ගමන් පයින් ගැහුවා ළඟම තිබ්බ සෝෆා එකට. පස්සෙ කෙලින්ම ගිහින් එයාගෙ සීට් එකෙන් වාඩි වෙලා නළලට අත තියාගෙන ඔලුවත් පාත් කරගෙන ග්ලාස් ටේබල් එක දිහා බලන් හිටියා.
සීන් ගැස්සුනේ බෝ ගෙ හැසිරීම දැකලා. කොල්ලාට තේරුණා බෝ ඉන්නේ ප්‍රශ්නෙක කියලා. ඒත් හේතුව අහන්න තරම් සීන් ට අයිතියක් නැති නිසා සීන් පාඩුවෙ හිටියා සැරින් සැරේ තරහින් මූණ රතු වෙලා ඉන්න බෝ දිහා බල බල.
සති ගානක් ගෙවිලා ගියෙ විවිධාකාරයේ සිද්ධීන් සමුදායක් මැද්දෙ. සීන් ඔෆිස් එකට ආව දවසෙ ඉඳලා යීයී ලන්ච් ටයිම් එකේදි එයා එක්කමයි කෑම කෑවෙ. සීන් හැමදාම ඔෆිස් කැන්ටින් එකෙන් ගත්තෙ බාලම වර්ගයේ කෑම ජාති. ඒකට යීයී හැමදාමත් බනිනවා. එයා කෑම අරන් දෙන්න යද්දි සීන් ඒකට කැමති නෑ කියලා මඟඇරියා. ඉතිරි කරන් තිබ්බ සල්ලි නැතිම වෙද්දි එයා යීයී ට කිව්වෙ එයාට දැන් බඩගිනි නෑ පස්සෙ ඇවිත් කන්නම් මොනාහරි කියලා. බෝ මේ ගැන නම් පොඩ්ඩක් වත් දැනගෙන හිටියෙ නෑ. සීන් දුප්පත් බව දැනගෙන හිටියත් මේ තරම් කියලා එයා නිකමටවත් හිතුවෙ නෑ.
මාසයකට කිට්ටු වෙන්න එද්දි සීන් බෝ දෙන්නා රෑට කතා කරන එක පුරුද්දක් කරගෙන තිබුණා. හැමදාම නොවුනත් ඒ එයාලගෙ කතාව සාමාන්‍යය යාළුවො දෙන්නෙක් කරන කතාබහක් වුණා. ( පිස්සුද ෆෙන්ස්. එහෙම නෑ. ) බෝ නම් සමහර වෙලාවට හින්ට් දෙක තුනක් දෙනවා. කොහෙද ඉතින් සීන් වයසට ගිහින් තියෙන්නෙ අකලටනෙ. මේ යකා එන්නෙ මේකට කියලා එයාට සමහර අවස්ථා වලදි දැනුනත් එයා ඒක නොදැනුනා වගේ රඟපානවා. මොකද එයා බෝ ට ගොඩක් ගරු කලා එයාගෙ බොස් විදියට.🤭 (බෝ ට නම් ඒක එහෙම නෙවේලු )
මේ කතා ඇතුලත සීන් ෂොප් එකෙන් අයින් වෙන්න හේතුවත් කිව්වා. එදා රෑ මොකද්ද වුණේ, එයාව කෙනෙක් ඇවිත් බේර ගත්තා ඒවා ඔක්කොම එයා කිව්වෙ තමන්ගෙ මල්ලිටවත් නොකියා තියෙද්දි. ඒ සිද්ධියට නම් බෝ හිටියෙ ඒ මිනිහව මරන්න තරම් තරහකින්. ඒ වෙනකොටත් ඒ මනුස්සයා මැරිලා කිව්වම සහනයක් නොදැනුනාම නෙවේ.
ŞİMDİ OKUDUĞUN
LET ME (COMPLETED)
Hayran KurguIntroduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when everyone against you. Someone who cares too much when you're down someone and someone who's willing to sacrifice everything and turn your worl...