ඔබ සොයා 🤭

1.3K 251 24
                                        


" ගායිස්... අපි ⁣කොෆි එකක් බීලා යමුද?..."

බෝ ඒක කිව්වෙ හිතේ වෙන අදහසක් තියාගෙනමයි..

" හරි බෝ අපි යන ගමන් බොමු එහෙනම්."

" මචං අපි අර ඉස්සරහ තියෙන කොෆි ෂොප් එකෙන් කොෆි එකක් බීලාම යමු. ලේසිත් එක්කනේ. අායි මඟදි නවත්තන්න දේකුත් නෑනේ."  ( හා හොඳේ 🤣🤣)

යාළුවෝ සෙට් එක බෝ දිහා බැලුවේ නිකන්  ලෝකේ අටවෙනි පුදුමේ දිහා බලන විදිහට.

" ඇයි මොකද මෙහෙම උඹලා බලන්නේ🤨? උඹලා කෑවට මං මුකුත් කෑවේ නෑනෙ. නිකමටවත් ඇහුවද?..දැන් මට බඩගිනී. ඒ නිසායි මං කොෆි එකක්වත් බොන්න යමු කිව්වේ. දැන් මොකද්ද ඒකෙ අවුල?"

කොල්ලා කොල්ලාගේ සුපුරුදු කෝල්ඩ් ලුක් එකෙන්ම කියාගෙන ගියා. මොකද යාළුවන්ට කටක් ඇරලා කියන්න පුළුවන් ද ඇත්තටම කොෆි ෂොප් එකට යන්නේ මොන හේතුවටද කියලා. ඊට වඩා හොඳයි වලක් කපන් එතනම වැළලෙනවා. 😂😂

"අවුල?....ආ......"

කට්ටියගෙම කටින් එක පාරම පිට වුණේ එච්චරයි .
ෂුආන් පුදුම වෙලා බෝ ළඟට ඇවිත් කොල්ලාගෙ නළලට පිට අල්ල තියලා බැලුවෙ බෝ ට උණ ක් වත් හැදිලාද කියලා ...

"නෑ..මූට උණක් නම් නෑ බං. ඒත් මට ඇහුන දේම ද උඹලට ඇහුනෙත්?.... "

කොල්ලො ටික තක් බීරි වෙලා ෂුආන් අහපු දේට ඔලුව වනලා උත්තර දුන්නා.

"ශිට්. ඒ පාර මොකක්ද මං ඒ කියපූ මෝඩ ගොන් කතාව. මුන් හොඳටම දන්නවා මං මේ වගේ තැන් වලින් කන බොන එකෙක් නෙවේ කියලා. දැන් දීපන්කො උත්තර. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා කවුදෝ කාටද කිව්වලු.
😣 ඒත්.. එත්.. මොනදේ වුණත් මට එයාව ආයි බලන්න ඕනෙ.. That's final"

" මේ මොකක්ද බං ෂුආන් යමන්කෝ කොෆි එකක්වත් බීලා එන්න. උඹම නෙවේද කිව්වේ එකේ ඒවා රහයි කියලා. 😁 කොෆි එක බීලා යන දේවාලෙක යමු ඊට පස්සේ. මට නම් දැන් ඉන්නම බෑ.

එහෙම කියලා බෝ කට්ටිය දිහා නොබලා කොෆි ෂොප් එක පැත්තට හෙමින් හෙමින් යන්න පටන් ගත්තා. මොනා වුණත් කොල්ලාගෙ පස්සෙන් කට්ටිය එන බව එයා දැනගෙනයි හිටියෙ.

LET ME (COMPLETED)Место, где живут истории. Откройте их для себя