ස්වීට් කිස් එක 😘

963 216 61
                                        

" මිස්ට කිම්, ඔයා කියන්නේ .... Lune? "

" හම්.."

අතේ තිබ්බ ෆෝන් එකත් බිමට වැටුනෙ SJ වාඩි වෙලා හිටපු තැනින් ඉබේම නැගිට්ටවෙන ගමන්. දුවගෙන දොර ළඟට යන්න හදද්දිම ⁣මිස්ට කිම් SJ ව නැවැත්තුවෙ තවත් දෙයක් කියලා.

" SJ.. එයා තනියම නෙවේ ඇවිල්ලා ඉන්නෙ. "

" හම්. "

ඩ්‍රෙසිං රූම් එකේ ඉඳන් SJ එලියට එද්දිම කො⁣ල්ලො තුන්දෙනා ඔලුව උස්සලා බැලුවා. සීන් ගෙ නම් ඇස් දෙක සතුටට බැබලෙනවා. ඒ අස්සෙ ෂුආන් පුළුවන් නම් SJ ව දුවගෙන ගිහින් බදාගන්නවා හරියට ෆෑන් ගර්ල්ස්ලා වගෙ. ඔක්කොටම හරියන්න බෝ මාරුවෙන් මාරුවට සීන් දිහයි ෂුආන් දිහා බලාගෙන " මේ මොන විකාරයක් ද " කියලා හිතින කියන ගමන් සීන් ට ඔරවනවා. මේ අතරතුර SJ ඒ අදාළ කෙනා දිහා බලලා ලස්සන හිනාවකින් සංග්‍රහ කලා.⁣ කොල්ලාට පොඩි හිනාවක් ⁣ගියෙ එයාගෙ හැසිරීම දැකලා.

" මිස්ට ජියැං. ඔයාගෙ ඇසිස්ටන්ට මං කියලා තිබ්බෙ මගෙ යාළුවා මිස්ට ෂුආන් ගැන. "

හැමෝගෙම නිහඬතාවය බිඳලා බෝ කතා කරන්න ගත්තෙ සිහින ලෝක වල ඉන්න SJ වත් මේ ලෝකෙට අදින ගමන්. SJ මුලින්ම බෝ ට ශේක් හෑන්ඩ්කරලා පස්සෙ ෂුආන් ළඟට ගිහින් අතට අත දුන්නෙ ෂුආන් ට පොඩි හිනාවක් දාන ගමන්.

" හෙලෝ මිස්ට ෂුආන්. හැපි බර්ත් ඩේ. "

" Thank you soo much. හරිම සතුටුයි මේ වගේ චාන්ස් එකක් දුන්නාට. "

" ඕක මොකද්ද. මිස්ට බෝ ලේසියෙන් දෙයක් ඉල්ලන කෙනෙක් නෙවේ කියලා මිස්ට කිම් මට කියලා තියෙනවා. එහෙම කෙනෙක් මේ වගේ පොඩි දෙයක් මගෙන් ඉල්ලුවාම එයාගෙ යාළුවා වෙනුවෙන් මං කොහොමද රිෆියුස් කරන්නේ? ඒක නෙවේ, I'm really sorry. අපි වෙන දවසක කතා කරමු නේද? මට ටයිම් හරි යන්න දැන්. Anyway Mr Bo, once again sorry to spend less time with you all. Don't worry, We will meet again. AND
.
.
HEY SWEET HEART NICE TO MEET YOU TOO. "

ඔක්⁣කොම කට්ටිය ඇසුත් ලොකු කරගෙන එයාලව පහුකරගෙන යන SJ දිහා බැලුවෙ මොකද්ද ඒ වුණේ කියලා හිතාගන්න බැරිව. SJ අතට අත දීලා ස්වීට් හාර්ට් කිව්වෙ වෙන කාටවත් නෙවේ සීන් ට. කොල්ලො තුන් දෙනා තාමත් ගල් ගැහිලා වගේ. එක පාරටම පියවි ලෝකෙට ආව ෂුආන් බෝ ගෙ පිටට තට්ටු කලා. සීන් නම් ඒ වෙද්දිත් SJ ගියපු පැත්ත බලාගෙන.

LET ME (COMPLETED)Where stories live. Discover now