අලුත් වදේ 😩

770 199 24
                                    


යීයී ගෙ වදෙන් බේරෙන්න බැරි නිසා සීන් එයාගෙ බට්න් ෆෝන් එකෙන් කෝල් කලේ වෙන කාටවත් නෙවේ එයාගෙ මල්ලි චෙන්ට. මොකද එයා කැම්පස් එකේ ඉද්දි තමා ඉන්ටනේට් වැඩ කරගන්නේ. මොකද සීන් ට ඒවට හරියන්න ස්මාට් ෆෝන් වත්, ඒවට ගෙවන්න සල්ලිවත් තිබ්බෙත් නෑ.

" හෙලෝ අයියා. මං වොෂ් රූම් එකේ හිටියෙ. ඒකයි කෝල් එක ගන්න පරක්කු වුණේ. හැමදේම හොඳින් නේද? මුකුත් හදිසියකට නෙවේ නේද ගත්තේ? "

චෙන් එක දිගට ප්‍රශ්න වැලක් අහගෙන යද්දි සීන් ට අනික් පැත්තෙන් හිනා.

" බබා... ටිකක් හුස්ම ගන්න. දැන් කියන්කකෝ ඔයා කෑවද? "

" කන්න කැන්ටින් එක පැත්තට යන ගමන්. ඔයා මට ගත්තෙ ඒක අහන්න ද? "

" ඒකත් එක්කම තව දෙයක් අහන්න ගත්තෙ. අර යීයී අක්කා, මං ඔයාට කිව්වෙ, මං ඔයාට එයාගෙ ඊමේල් ඇඩ්‍රස් එක එවන්නම්, ඒකට මගේ CV එක මේල් කරන්න පුළුවන් ද? "

" ආ..ව් ආ..ව් ඒක නැගලා යනවා වගේ නේද?
.
.
ඕහෝ... දැන් ඔතන කන් දෙකත් රතු කරගෙන ඇඹරෙන්න එපා. කට්ටිය බලාගෙන ඇති. මං වැඩේ කරන්නම්. "

" ඔයා දැන් ඕනාවට වැඩී හොඳද. එහෙම දෙයක් නෑ. එයා යාළුවෙක් විතරයි. මං තියනවා. පරිස්සමෙන් ඉන්න "

කෝල් එකෙන් පස්සෙ සීන් ට මල්ලිගෙ වචන වලට හිනා තනියම. එයාගෙ වයසෙදි අනික් බොහොමයක් කොල්ලො ක්ලබ් ගානේ රූම් ගානෙ දෙමව්පියන්ගෙ සල්ලි අරන් විනෝද වෙනකොට සීන් කලේ ජීවිතේ ගැට ගහගන්න නොවිඳිනා දුක් විඳපු එක. එයා කවදාවත් රිලේෂන්ශිප් එකක් ගැන හිතුවෙ වත් නෑ.
ඒත් එයා දකින්න ආස කරපු ලස්සන ඇස් දෙකේ හිමිකාරයා දැකපු දවසෙ ඉඳන් එයාගෙ හදවත පොඩ්ඩක් වෙනස් විදියටයි ගැහෙන්නේ. හැමදාම එයා එනකන් සීන් ගෙ ඇස් දෙක පෙර මඟ බලන් හිටියා. ඒකෙ තේරුම එයාවත් තාම හොයනවා.

හවස ෂුආන් , බෝ, දෙන්නා යාඕ ට කට් එක දාලා කොෆි ෂොප් එකට ආවෙ කොෆි බොන්නමත් නෙවේ. සුපුරුදු ටේබල් එකේ වාඩි වුණ කොල්ලො දෙන්නා හෙව්වෙ අදාල පුද්ගලයාව. ඒ කිව්වෙ සීන් ව. සීන් හිටියෙ වෙන ටේබල් එකකට එයා භාර ගත්ත ඕඩර් එක දෙන ගමන්. ඒ අතරෙ මෙයාලගෙ ටේබල් එකට ආවෙ වෙන කෙනෙක්. ෂුආන් බලෙන්ම වගේ එයාව ආපහු හරවලා යැව්වෙ සීන්ව ගෙන්න ගන්න ඕන නිසා. සීන් හිටියෙ ගොඩාක් මහන්සි වෙලා. කොල්ලාගෙ ඇඟටත් අමාරුවෙන්. එයාගෙ ඩියුටි එක කරලා හැරෙද්දි දැක්කා බෝ එක්ක එයාගෙ යාළුවා ෂුආන් එක්ක ඇවිත් ඉන්නවා. බෝ ව දැක්කා විතරයි කොල්ලාට ඇඟට අලුත් පනක් ආව වගෙ ඉස්සරහ දත් ටික පෙන්නලා එයාගෙ හිනාව පෙන්නගෙනම ටේබල් එක ළඟට ආවා.

LET ME (COMPLETED)حيث تعيش القصص. اكتشف الآن