ආදරෙයි මං ආදරෙයි ❤💚

1.3K 137 80
                                        


වසර 3කට පසු

" මං ඔයාට ආයි කියන්නෙ නෑ බෝ. ඕක දෙන්නකෝ. "

" බෑ. දෙන්නෙ නෑ. එහෙනම් කියන්න මට ආදරෙයි කියලා."

" ඒ මොකටද? ඔය බෝල් එක මෙහෙට දෙන්නකෝ. විකාරද අප්පා ඔයාට. පොඩි ළමයෙක්ද ඔයා "

" ඔයා කියනකන් මං දෙන්නෙ නෑ. "

" දැන් කට්ටියත් එනව ඇති. කෑම ටික නිවෙනවනේ. දෙනවකෝ මනුස්සයෝ. මේක කෝලමක් උනානේ."

" ඔයාට මට ආදරේ කරන එක කෝලමක්ද? "

" ඇයි අර පෙරේදා පාටියේදි හිටියෙ එකියක් එක්ක. කියාගන්න තිබ්බනේ ඒකිටම. මහ ලොකුවට පිඹුරා ගොදුරකට එතෙනව වගේ එතිලා හිටියෙ එදා. ඒකිටම කියල කියාගන්න එකයි ඇත්තේ."

" ඔයා ඔන්න පටන් ගත්තා ආයිම එකක්.. ළමයෝ ඒ ෆොරීන් බිස්නස්මන් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක්. කී පාරක් කිව්වද. අනික ඒ ගෑනි මාව හග් කරද්දිම මං ඈත් වුණා ඔයා හොඳටම දැක්කා. අනික මගෙ ළමයගෙ අම්මට මං පැලෙන්න ආදරෙයි. එහෙව් එකේ මට මොකටද වෙන ගෑනු? "

" බටර් අංක 1- බෝගේ ආදරේ .. ඒවා ලෙස්සන සුළුයි. පරිස්සම් විය යුතුයි. ගොනා හැරෙන්නේ පොල් පැලේ කෑමටද විය හැක.
බටර් අංක 2- ළමයා ඉදිරියට දැමීම... එහෙනම් ලොකුම ලොකු බිය වීමට ඇති පහසුවෙන් සිතිය නොහැකි කරුණකි. "

" ඕකනේ.. බබා මං ඔයාට එහෙම කරනවද.. ආදරේ කියල කියන්නනෙ කිව්වේ..ඔයා හොඳ නෑ. "

" මිස්ට බෝ.. එහෙම නැත්නම් මගෙ හනී බබීගෙ පපා... ඔයගෙ ලුණු ගොරකා මදි මාව තම්බන්න. දැන් කියන්නකෝ මොකද්ද කාරණාව කියලා"

බෝ මේ වටින් ගොඩින් සැරසෙන්නේ බැණුමක් අහන්න. මෙයාලා දෙන්න මැරි කරල අදට වසර 3ක් ගත වෙලා. අද දෙන්නගෙ තුන්වෙනි විවාහ සංවත්සරේ. බෝ කොයි තරම් සල්ලිකාරයෙක් උනත් සීන් කැමති වුණේ නෑ ලෝකෙට පේන්න පාටි දාන්න. එයා හුඟක් සරල විදියට ජීවත් වෙන්න කැමති කෙනෙක්. බෝ ඉතින් සීන් කියන ඕනම දේකට එකඟ වෙන ස්වාමිපුරුෂයෙක් වුණා. අද එයාලගෙ පවුලේ කට්ටිය විතරක් එකතු වෙලා සතුටු වෙන්නයි සීන් ට ඕන වුණේ. මෙයාලට ඉන්නවා අවු.2ක පුංචි පුතෙක්.

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Apr 02, 2022 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

LET ME (COMPLETED)Onde histórias criam vida. Descubra agora