වර්තමානයේ
සීන් එයාලා හිටගෙන හිටපු පාලමේ තිබුණ අත් වැට හයියෙන් අල්ලගෙන අඬ අඬ ඒ අතීතය නැවත ආවර්ජනය කලේ පුළුවන්කමකට නෙවේ. ඒ අතීතය ගැන කියපු කෙනාට වඩා අහගෙන හිටපු බෝ ගෙ ඇස් වලිනුත් කඳුළු වැටුණෙ එයාවත් නොදැනුවත්වමයි. සීන් ගෙ පිටිපස්සෙන් ගිහින් තද කරලා බදාගත්ත බෝ සීන් ගෙ ඔලුව අතගෑවෙ හුඟාක් ආදරෙන්. එයාට සීන් ව සනසන්න කියන්න ඕන මොනවද කියලවත් තේරුණේ නෑ.
" ෂ්..ෂ්..ෂ්..ෂ්.. බේබි. දැන් අඬන්න එපා. මේ අහන්න දැන් ඇති."
" නෑ බෝබෝ. මේ ටිකත් අහන්න. ඔයාත් ඊට පස්සෙ තීරණය කරන්න.
.
.
එදා ඉඳන් මායි මල්ලී හිටියෙ අන්කල් වෙන් ගෙ ගෙදර. අන්කල් වෙන් කියන්නෙ අපේ තාත්තා ගෙ හොඳම යාළුවා. ඒත් එයාලා ගොඩක් පෝසත් නිසා අම්මා කිව්වෙ එයාලා අපි ගැන වැරදියට හිතයි ඒ නිසා ඈත් වෙලා ඉමු කියලා. ඒ අපේ අම්මාට අන්කල් වෙයි ගෙ වයිෆ් කතා කරපු විදි දැකලා. අන්කල් වෙයි අපිට හුඟාක් ආදරේ කලා. කොටින්ම අපිව ස්කූල් පවා යැව්වා. මං හයි ස්කූල් යනකන් ඉගෙන ගත්තත් අපේ අවාසනාවට අපිට ඒ ගෙදරිනුත් යන්න වුණේ මට අවුරුදු 16දි. (මේක ගැන විස්තරයක් කලින් චැප්ටර් එකක දුන්නා. යූ බින් ගෙ තාත්තා තමා මේ මිස්ට වෙන්.) එදා ඉඳන් මේ වෙනකන් මටයි මල්ලිටයි ඉන්නෙ අපි දෙන්නා විතරයි. "" මයි බේබි.. "
" බෝබෝ ප්ලීස්...මං අසරණ වෙන්න පුළුවන්. ඒත් මං දුර්වල නෑ. මං ඇඬුවට මේ කඳුළු මට හුරුයි. ඔයා ලොකු ෆැමිලි එකක දැනුම් තේරුම් තියෙන කොල්ලෙක්. මගේ තත්වය ඔයාට කිව්වෙ මට අනුකම්පාවක් ලබා ගන්න නෙවේ. ඔයා අරගත්ත තීරණේ ගැන නැවත හිතන්න කියන්නයි. "
සීන් කතා කරන තෙක් අහගෙන හිටපු බෝ තමන්ගෙ ඇස් වල කඳුළුත් පිහදාගෙන සීන් ගෙ මූණ එයාගෙ පැත්තට හරවගත්තා. බෝ ගෙ අත් දෙකම සීන් ගෙ කම්මුල් දෙපැත්තෙන්ම තියාගෙන ඒ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවෙ හිතේ ලොකු අධිෂ්ඨානයක් තියාගෙනයි.
" My baby bunny, Listen to me carefully.
මං වංග් බෝ. මේ අද මං ඔයාට පොරොන්දු වෙනවා, අදින් පස්සෙ ඔයාට කවදාවත් අඬන්න ඉඩ තියෙන්නේ නෑ කියලා. අතීතය දැන් ගෙවිලා ඉවරයි. අපි ඉන්නෙ වර්තමානයේ. සමාවෙන්න අතීතයේදි ඔයාව හොයාගෙන ආවෙ නැති එකට. ඒ වගේම මගේ ආදරේ බොරුවක් නෙවේ. මගේ තීරණේ කිසිම වෙනසක් වෙන්නෙත් නෑ. ආදරේ කියන්නෙ මේ පපුව අනික් කෙනා වෙනුවෙන් ගැහෙන එකට මිසක් මේ වත් පෝසත්කම් වලට නෙවේ.
So sean, My baby what do you think about my proposal? Will you be my boyfriend? If you can't say it now, it doesn't matter. I never force you. But if you need some time..Just take it as long as you want. I will be wait until recieving your answer. "
VOUS LISEZ
LET ME (COMPLETED)
FanfictionIntroduction Love someone who's not afraid to admit they miss you. Someone who's gonna fight for you when everyone against you. Someone who cares too much when you're down someone and someone who's willing to sacrifice everything and turn your worl...