කෝල් එක 📞

796 204 35
                                    

" මොකද මේ බය වෙලා වගේ? පොඩ්ඩක් මෙහාට එන්න. සීන් කොහොමද දැන් යන්නේ? "

ලෙයි පිටිපස්සෙන් ඇවිත් අහද්දි සීන් හුස්මක් හෙලලා උපරිම ධෛර්ය අරගෙන ලෙයි අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා.

" ආ.. මේ.. ඔව් සර්. මං බස් එකේ තමා යන්නෙ... මේ කට්ටිය ගිහිල්ලානෙ. "

" හරි හරි ළමයෝ. දැන් ඔයා කොහෙද ඉන්නෙ කියන්නකෝ. මං ඔයාව ඩ්‍රොප් කරන්නම්."

සීන් පුදුමයෙන් වගේ ලෙයි දිහා බලලා කිව්වෙ " බස් එකේ යන්නම්, කරදර වෙන්න ඕන නෑ " කියලා. මොකද කොල්ලාට ලෙයි එන විදිය ඇල්ලුවේ නැති නිසා. එත් තනියම යන එකත් කොල්ලාට ලොකුම අවුලක් වුණා. ඊට වඩා බස් එකේ ගමන ආරක්ෂිත බව කොල්ලාට තේරුණා.

" සර් මං ඉන්නෙ නැංන් ලුවෝ ෆ්ලැට් එකේ. ගොඩාක් දුරයි. මල්ලිත් එනවා කිව්වා, සර් කරදර වෙන්න එපා. මං යන්නම්. "

" ආහ් එහෙමද.. මාත් යන්නේ ඒ පැත්තෙන්. යමු මං ඔයාලව ඩ්‍රොප් කරන් යන්නම් "

සීන්ගෙ කරට අතකුත් දාගන්න ගමන් ලෙයි කිව්වෙ එයාගෙ අධිෂ්ඨානය කොහොම හරි ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තුවෙන්. 

" බොහොම ස්තූතියි සර් කතා කලාට. මට යන්න පුළුවන්. මල්ලිත් එනවා කිව්වා. කීයට එයාව ගන්න වෙයිද දන්නෙ නෑනේ. "

" හරි. ඔන්න මං යනවා එහෙනම්. "

" OK sir. Good Night "

සීන් බස් එකේ වැඩ්ඩා වගේ ගෙදර ගියේ බස් එකේ සෙනඟ ගොඩාක් හිටපු නිසා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සීන් ගෙ ෆ්ලැට් එකේ


සීන් උදේ නැගිට්ටෙම යීයී ගෙ කෝල් එකේ සද්දෙට.

" දවසයි කතා නොකලේ. ඒ ඩිංගට අමතක වුණාද? "

" ආ.... මොකද්ද අමතක වුණේ ? උදේ පාන්දර ඇයි හදිසියක් ද මේ බෙරිහන් දෙන්නේ? "

" දැන් එතකොට මං ඔයාට කෝල් කරන්න ඕන හදිසියකදි විතරයි ද? ඒකද දැන් මට කියාගෙන එන්නේ? "

" අම්මෝ.. යීයී කොයි වෙලේද මං එහෙම එකක් කිව්වේ? දැන් කුකුලත් අතින් අරන් කාලි අම්මා ආවේශ වෙලා වගේ කියවන්නේ? " ( චයිනා වල ඒවා නෑ ගනන් ගන්න එපා )

LET ME (COMPLETED)Où les histoires vivent. Découvrez maintenant