අළුත් බලාපොරොත්තුව 🌻

1K 208 104
                                        

කෙල්ලො දෙන්නා ඇරෙන්න අනික් දෙන්නා මූණට මූණ බැලුවෙ යීයී ගෙ හදිසි ක්‍රියාවට.

" යීයී 😠 "

" ශෙන් යූ 😠 "

" තමුසෙ කවුද මට අත තියන්න? "

" ගිහින් තමුසෙගෙ තාත්තාගෙන් අහනවා ඒක. ලැජ්ජා නැතිකමේ සීමාව පැනලා එනවද මෙතන තවත් බෝ ගෙ ඇඟේ එල්ලෙන්න? තමුසෙ නිසා අහිංසක ජීවිත දෙකක් නැති වුණා. තමුසෙ මගේ ජීවිතේ කාලකණ්ණි කලා මදි වුණා ද? මං තමුසෙලාගෙ මහලොකු බංගලාවෙන් ආවෙ තමුසෙ වගේ මට හැදෙන්න ඕන නැති නිසයි. ගිහින් තමුසෙගෙ තාත්තට කියනවා මාව බොරුවට තැන් තැන් වල හොයන්න එපා කියලා. මම කොහොමත් තමුසෙලාගෙ පවුලට ආයි එන්නෙ නෑ. කොටින්ම මම ශෙන් චාඕ යීයී කියන නමින් ශෙන් කියන වාසකම අයින් කලා කියලා ගිහින් කියනවා. "

" ඇයි තමුසෙ දැන් මෙතන රඟපාන්න හදන්නෙ බෝ ව දැලේ දාගෙන ආසියාවේ පෝසතාගෙ කෙල්ල වෙන්නද? හිතන්න එපා ඒකට මං ඉඩ දෙයි කියලා. අර එක එකාලා එක්ක නිදාගත්ත, කොහෙවත් නැති මිනිහෙකුත් මැරුණෙ මෙයාගෙ කරේ එල්ලෙන්න ඇවිත් තමා. "

ච...ටා...ස් 👋

තවත් කම්මුල් පාරක් වැදුණෙ ශෙන් යූ ගෙ මූණ පුපුරන්න තරම් සැරකින්.

" කොහෙවත් යන මිනිහෙක් නෙවෙයි ඒ. ඒ මගෙ පණ. මගෙ ආදරෙ. මගෙ නැතිවුණ ළමයාගෙ... නෑ.... මේවා තමුසෙට මොකටද මං කියන්නේ. තමුසෙ හිතුවද තමුසෙ වගේ, මිනිස්සුන්ගෙ අසරණකමින් ප්‍රයෝජන අරන්, ඕන එකෙක් එක්ක නිදියපු කෙනෙක් කියලා. මගෙ සීන් නිදාගත්තෙ මාත් එක්ක. කරපු දෙයක් කලේ මාත් එක්ක. තමුසෙ කවුද එහෙම කතා කරන්න. තමුසෙ දැන් මෙතනින් නොගියොත් තමුසෙ දැනගනී මේ බෝ ගෙ අනික් පැත්ත මොකද්ද කියලා. මොකද එදා වගේ අද මං ඉන්නෙ අසිහියෙන් නෙවේ."

හයිකුආන් අල්ලන් ඉද්දිම බෝ දීලා ඇද්දෙ සීන් ගැන වැරදියට කතා කරන්න ඇවිත්. ශෙන් යූ ඒ ඔක්කොමත් අහගෙන කැබින් එකෙන් එළියට දිව්වෙ බෝ ගහපු කම්මුලේ පැත්තත් අල්ලගෙනමයි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

වසර එකහමාරකට පසු

ස්විස්ටර්ලන්තය

LET ME (COMPLETED)Opowieści tętniące życiem. Odkryj je teraz