ඉන්ටවීව් එක ☺😲

839 210 36
                                    

සීන්ගෙ ෆ්ලැට් එකේ
චෙන් එක්ක යූ බින් කෝල් එකක,

" තාම අයියා ආවෙ නැත්තෙ ඇයි? කථා කලාද අයියාට ? "

" එයා හවස එන්න කලින් කිව්වා චාර්ජ් නැති නිසා ෆෝන් එක ඕෆ් වෙයි කියලා. "

" ඇයි ඔයා හැමදාම අයියාව එක්කන් එන්න යන්නේ? අද මොකද නොගියෙ ?"

" අද මට ඔන්ලයින් ලෙක්චර් එකක් තිබ්බා. ඒකයි. අයියා ඉතිං කරුවලට බයයි නෙ. ඒකයි හැමදාම මං යන්නෙ. "

" ආ... ඒ කවදා ඉඳන්ද හාාා හාාා 😆😆 Very Funny..දැන් වයස කීයද. මේ යකා කරුවලට බයයි. 🤣🤣"

" ගොඩක් කල් ඉඳන්. හිනා වෙන්න එපා. එයා ගැන මට බයකුත් දැනෙනවා වෙලාවකට. එයා සමහර දවස් වලට හීනෙන් අඬනවා, කෑ ගහනවා, උදේ වෙද්දි එයාට ඒ කිසිම දෙයක් මතක නෑ. මං ඇහුවට එයා කිසිම දෙයක් කියන්නෙත් නෑ. "

" මං එයත් එක්ක කතා කරන්නම්. ඒක..."

" බින් අයියෙ ඔහොම ඉන්න. මං හිතන්නෙ අයියා අාවා. "

" හරි. මං පස්සෙ කතා කරන්නම්. "

මල්ලිට කියන්න හොඳ බොරුවකුත් හදාගෙන සීන් තෙමුණ ඇඳුම් පිටින්ම එයාලගෙ දොරේ බෙල් එක ගැහුවා. දොර අරිද්දිම සීන් එයාගෙ මල්ලිව බදාගත්තා. හියියෙන් කෑ ගහලා අඬන්න ඕන වුණත් කොල්ලා ඒක දරා ගත්තෙ චෙන් ට ඇත්ත සිද්ධිය කිව්වොත් කලබල වෙයි කියලා හිතලා. චෙන් දැක්කෙ හොඳටම තෙමිලා මූණත් රතු වෙලා කටත් තුවාල කරන් ඉන්න එයාගෙ අයියා එයාව තෙමුණ ඇඳුම් පිටින්ම බදාගෙන ඉන්නවා. එයාගෙ ග්‍රහණයෙන් ඈත් කරපු චෙන් හොඳටම කලබල වුණා සීන්ගෙ ඇස් වල රතු පාට නිසා වගේම මූණෙ තිබ්බ රතු පැල්ලම් දැකලා.

" අයියා මේ ඔයාට මොකද වුණේ? "

" අහන්න. කලබල වෙන්න එපා. මාව බස් එකෙන් බහිද්දිම කාණුවකට වැටුණා. මූණත් වැදුනා එතන තිබ්බ කොන්ක්‍රීට් එකේ. රෑ නිසා දැක්කෙත් නෑ අනික මං බයත් වුණා. ඔයා දන්නවානෙ, මං කුඩයක් අරන් ගියෙත් නෑනේ. මං ඇඳුම් මාරු කරගන්නම්. ඔයා නිදාගන්න. මට අමාරුවක් නෑ. ලොකු තුවාලයක් වුණේ නෑ."

සීන් බොහොම අමාරුවෙන් වචන පැටලෙන්නෙ නැතුව කිව්වෙ බාත් රූම් එක පැත්තට යන ගමන්.⁣ චෙන් ට අයියාගෙ වෙනසක් තේරුණත් එයාගෙන් එවලෙ අහන්න සුදුසු නෑ කියලා තේරුම් ගත්තා.
බාත්රූම් එකට ගියපු සීන් ටැප් එකත් ඇරගෙන බිම වාඩිවෙලා හොඳටම අඬන්න ගත්තා. එ්ත් සද්දෙට නෙවේ. එයාගෙ තුවාල වලටත් වඩා වේදනාව දැනුනෙ එයාගෙ හිතට. පැය දෙකක් විතර බාත්රූම් එකේ ඉඳගෙන අඬපු සීන් අවසානෙ ඇඳට ආවෙ මේ දේවල් ගැන අමතක කරලා දාලා හෙට ඉන්ටවීව් එකට යන එක ගැන මතක් කරන ගමන්.

LET ME (COMPLETED)Onde histórias criam vida. Descubra agora