හිත් රිදුම 😥

747 176 22
                                    

තවත් සතියක් විතර ගෙවිලා ගියෙ ගොඩක් වේගෙන්. දවසක් සීන් ඔෆිස් එකේ ඉන්න වෙලාවක හදිසියේම බෝ ගෙ සයින් එක ඕන වුණා ඩොකියුමන්ට් වගේකට. සීන් වෙලාව බලද්දි බෝ ගෙ එක්සෑම් ඉවර වෙලා තියෙන්න ඕන කියලා හිතුවා. කොල්ලා ඉක්මණින් කෝල් එකක් ගත්තෙ බෝ ට ඒ සයින් එක ගන්න කැම්පස් එකේ ගේට් එක ළඟට එන්නද අහන්න. බෝ එක පයින් කැමති වුණේ සීන් ව බලා ගන්න පුළුවන් බව දන්න නිසාමයි. මේ වෙද්දි ශෙන් යූ බෝ එක්ක ශේප් එකේ කතා කරනවා. ඒත් එයා දන්නෙ නෑ ශෙන් යූ කියන්නේ ග්රෑන්පා එයා වෙනුවෙන් එවපු තෑග්ග කියලා. හොරෙන් හොරෙන් එක එක කෑම ජාති බෝ වෙනුවෙන් යවන එක එයාගෙ පුරුද්දක් වෙලා දැන්. බෝ නම් ඉතින් කාගෙවත් දේවල් කිසිම විදියකින් යූස් කරන කෙනෙක් නෙවේනෙ. මෙයා හැමදෙයක්ම ප්‍රතික්ෂේප කරද්දි ෂුආන් ඒ ඔක්කොටම වග කිව්වා. යාළුවො සෙට් එකත් දන්නවා බෝ ගෙයි සීන් ගෙයි එෆෙයා එක. ඒ නිසාම බෝ ට තරහ ගියාම කෙලින්ම කතා කරන්නෙ සීන් ට. කට්ටිය දන්නවා බෝ ව කන්ට්‍රෝල් වෙන්නෙ එයාට විතරයි කියලා.

සීන් ඩොකියුමන්ට් ටිකත් අරගෙන ඔෆිස් එකෙන් එළියට යන්න එද්දිම SJ සීන් ව මීට් වෙන්න ආවා.

"හායි Lun....නෑ...මෙ.. සීන් "

" ඕහ් SJ. මං මේ පොඩ්ඩක් එළියට යන්න කියලා, මොකක් හරි වැඩකටද ආවෙ? "

" එතකොට දැන් මං ඔයාව මීට් වෙන්න ඕන වැඩකට විතර ද? "

" අනේ නැහැ. මං මේ මිස්ට බෝ ව මීට් වෙන්න යනවා, ටිකක් හදිස්සී. "

" එහෙනම් මාත් එන්නම්. හාෆ් අවර් ෆ්‍රී මට. තනියම යන්නත් එපා මේ ටිකේ අසනීපෙන්නෙ ඉන්නෙත් "

" ඔයා😲? ඒත්... හ්ම්. හැබැයි කාර් එකේම ඉන්න වෙයි එළියට එන්නෙ නැතුව. මට බැහැ ෆෑන්ස්ලාගෙන් කතන්දර අහන්න. "

සීන් ලිෆ්ට් එකේ පහලට එන ගමන් මැසේජ් එකක් දැම්මෙ ෂුආන් ට.

💬
📱 ම්... මට අද චොකලට් ලොකු පැක් එකක් ඕන. ඔන්න සිහින කුමාරයා මාත් එක්ක කැම්පස් එකට එනවා 📱

මැසේජ් එක ෂුආන් ට එද්දි බෝ යාඕ අනික් සෙට් එකත් හිටියෙ ෂුආන් එක්කම. ෂුආන් ෆෝන් එක දිහා බලාගෙන මැසේජ් එක කියවද්දි කට්ටියම බැලුවෙ ෂුආන් ගෙ මූණ.

LET ME (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora