හඹා යාම 🏃

1K 229 25
                                        


" Are you falling love with H I M ? "

බෝ ෂොක් වුණේ එකපාරටම ෂුආන් HIM කියලා අකුරෙන් අකුර කිව්ව නිසා.

" ෂුආන් .... "

" ඔව්... මං ෂුආන් නම් තමයි. හැබැයි මං අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් ඒක නෙවේ. මොකද මල්ලී.... විනාඩි දෙකකට කලින් තිබ්බ කේන්තිය හොරු අරන් ගිහින් එකපාරටම හඳ එළියක් මූණට වැටුණා නේ? ආ..ව්  ආ...ව් "

" ඒත් ෂුආන් උඹ... "

" මොකද බං මේ මගේ නම උඹ මතුරනවද? FBI එකෙන් වගේ ප්‍රශ්න කරන්නේ, හරිනම් මමයි දැන් මෙතන ප්‍රශ්න කරන්න ඕන එකා. නාහෙන් අඬන එක පැත්තකට තියලා දැන්වත් මුලක ඉඳන් ස්ටෝරිය වමාරන්න පටන් ගත්තා නම් හරි නේද කොල්ලෝ "

" හම්...මං දන්නේ නෑ මචං. මං ඒ කොල්ලාට.....
මං මේක නවත්ත ගන්න ට්‍රයි කලා බං. මුලින්ම එයාව දැක්කට පස්සෙ ආයි මට එයාව දකින්නේ නැතුව ඉන්න බැරි වුණා, ඊළඟට වුණේ යන යන තැන් වල එයාව මැවි මැවි පේන එක. මොන දේ කරන්න ගියත් එයාව මතක් වෙනවා. ලොකුම දේ එයා ළඟට වෙන අය ළං වෙද්දි මට ඒක දරා ගන්න බැරි එකයි. මට තරහක් එනවා උන්ව මරන්න තරම්. ඒත් එහෙම දෙයක් වෙන්නෙ කොහොමද? ඒ කොල්ලෙක්. මං කවදාවත් කොල්ලෙක්.... මොකද්ද බං මේකට කියන්නේ?  මට තේරෙන්නෙ නෑ. මං දන්නවා මේක පිස්සුවක්. ඒත් ඇයි බං මට ඒ පිස්සුව හොඳ කර ගන්න ඕන නෑ කියලා හිතෙන්නේ ? "

" බෝ... රිලැක්ස් මචං. රිලැක්ස්. උඹ මෙහෙම අඬන්නෙ ඇයි දැන් පොඩි එකෙක් වගේ? "

" ඒත් ඇයි බං මේ හදවත මේ තරම් රිදෙන්නේ එයා වෙන කෙනෙක් එක්ක ඉද්දි ? අර කොල්ලා එයාව අල්ලනවාත් එක්ක. කොටින්ම එයාලා හැමදාම යන්නෙත් එකට. එයාට ඒ කොල්ලා ගොඩක් ළඟයි බං. මං අඩුම එයාගෙ නම වත් දන්නෙ නෑ. "

ෂුආන් ට බෝ කියන දේවල් වලට හිනා යන්න ආවත් කොල්ලා හිනා වුණේ නෑ. එයා දන්නවා බෝ ට මේ හැදිලා තියෙන ලෙඩේ මොකද්ද කියලා.

" කවද්ද උඹට කොල්ලා ගැන විස්තර ඕන? මං දන්නවා උඹට මේක තනියම කරගන්න තිබුණා. ඒත් උඹේ අයියා, අනික් අය දැන ගනී කියලා උඹ බය වුණා. ඒ නිසාද උඹ රෑට රෑට මිස්ට පාක්  එක්ක වාහනේ ෂොප් එක පැත්තෙ කරක් ගැහුවේ? "

LET ME (COMPLETED)Tempat cerita menjadi hidup. Temukan sekarang