අතවරය 😢

1.1K 227 62
                                        

දරාගත නොහැකි සිද්ධීන් ඇත. කියවීම ඔබ සතුයි.


" බොස්. කොල්ලා ෂොප් එකේ අයිතිකාරයාගෙ කාර් එකට නැග්ගා. ඔව්. අද ටිකක් රෑ වැඩි තමයි. ම⁣ට ප්‍රශ්නෙ මේ ටිකෙම මිනිහගෙ ඇස් දෙක කොල්ලා ළඟමයි. අනික බොස් ෂොප් එකේ අයිතිකාරයාගෙ පරණ පැටිගිරිය එච්චර හොඳ එකක් නෙවේ. "

" ඇහැ ගහගෙනම ඉන්නවා. හදිසියක් වු⁣ණොත් කරන්න ඕන දේ දන්නවානෙ? "

" OK boss. "

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ලෙයි ගෙ වාහනේ මේන් රෝඩ් එකට දාද්දිම සීන් ගෙ වෙලාවටම කොහෙදෝ නැති ධාරානිපාත වැස්සක් කඩාගෙන පාත් වුණා. සැරින් සැරේ සීන් දිහා ලෙයි බලද්දි සීන් හිතින් ප්‍රාර්ථනා කලේ පුළුවන් ඉක්මණින් ගෙදර යන්න ලැබෙන්න කියලා. මොකද ඒ වෙද්දි කොල්ලාගෙ ෆෝන් එකත් ඕෆ් වෙලා චාර්ජ් එක නැතිව. ඒත් එක්කම ලෙයි වාහනෙ අතුරු පාරකට දැම්මා.

" සර් මේ කොහෙද මේ යන්නේ? මගෙ ගෙදර තියෙන්නෙ අනිත් පාරෙනෙ."

" අයියෝ ළමයෝ. මේක ෂෝට් කට් එකක්. ඔයා දන්නෙ නැද්ද මෙච්චර කාලයක් මෙහෙ ඉඳලා? කලබල වෙන්න එපා, මං ගෙදරටම ගෙනිහින් දාන්නම්. අනික හයියෙන් වහිනවත් එක්ක. "

කොල්ලා වාහනේ නතර කරන්න කියලා කියන්න යද්දිම බොසා වාහනේ නතර කලා. මහ වැස්සත් එක්ක අකුණු වලින් වැටෙන පුංචි එළියට කොල්ලා දැක්කා ඇවිත් තියෙන්නෙ පාලු පාරකට කියලා. තප්පරේට 120 කටත් වඩා වේගෙන් දුවන හාට් බීට් එකේ වේගෙත් එක්ක සීන්ට දැනුනා වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙවේ කියලා.

" සර් , ඇයි මේ වාහනේ නතර කලේ? ඔයා ඇ..යි මේ මේ..මොනාද මේ???"

" ඇයි.....ඔයා බයද මාත් එක්ක මෙහෙම ඉන්න පැටියෝ ?"

ලෙයි සීන් ගෙන් එහෙම ඇහුවෙ එයාගෙ සීට් බෙල්ට් එක රිලීස් කරන ගමන් සීන් ගෙ රෝස පාට තොල් දිහා බලාගෙන එයාගෙම තොලුත් ලෙව කන ගමන්.

" මොකද්ද ...මෙතන.."

" ෂ්... ෂ්... කෑ ගහන්න එපා පැටියො..මොකද මේ...ඔයා බය වෙලා. අැයි මේ ඇස් වල කඳුළු? අපි චුට්ටක් කතා කරමු."

LET ME (COMPLETED)Where stories live. Discover now