අතීත මතක ආවර්ජන 🥺😪

854 199 26
                                        

FLASK BACK

සීන් වැඩියෙන්ම ආදරේ කරපු ග්රෑන්පා මේ ලෝකෙ දාලා ගියෙ එයාගෙ දෙමව්පියෝ නැතිවෙන්න අවුරුදු තුනකට කලින්. සීන්ට එයාගෙ දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් නැති වුණාම එයාලට අයිති සියළුම දේ එයාගෙ තාත්තාගෙ යාළුවෙක් ගත්තා. ඒ වෙද්දි සීන්ට අවුරුදු 10. එයාගෙ මල්ලිට අවුරුදු 2. සීන් ට ඒ මිනිස්සු එක්ක හැප්පෙන්න තරම් දැනුමක් වත් බලයක් වත් තිබුණෙ නෑ. සීන්ට වුණේ එයාගෙම ගෙදරින් එළියට බහින්න එයාගෙ මල්ලි එක්ක. එයා ඇඳුම් දෙකතුනකුත් එක්ක එයාගෙ පුංචිම මල්ලි පැටියවත් අරන් එළියට බැස්සෙ කර කියා ගන්න දෙයක් හිතා ගන්නවත් බැරුව. එයාලා සාමාන්‍යය පවුලක්. එයාලා කරගෙන ගියෙ පොඩි රෙස්ටුරන්ට් එකක්. හැබැයි ඒක සාර්ථක වුණා.

එළියට බැහැල සීන් ගියෙ ඔලුව හැරුන අතේ. එයාට මේ ප්‍රශ්නෙට විසඳුමක් කල්පනා වුණේ නෑ. යන අතරමඟ එක පාරටම එයාට සිහියට ආවෙ එක්කෙනයි.

"Soleil
හම්... ඔව් මං එහෙට ගිහින් එයාගෙන් අහනවා. ඒ..ත්... 🤔🤔
මං එයාට කරදරයක් වෙයිද..? මල්ලිට බඩගිනිත් ඇති. මං කොහොමද එයාට කන්න දෙන්නෙ? ⁣Soleil මට කිව්වෙ හදිසියක් වුණ ඕන වෙලාවක එයාව හොයාගෙන එන්න කියලා. එයා විතරයි දැන් එකම පිහිට."

එහෙම හිතාගෙන සීන් එයාගෙ මල්ලිවත් එක්කගෙන ගියෙ එයාගෙ ⁣පුංචි කාලේ ඉඳන් ඉන්න යාළුවගෙ ගෙදර. විශාල බංගලෝ එකක ලොකු ගේට් එක ළඟ නතර වුණ පුංචි සීන් ගාඩ් රූම් එකේ සිකියුරිටි ට කතා කලා.

"අංකල්... ෆූ සොංග් ඉන්නවද? "

ඉස්කූල් බෑග් එකකුත් අරන්, පුංචි බබෙක්ව රෙදි කැල්ලකින් ඔතාගෙන ඉන්න ළමයෙක් සිකියුරිටි දැක්කා. දාඩිය පෙරාගෙන හරියට දවස් ගානකින් කාලා නෑ වගේ කෙට්ටු වෙලා ඉන්න පුංචි සීන්ව දැක්කම එයාට ලොකු අනුකම්පාවක් දැනුනා. ඒත් එයා හිතුවෙ එයාගෙ පොඩි මහත්තයාගෙ නම කිව්ව නිසා අඳුරනවා ඇති කියලා.

" ළමයා... පොඩි බේබි නම් ඉන්නවා.. හැබැයි අද නම් මෙහෙ කලබල දවසක්."

"ආ.... එහෙමද... මං පස්සෙ එන්නම් අංකල්"

සීන්ගෙ ඇස් වලට කඳුළු පිරෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ. එයාගෙ එකම බලා⁣පොරොත්තුව එයාගෙ ඇස් ඉදිරියේම ක්ෂණිකව අතුරුදන් වුණේ එයාටවත් නොදැනිමයි.
කොච්චර ප්‍රශ්න තිබුණත් සීන්ගෙ මූණෙ හිනාව කවදාවත් සීන් නැති කර ගත්තෙ නෑ. ඒක එයා එයාගෙ අම්මට දීපු පොරොන්දුවක්. මේ වෙලාවෙත් එයා හිනා වෙලාම අනික් පැත්ත හැරු⁣නෙ පපුව ඇතුලෙ ගින්නක් ඇවිලෙද්දි. එතකොටම එයාගෙ මල්ලි පැටියා අඬන්න ගත්තා. පුංචි වුණත් සීන්ට තේරුණා මල්ලි අඬන්නෙ බඩගින්නට කියලා. ඒ වෙද්දි සීන් ළඟ තිබුණේ මල්ලිට උදේ ගෙදරින් එද්දි හදාගෙන ආව කිරි බෝතලේ විතරයි. එයාගෙ පපුව හීල්ලුනෙ මේක බිව්වට පස්සෙ දවල් වෙලා මල්ලිට දෙන්නෙ මොනවද කියලා හිතලා. මේ සියළු ඉරියව් සිකියුරිටි බලන් ඉඳලා එයා සීන් ට කතා කලා.

LET ME (COMPLETED)Dove le storie prendono vita. Scoprilo ora