Red lips always lie

333 86 0
                                    

Jin pov

සොන්හි මන් දිහා බලලා බයවෙද්දි තමයි මට මතක වුණේ මගෙ ඇස්වල පාට වෙනස් වෙලා ඇති කියලා.

"සොන්හි, මට පැහැදිලි කරන්න දෙන්න"

"මොනවා පැහැදිලි කරන්නද? ඔයත් මාව කන්නයි හදන්නෙ" ඇය කිව්වෙ මන් දිහා පිළිකුල් විදිහට බලාගෙන.

"Please මන් එහෙම කරන්නෙ නෑ. ඉස්සෙල්ලම මන් කියන දේ අහන්නකො"

"ඇයි මන් ඔයා කියන දේවල් අහන්නෙ? ඔයා කියන්නෙ බොරු විතරමයි. මන් ඔයාට ඇත්තටම ආදරේ කරා. ඒත් ඔයා? මන් ඔයාට වෛර කරනවා" ඇය හයියෙන් කෑගැහුවා.

"සොන්හි, මන් දිහා බලන්නකො" මම එහෙම කිව්වත් ඇය කරේ අහක බලාගෙන එක අතකින් මගෙ පපුවට ගහපු එක.

"ඒක කොච්චර රිදෙනවද කියලා ඔයා දන්නවද ජින්?"

"මන් දන්නවා මැණික"

"ඔයා කොහොමද දන්නෙ? අඩුම තරමෙ ඔයාට හදවතක්වත් නෑ" ඇය කිව්වෙ උපහාසයෙන්.

"කරුණාකරලා මාව දාලා යන්න" ඇය කෑගහලා කිව්වත් මන් දන්නවා ඇය මෙතන තනියම ඉන්න බයයි කියලා. ඒත් එයාගෙ තරහා ඒ හැමදේම යටපත් කරා. මම ඇයගෙ කම්මුල් වලින් අත් තියලා ඇයගෙ මූණට එබුණා. සොන්හිව මෙහෙම දකින එක ඇත්තටම මට ලොකු වේදනාවක්. ඇය මන් දිහා බලාගෙන හිටියත් ඒ ඇස්වල ඉස්සර තිබුණ ආදරේ පොඩ්ඩක්වත් පේන්න තිබුණේ නෑ. ටික වෙලාවකට පස්සෙ ඇය සන්සුන් වුණා කියලා මට තේරුණා. මන් ඇයගෙ ඇස් දිහා බලලා ඇයව මෝහනය කරේ ටිකක් නිදාගන්න පැටියො කියලා. මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් මට තේරුණේ නෑ. මන් සොන්හිව එයාගෙ ගෙදරට අරගෙන යන ගමන් මන් ඒ නළල සිපගත්තෙ ගොඩක් ආදරෙන්.

Sonhi pov

උදේ නැගිටින කොට මගෙ ඔලුව පැලෙන්න වගේ මට දැනුනෙ.

"පැටියෝ, ඔයා හොදින්ද?" මන් ඒ පැත්තට හැරෙනකොට ජින් මගෙ දිහා බලාගෙන හිටියා.
"මන් ඔයාට උදේට කන්න උයලා තියෙන්නෙ. පහළට එන්න" ජින් එහෙම කියාගෙන පහළට යන්න හැදුවෙ.

"ජින් ඔයා හිතනවා නම් ඊයේ රෑ උන කිසිම දෙයක් මට මතක නෑ කියලා ඔයා වැරදි. මට හැමදේම හොදට මතකයි"

"සොන්හි?"

"නෑ ජින් please යන්න. මාව දාලා යන්න. මට ටිකක් හිතන්න කාලේ ඕනි"

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now