I need him

336 82 0
                                    

Sonhi pov

කැම්පස් ඉවර වෙලා ජින් මාව ගෙදරට ගෙනත් දැම්මා. මන් හිටියෙ ඇදුම් මාරු කරන ගමන්.
"ආයිෂ්! මේ කොල්ලා නම් මාව පිස්සු වට්ටනවා" එහෙම කිය කිය මන් කුස්සියට ඇවිල්ලා නූඩ්ල්ස් එකකුත් හදාගෙන කෑවා. ඊට පස්සෙ කුස්සිය අස් කරලා ඇවිල්ලා ටිකක් පාඩම් කරා.

Few hours later

මන් ඔරලෝසුව දිහා බලද්දි වෙලාව 9 යි. මට හිතුනා කැලේ ටිකක් ඇවිදින්න යන්න. මන් ස්විටර් එකත් ඇදගෙන සපත්තු දෙකකුත් දාගත්තා. ඊළඟට මන් එළියට ඇවිල්ලා ටිකක් දුර ඇවිදගෙන ගියා. සීතල හුළන් ඇවිල්ලා මගේ ඇගේ දැවටෙනකොට මාර සනීපයක්.
"මට තාමත් ජින්ගෙ තොල්වල රස දැනෙනවා" මම කිව්වෙ මගෙ තොල් අතගාන ගමන්.

Flashback

මන් ජින් එක්ක ගෙදර එන වෙලාවෙත් අපි දෙන්නට ජිමින් හම්බ වුණා. ඒ වෙලාවෙත් එයා ආවෙම රණ්ඩුවට තමයි.

"සොන්හි, ඔයා ඔය කරන්නෙ හරි දේ නෙමෙයි" ජිමින් කිව්වෙ ජින්ට රවාගෙන.

"ඔයා මට හරි වැරැද්ද කියලා දෙන්න ඕනි නෑ ජිමින්. මන් දැන් වැඩිහිටියෙක්. කරන්න ඕනි මොනවද නැත්තෙ මොනවද කියලා මන් හොදට දන්නවා" මන් කිව්වෙ ටිකක් තරහින්. මන් එහෙම කිව්වම නම් ජිමින් යකෙක් වගේ වුණා. බලන්නත් බයයි. දැන්නම් මේ ඉන්නෙ මන් පොඩි කාලේ ඉදන් අදුරන මගෙ යාලුවා නම් නෙමෙයි කියලා මට තේරුනා.

"සොන්හි.............. ජිමින් කෑගැහද්දි බයටම මාව පිටිපස්සට විසික් වුණා.

"යාහ් තමුසෙ දන්නෙ නැද්ද ඔය කෑගහන්නෙ මගෙ කෙල්ලට කියලා" ජින් ඊටත් වඩා හයියෙන් කෑගැහුවේ මන් තවත් බය වෙද්දි.

"තමුසෙගෙ කෙල්ල" ජිමින් ඒක නම් කිව්වෙ නෝන්ඩියට හිනා වෙවී.

"ඔයා මගේ කෙල්ල නේද?" ජින් එහෙම ඇහුවම මන් ජිමින් දිහා බැලුවා. ඊළඟට ඔව් කියන්න ඔලුව වැනුවෙ මන් ටිකක් බයවෙලා හිටපු නිසා කතා කරන්නවත් සිහියක් තිබුණේ නැති නිසා.

"එහෙනම් ඒක ඔප්පු කරන්න"

"මොකක්ද ඔප්පු කරන්න කියන්නෙ?" මන් ඇහුවේ පුදුම වෙලා.

"ඔයා මගේ කෙල්ල කියලා මේ මුලු ලෝකෙම ඉස්සරහ ඔප්පු කරන්න" ජින් මන් දිහා බලාගෙන හිනාවෙලා කිව්වා.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now