The real culprit

270 65 11
                                    

Sonhi pov

මන්  ආයෙත් ඇස් අරිනකොට උදේ වෙලා. මන් වටපිට බලනකොට තමයි මට හෙමීට ඊයේ උන දේවල් මගෙ ඔලුවට ආවේ. ඒත් මන් දැන් ඉන්නෙ ඇදේ. මට හොදට මතකයි ඊයේ සිහිය නැති වෙද්දි මාව වැටුනෙ බිමට කියලා. ඒත් මන් කොහොමද ඇදට ආවේ? මන් ඒ ගැන කල්පනා කර කරම පහළට ආවේ මොකද වෙන්නෙ කියලා බලන්න. මන් යද්දි උදේ කෑම මේසෙට ඇරලා තිබුණා.

"ගිහින් මොනවහරි කන්න" මන් බලද්දි කුස්සියෙ හිටියෙ අයියා.

"මට කන්න ඕනි නෑ. කවුද දන්නෙ අද කෑමවලට වස දාලද කියලා"

"මන් මොකටද කෑමවලට වස දාන්නෙ? මන් තමුන්ගෙ අයියා. මන් මොකටද තමුසෙව මරන්නෙ?"

"මට කන්න ඕනි නෑ කිව්වනෙ"

"එහෙනම් කාමරේට යනවා" අයියා කෑගැහුවේ මන් දිහාවත් බලන්නෙ නැතුව. මට තාම හිතාගන්න බෑ මේ ඉන්නෙ මගෙ අයියම්ද කියලා. මන් ඉක්මනට කාමරේට ඇවිල්ලා දොර වහගත්තා. එකපාරටම මට ඇහුනේ ක්ලික් සද්දයක්. මට හිතුන දේ ඇත්තක්ද කියලා මට විශ්වාස කරන්න බැරි උන නිසාම මන් ගිහින් බැලුවේ දොර අරින්න ඒත් ඒක ලොක් කරලා.

"අයියෙ ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? මොකටද දොර ලොක් කරේ?"

"ඇයි දැන් කන්නත් එපා කියලා කාමරේට ආවේ. ඉතින් ඇතුළට වෙලා ඉන්නවා. කොහෙවත් යන්න හිතන්නවත් එපා" ඇයි මටම මෙහෙම වෙන්නෙ? මන් අයියට මොනවා කරාටද එයා මට මෙහෙම කරන්නෙ?

"අනේ ජින් ඔයා කොහෙද ඉන්නෙ? අනේ ඇවිල්ලා මාව මෙතනින් අරගෙන යන්නකො" එහෙම්ම බිම වැටිලා අඩනවා ඇරෙන්න මට වෙන කරන්න කිසිම දෙයක් නෑ.

Jin pov

ජියොන් ගියාට පස්සෙ මට හිතුනෙ බුසාන් ගිහින් රාජකීය වැම්පයර්ලා ගැන ටිකක් හොයලා බලන්න. මන් කාමරේට ගිහින් මගෙ ජැකට් එක දාගෙන කෙලින්ම ටෙලිපෝර්ට් වුණේ බුසාන්වලට. ආවට පස්සෙ තමයි මතක් වුණේ ආවට මන් යන්න ඇඩ්‍රස් එකක්වත් දන්නෙ නැහැනෙ කියලා. ඉක්මනට ජිමින්ට කෝල් එකක් අරන් ඇඩ්‍රස් එකත් ඉල්ලගෙන එහෙට ගිහින් බැලුවම තමයි මට තේරුනේ ජිමින් දිලා තියෙන්නෙ ම්න් ඉල්ලපු ඇඩ්‍රස් එක නැතුව සොන්හිගෙ ගෙදර ඇඩ්‍රස් එක කියලා. සොන්හි මගෙ මූණවත් බලන්නෙ නෑ කියලා ආපහු හැරිලා එන්න හැදුවත් හොරෙන් හරි සොන්හිගෙ මූණ බලන්න හිතුන නිසා ම්න් බිත්තිය දිගේ බඩගාගෙන ගිහින් එතන තිබුණ ජනේලෙකින් එබිලා බැලුවේ සොන්හි ඉන්නවද කියලා. ඒත් දැකපු දේ නිසා මගෙ මුලු ඇගම පන නැතුව ගියා.
සොන්හි හිටියෙ ඇද ලග බිම වැටිලා. මේ සීතලේ බිම ගුලි වෙලා ඇසුත් පියාගෙන හොදටම නිදි. මන් හෙමීට ජනේලෙත් ඇරලා එතනට ගිහින් සොන්හිව අත් දෙකට අරගෙන ගිහින් ඇදෙන් තියලා බ්ලැන්කට් එකත් පෙරෙව්වා. ඒ ඇස්වලින් ගලාගෙන ගියපු කදුලු තාමත් කම්මුල්වල රැදිලා තිබුණා.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now