Just be careful

368 92 2
                                    

Sonhi pov

"මගේ මාලේ කොහෙද?" මගෙ මාලේ නැති වෙලා කියලා දැක්කම මට දවල් තරු පෙනුනා. හැමෝම මට කිව්වෙ ඒ මාලේ පරිස්සම් කරගන්න කියලා. ඒක කවදාවත් ගලවන්න එපා කියලා අයියා මාව පොරොන්දු කරගත්තනෙ. දැන් මොකද මන්  කරන්නෙ. ෂුවර් එකට මාලේ කැලේදි වැටෙන්න ඇති. ආයෙත් ඒක හොයන්න යනවද? නැද්ද? අම්මෝහ් ඒ ගැන නම් හිතන්නවත් ඕනි නෑ. හෙට ජිමින් එක්ක ගිහින් හොයලා බලනවා. එහෙම හිතලා මන් නිදාගන්න ගියාට මට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ.

???? Pov

මට ලේ බොන්න ඕනි වෙලා කැලේ දඩයම් කරන්න ගියාම මොකක්ද දිලිසෙන දෙයක් බිම වැටිලා තියෙනවා මන් දැක්කා. ලගට ගිහින් බැලුවම දැක්කෙ ඒක ලස්සන මාලයක් කියලා. මට ඒක දැකලා පුරුදුයි වගේ දැනුනත් කොහෙදිද කියලා මතක් වුණේ නෑ. මම ඒක අරගෙන ඇවිල්ලා මේස ලාච්චුවට දාලා නිදාගත්තා.

Sonhi pov

ඉර එළිය මූණට වැටෙනකොට මන් ඇහැරුනෙ නැගිටින්න ඕනිම නිසා. ඇයි ඉතින් ඊයේ රෑ නින්ද ගියෙත් නැහැනෙ. ඊට පස්සෙ නාලා ඇදගත්තෙ කැම්පස් එකට යන්න.

මම උදේට කාලා කැම්පස් එකට ආවේ ලෙක්චර් එකට පරක්කු වෙන්න කලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම උදේට කාලා කැම්පස් එකට ආවේ ලෙක්චර් එකට පරක්කු වෙන්න කලින්. මම ලෙක්චර් හෝල් එකට ඇවිදගෙන යද්දි කවුරුහරි මගෙ උරහිසට තට්ටු කරපු නිසා මන් හැරිලා  බැලුවේ "ජිමින්" කියාගෙන.

"ජිමින්??? ආයිෂ්, මන් ජිමින් වෙන්නෙ කොහොමද?"

"ඔහ් ටේහ්‍යුන්ග්, සොරි"

"ආහ් ඒකට කමක් නෑ" කියලා හිනාවෙලා කිව්වට එකපාරටම ඒ හිනාව අතුරුදහන් වුණා. ඊළඟට අත් දෙකෙන් මූණත් තද කරලා වහගත්තෙ මොකක් හරි ලොකු අමාරුවකින් වගේ.

"ටේහ්‍යුන්ග්, ඔයා හොදින්ද?"

"ඔයා මන් නැතුව යන්න" කියලා එකපාරට මේ මනුස්සයා මාවත් දාලා අන්න ආපහු දිව්වා. මොකක්ද ඒ ගමන වෙලා තියෙන්නෙ. අනේ මන්ද, එහෙම හිත හිත මන් ලෙක්චර් එකට ආවේ සර් ඇවිල්ල හිටියොත් මට එළියෙ ඉන්න වෙන නිසා. මම හෝල් එක ඇතුළට එනකොට වෙනදා වගේම ජන්කුක් පිටිපස්සෙන් වාඩිවෙලා හිටියෙ. මම ජන්කුක් ලගට ඇවිල්ලා එතනින් වාඩි වුණා.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now