I can't help falling in love with you

298 76 0
                                    

Jungkook pov

මන් ජනේලෙන් ඇතුළ බලද්දි දැක්කෙ සොන්හිගෙ අයියා ජින් හ්‍යුන්ග්ට තුවක්කුව දික් කරගෙන ඉන්න විදිහ. නෑ මේක වෙන්නෙ කොහොමද? මන් ඉක්මනට බැලුවේ සොන්හි දිහා. ඒත් සොන්හි මන් ලග පේන්නවත් හිටියෙ නෑ. මන් ආයෙත් ගේ ඇතුළ බලනකොට දැක්කෙ සේහුන් දික් කරගෙන හිටපු තුවක්කුවයි ජින් හ්‍යුන්ග්ගෙයි මැද්දට සොන්හි ඇවිල්ලා ඉන්නවා. එයා හදන්නෙ එයාගෙ ආදරේ ආරක්ෂා කරගන්න. මේ නිසා තමයි මිනිස්සු කියන්නෙ ආදරේ අපිව පිස්සු වට්ටනවා කියලා.
මිනිත්‍තුවක් යන්න කලින් හරි සිහියට ආපු ගමන් මන් කරේ ජිමින් හ්‍යුන්ග්ට කෝල් කරපු එක. දෙපාරක් තුන් පාරක් ගන්නකොට answer කරා.

📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

"හ්‍යුන්ග්"

Sonhi pov

ජින්ට තුවක්කුව දික් කරගෙන ඉන්නවා දැකපු ගමන් මන් දිව්වෙ ගේ ඇතුළට. මන් යනකොට අයියා ජින්ට කෑගහනවා.

"මගේ නංගි කොහෙද කියපන්?"

"මන් දන්නෙ නෑ. දැනගත්තත් මන් කියන්නෙ නෑ" ඔව් ඒ මගෙ ජින්.

"මන් මේ අන්තිම වතාවට අහන්නෙ. මගෙන් මැරුම් නොකා මට කියපන් සොන්හි කොහෙද ඉන්නෙ කියලා. කොහෙද? කොහෙද? ඒකි ඉන්නෙ?"

"මේ ඉන්නෙ මන්" අයියා ජින්ට කෑගහද්දි එහෙම කියාගෙන මන් ගිහින්  ඒ දෙන්නගෙ මැදින් හිටගත්තා. එකපාරටම වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හැමෝම මන් දිහා බැලුවේ පුදුම වෙලා.

"ඔහ්! මේ ඉන්නෙ මගෙ චූටි නංගි. ඔයා මොකක්ද මගෙ නංගිට මේ කරලා තියෙන්නෙ?"

"එයා මට මොකුත් කරේ නෑ. මන් තමයි වෙනස් වුණේ. මගේ mate වෙනුවෙන්" ජින් වෙනුවට අයියට උත්තර දුන්නේ මන්.

"ඔයා දන්නවද mate කෙනෙක් කියන්නෙ කාටද කියලා? Mate කෙනෙක්ට තමන්ගෙ mate නැතුව එක මොහොතක් ජීවත් වෙන්න බෑ කියලා"

"ඔව් මන් දන්නවා" අයියා කියපු දේට මන් උත්තර දුන්නේ ආඩම්බරෙන් වගේ මොකද මාත් ඒක දන්න දෙයක් කියලා පෙන්නන්න මට ඕනි වුණා.

"හරි මේ කොල්ලා ඔයාගෙ mate ද නැද්ද කියලා අපි check කරලා බලමු" අයියා එහෙම කිව්වෙ මූණට අමුතු හිනාවකුත් අරගෙන.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now