Jerk

461 104 2
                                    

Sonhi pov
"හරි අපි ඉස්සෙල්ලම ඔෆිස් එකට ගිහින් ඊට පස්සෙ ක්ලාස් එකට යමු"
ජියොන් අයියා කිව්වම මම එයත් එක්ක ඔෆිස්  එකට ගියා.

"එක්ස්කියුස් මී, මම බුසාන් ඉදලා මෙහෙට ආපු අලුත් ශිෂ්‍යයෙක්. මගේ නම සොන්හි"
මම එතන වාඩි වෙලා හිටපු කාන්තාවකට කිව්වම ඇය මන් දිහා බලලා හිනා වුණා.

"ආහ් හරි, ඔයාට සිතියමකුයි ෆයිල් ටිකයි ඕනි නේද?"

"ඔව් මැඩම්"

"ටිකක් ඉන්න" එහෙම කියලා ආයෙත් ලැප් එකේ මොනවද ටයිප් කරන්න ගත්තා. ජියොන් අයියත් මාව කැම්පස් එකට දාලා යන්න ගියා.

"හරි මෙන්න ඔයාගෙ බඩු ටික. ඔයාගෙ පළවෙනි ලෙක්චර් එක පටන්ගන්න හරියටම පැය එකහමාරක් තියෙනවා"

"හරි මැඩම්, තැන්කිව්"
දැන් ඉතින් පැය එකහමාරක් මම මොනවා කියලා කරන්නද? හපොයි මටත් වෙන වැඩ. එහෙම හිත හිත මම ගියේ පුස්තකාලෙට පොතක්වත් කියවන්න කියලා. සිතියම දිහා බලාගෙන මම පුස්තකාලෙට ගියා. මම ඇතුළට යනකොට එක මේසයක් ඉතුරු වෙන්න අනිත් හැම එකේම කට්ටිය වාඩිවෙලා. මම ගිහින් එතනින් වාඩි වෙනකොට ඉස්සරහ හිටපු කෙනා මන් දිහා බැලුවේ හරියට  පිටසක්වල ජීවියෙක් දිහා බලනවා  වගේ. ඔහුගෙ මුහුණ සුදුමැලි වගේම තොල් රතුම රතු පාටයි. ඒ වගේම මාර හැන්ඩ්සම්.

"ඇයි තමුන් මෙතන වාඩි වුණේ"
මේ බූරුවා කෑගහපු විදිහට මාව උඩ විසි වුණා.

"මෙතන කවුරුත් නැති නිසා මන් වාඩි වුණා"

"තමුන් දන්නවද මන් කවුද කියලා"

"ඔව් මන් වගේම මනුස්සයෙක් කියලා පේනවා"

"මම මේ අන්තිම පාරට කියන්නෙ තමුසෙට මෙතන වාඩි වෙන්න බෑ"

"හහ්..... මේක හරි වැඩක්නෙ. ඇයි මේ පුටුවේ තමන්ගෙ නම ගහලා තියෙනවද?"
දැන් නම් මටත් හොදටම තද වුණා. ඇයි යකෝ මෙයා මේවා ගෙදරින් ගෙනල්ලා වගේනෙ හැසිරෙන්නෙ.

"මේක මගේ තැන කිව්වොත් තමුන් මොකද කරන්නෙ"

"ඇයි තමුන් මෙතන අරක්ගෙනද ඉන්නෙ"

"හහ්... කතාවට නම් හරි දක්ෂයි වගේ නේද? තමුන්ට මේකට ගෙවන්න වෙයි. ඒක මතක තියාගන්නවා"
එහෙම කියලා මේ බූරුවා නැගිටලා යද්දි ආපහු නතර වුණේ මම බූරුවා කියලා කියපු එක  එක ඇහුණ නිසා වෙන්න ඇති. මට මොකෝ ඇහුනදෙන්.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now