Sonhi pov
"මොකද එයාලා රාජකීය වැම්පයර්ලා" මොකක්ද ඒ ජිමින් කිව්වෙ? මගෙ අයියා රාජකීය වැම්පයර් කෙනෙක් කියලද? ඒක වෙන්නෙ කොහොමද? මගෙ අයියා වැම්පයර් කෙනෙක් නෙමේනෙ? එතකොට මාත් වැම්පයර් කෙනෙක්ද? මගෙ ඔලුව ඇතුළෙ තිබුණ ප්‍රශ්න ගොඩ නිසා මන් අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා. මන් ජිමින් දිහා බලාගෙන ඇහුවේ මාත් වැම්පයර් කෙනෙක්ද කියලා.
"නෑ ඔයා වැම්පයර් කෙනෙක් නෙමෙයි. ඒත් ඔයාගෙ සහෝදරයා රාජකීය වැම්පයර් කෙනෙක්. ඔයා තමයි රාජකීය කුමරිය. ඔයාගෙ අම්මා රාජකීය වැම්පයර් කෙනෙක්. ඇය තමයි වැම්පයර් රැජින වුණේ. ඒත් ඔයාගෙ තාත්තා සාමාන්‍ය මනුස්සයෙක්. ඒ නිසා ඔයත් මනුස්සයෙක් වුණාට ඔයාගෙ අයියට අම්මගෙ වැම්පයර් ජාන ලැබුනා" ජිමින් අපි කවුරුත් දන්නෙ නැති දෙයක් ගැන පැහැදිලි කරද්දි හැමෝම හිටියෙ ගොඩක් පුදුම වෙලා.
"එහෙනම් ඒ නිසා තමයි සොන්හි ලගින් අමුතු සුවදක් දැනෙන්නෙ" ටේහ්‍යුන්ග් අසුත් ලොකු කරගෙන කියවනවා.
"ඔව්, ඇය රාජකීයයි. ඒ වගේම සේහුන් හියුන්ග්ට ඕනි වෙලා තියෙන්නෙ ඇයව ශක්තිමත් වැම්පයරයෙකු සමඟ විවාහ කරලා දීලා රාජකීය රුධිරය තවදුරටත් පවත්වාගෙන යන්න. ඒත් මට බෑ සොන්හිව මගෙ අයියා ජියොන් බදිනකන් බලන් ඉන්න"
"ඉතින් අපි ඒකට මොකක්ද කරන්නෙ?" ජන්කුක් ඇහුවේ කේන්තියෙන්.
"ජින් හ්‍යුන්ග්, ඔයා සොන්හිව mark කරාද?" ආයෙත් ජිමින්ගෙන් ප්‍රශ්නයක්.
"ඔව් දවස් දෙකකට කලින් මන් එයාව mark කරා"
"හොදයි, ඒත් දැන් සොන්හි ලගින් දැනෙන්නෙ ඔයාගෙ සුවද නිසා ඔයාගෙ ජිවිතේ තියෙන්නෙ අනතුරේ. ජින් හ්‍යුන්ග් රාජකීය වැම්පයර් කෙනෙකුත් නෙමේනේ ඉතින් ඔයා එයාලට වඩා ගොඩක් දුර්වලයි. සොන්හිව ආරක්ෂා කරන්න ඕනි වුණත් දැන් ඔයාගෙ ජීවිතෙත් ආරක්ෂිත නෑ"
"මන් දන්නවා" ජිමින් කියපු දේවල් වලට ජින් උත්තර දුන්නේ බෙල්ලත් බිමට නමාගෙන. එයා ඉන්නෙ ගොඩක් දුකින් කියලා මට තේරුනා.
"ඒත් ඔයා මැරිලා හරියනවද? ඔයා ජීවත් වෙන්න ඕනි. අඩුම තරමින් සොන්හි නිසාවත් මෝඩ නොවී ඉන්න" ජිමින් කියවන්නෙ හරියට පාලනයක් නැතුව වගේ.
YOU ARE READING
Vampire's sweetheart ( Completed )
Fanficමගෙ පළවෙනි ff එක කියවලා හොදද කියන්න ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න 💜️💜️💜️ "Are you ready for the pain? " He asked. I closed my eyes shut as I nodded. "Good girl. " He said and moved to my neck.