Next to me

301 72 1
                                    

Sonhi pov

දොරට තට්ටු කරපු කෙනාට ඇතුළට එන්න කියලා මන් ඒ පැත්ත බැලුවේ ඒ ආවේ ජිසූ කියපු ගෑනු ළමයා වෙන්න ඇති කියලා. ඒත් ආපු කෙනා දොර අරින්න කලින් මට ඇහුනෙ කටහඩක්.

"එයාලා ඇවිත් කතා කරොත් දොර අරින්න එපා. මාත් එක්ක එන්න" ඇත්තටම කවුරුහරි මාව බේරගන්න ඇවිල්ලා කියලා මට විශ්වාස කරන්නත් අමාරු වුණා.

"ඉක්මනට මෙහෙට එන්න. ජින් ඔයා එනකම් බලාගෙන ඉන්නවා පහළ තට්ටුවේ ඉක්මනට යන්න" වෙන කවුරුත් නෙමේ ජිමින් තමයි මාව බේරගන්න ඇවිල්ලා තියෙන්නෙ. එයා කියපු දේත් එක්ක මට තේරුනා එයා විතරක් නෙමේ ඇවිල්ලා තියෙන්නෙ කියලා.

"ජිමින්" මන් අඩාගෙනම ජිමින්ව බදාගත්තෙ සතුට වැඩිකමට.  ආයෙත් දොරට තට්ටු කරන නිසා අපි දෙන්නම බැලුවේ ඒ පැත්ත. ඔව් කලින් දොරට තට්ටු කරපු කරපු කෙනාට තාම දොර ඇරියෙ නෑ. ජිමින් ඇවිල්ලා තියෙන්නෙ ජනේලෙකින්.

"මිස් ඔයා ඉන්නවද? මාස්ටර් ඔබතුමිය එනකන් බලාගෙන ඉන්නවා" දොරට එහා පැත්තෙන් ඇහුනේ ගෑනු ළමයෙක්ගෙ කටහඩක්.

"අපිට මෙතන ඉන්න බෑ. එන්න මාත් එක්ක යමු" ජිමින් කිව්වෙ ජනේලෙන් එළිය බලන ගමන්. ඊළඟට එයා මාව එයාගෙ කරට ගත්තා.

"මාව හයියෙන් අල්ලගන්න" අපි පහළට යනකොට ජන්කුක් පහළ සුද්ද කර කර හිටියෙ. මාවයි ජිමින්වයි දැකපු ගමන් ගැස්සිලා වගේ අපි දෙන්නා ඉන්න පැත්තට දුවගෙන ආවා. ඒත් එක්කම අපි ඉන්න පැත්තට දුවගෙන ආවේ ටේහ්‍යුන්ග්.

"ඔක්කොම හරිද?" ජිමින් ඇහුවම ටේහ්‍යුන්ග්, ජන්කුක් දෙන්නම ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න.

"එතකොට ජින් හ්‍යුන්ග් ලෑස්ති වෙලාද ඉන්නෙ?"

"ඔව් හ්‍යුන්ග් අපි එනකන් බලාගෙන ඉන්නෙ. මන් ජන්කුක් එක්ක එන්නම්. ඔයා සොන්හි එක්ක එතනට යන්න" ටේහ්‍යුන්ග් කිව්වෙ මන් දිහා බලාගෙන හිනාවෙලා. ටික වෙලාවකින් ජිමින් මාවත් එක්කගෙන කැලේ පැත්තට ඇවිදින්න ගත්තා.

"ජිමින්, ජියොන් අයියා ගැන මොකද කරන්නෙ? එයා දැනගත්තොත් අපි හැමෝම මරලා දායි"

"බයවෙන්න එපා ඒ ගැන මම බලාගත්තා"

"ඔයා මොකක්ද කරේ?"

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now