New student

286 67 2
                                    

no one pov

කොහොමහරි සොන්හිත් දැන් වැම්පයර් කෙනෙක්. අනිත් අයට වගේම සොන්හිටත් පුලුවන් දැන් teleport වෙන්න. ඒ වගේම එයා ගොඩක් ශක්තිමත් වගේම වේගවත්. විශේෂම දේ තමයි යුන්ගිට සුළග පාලනය කරන්න පුලුවන් වගේ විශේෂ බලයක් සොන්හිටත් ලැබුණ එක. සොන්හි තමයි ජල දෙව්දුව වුණේ. සොන්හිට පුලුවන් ජලය පාලනය කරන්න.
හැබැයි ඉතින් ජින් නම් ඒ නිසා හිටියෙ ගොඩක් දුකින්. එයා හැමවෙලේම කිව්වෙ සොන්හිට දැන් ලැබිලා තියෙන ශක්තිය එක්ක එයා ගොඩක් දුර්වල වැම්පයර් කෙනෙක් නිසා එයාව සොන්හිට ගැලපෙන්නෙ නෑ කියලා. ඔය විදිහට ටික කාලයක් ගෙවිලා ගියේ කිසිම හැල හොල්මනක් නැතුව. සොන්හිගෙ අයියත් එයාලට කිසිම කරදරයක් කරේ නෑ. ඒත් ඉතින් කිසිම කරදරයක් නැතුව කාලේ ගෙවිලා යන්නෙත් ලොකු කරදරයක් ලගම එන නිසා කියලා කවුරුත් හිතුවේ නෑ.
හැමෝම තම තමන්ගෙ වැඩ වගේම  college එකේ වැඩත් කරගෙන කාලේ ගෙව්වෙ ගොඩක් සතුටින්. සොන්හි ජල දෙව්දුව උනාට පස්සෙ වැඩිම කරදර විදින්න වුණේ නම් ජන්කුක්ට. ඇයි ඉතින් ජන්කුක්ට තමයි හැමවෙලේම වතුර පාරවල් කන්න වුණේ.

Sonhi pov

වැම්පයර් කෙනෙක් උනාට පස්සෙ මන් හිතුවට වඩා මගෙ ජීවිතේ වෙනස් වුණා. මට ඕනි වෙලාවක ඕනිම තැනකට teleport වෙන්නත් පුලුවන්. ඒකනම් මරේ මරු. බස්  එකේවත් කාර් එකේවත් යන්න ඕනි නෑ. ආහ්! අපේ සුගාට සුළග පාලනය කරන්න පුලුවන් වගේ මටත් විශේෂ බලයක් හම්බ වුණා. නම්ජුන් නම් කිව්වෙ මන් ජල දෙව්දුව කියලා. මට ජලය පාලනය කරන්න පුලුවන් ඕනිම විදිහකට. ජින් නම් හැමවෙලේම දුක් වුණේ එයා වගේ දුර්වල වැම්පයර් කෙනෙක්ට මාව ගැලපෙන්නෙ නෑ කියලා. එයාට කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් නෑ.
නම්ජුන් කිව්වෙ මන් රාජකීය කෙනෙක් නිසා මට ඒ වගේ බලයක් ලැබෙන්න ඇති කියලා. මේ ගෙවුණ කාලෙට මගෙ අයියත් අපිට කිසිම කරදරයක් කරේ නෑ. ඒත් මටනම් ඒකෙ කිසිම හොදක් දැනුනෙ නෑ. හරියට කුණාටුවක් එන්න කලින් මුහුද හරි සන්සුන් වගේ මට හිතුනෙම අයියා පාඩුවේ ඉන්නෙ නම් හොදකට නෙමේ කියලා. ලගදිම ලොකු කරදරයක් එයි කියලා මගෙ හිත කිව්වත් අනිත් අයට ඒ ගැන කියලා නිකන් බොරුවට බය කරන්න මට ඕනි වුණේ නෑ. මොකද අපි හැමෝම හිටියෙ ගොඩක් සතුටින් වගේම මේක මගෙ හිතේ ඇතිවෙච්ච බොරු මනස්ගාතයක් වෙන්නත් පුලුවන් නිසා.
වෙනදා වගේම උදේම ලෑස්ති වෙලා උදේ කෑමත් අරගෙන අපි හැමෝම college එකට ආවා. ඉස්සර වගේ පරක්කු වෙලා ඇහැරුනත් දැන් පන කඩාගෙන දුවන්න ඕනි නෑ. Lecture එකට විනාඩි 5ක් තියෙද්දි ගෙදර ඉදන් college එකට teleport වෙනවා. College එකට ඇවිල්ලා හැමෝම lecture hall එකට ගියා. උදේම තිබුණෙ යුන්ගිගෙ lecture එකක්.  පළවෙනි lecture එක ඉවර වෙලා යුන්ගි ගියාට පස්සෙ හැමෝම  කැන්ටිමට ගිහින් කෑවේ හරියට උදේට කාලා ආවේ නෑ වගේ.

කාලා ඉවර වෙලා ඉක්මනට ආපහු ආවේ අනිත් lecture එකට පරක්කු වෙන්න බැරි නිසා. විනාඩියක් හරි පරක්කු වුණොත් එළියෙ තමයි ඉන්න වෙන්නෙ.මොකද මිස්ටර් වැන්ග් ඒ තරම් සැරයි. යද්දි සර් නම් ඇවිල්ලා හිටියෙ නෑ.

"සොන්හි, අද මන් ඔයා ලග වාඩිවෙනවා" ටේහ්‍යුන්ග් ගෙදර ඉදන්ම ඕක පාඩම් කරනවා වගේ කියවනවා. ජින්ටත් මන් ලග වාඩිවෙන්න ඕනිලු. එතන එකම රණ්ඩුවක් වාඩිවෙන තැන බෙදාගන්න බැරුව. කොච්චර කිව්වත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් අහන්නෙ නෑ. ඕනි එකක් කරගන්න ඇරලා මන් පාඩුවේ හිටියා. එතකොටම තමයි සර් hall එක ඇතුළට ආවේ. දෙන්නගෙ රණ්ඩුව දැකලා සර් දෙන්නම මට පිටිපස්සෙන් වාඩි කෙරෙව්වා.
හොද වැඩේ දෙන්නටම. දැන්වත් පාඩුවේ ඉදීනෙ. හැබැයි ජින් නම් ඉන්නෙ පුදුම කේන්තියකින් කියලා මට හොදටම දැනුනා. මොකද ඉතින් එයා මගෙ mate නෙ. තවත් ඒ ගැන හිතන්නෙ නැතුව මන් ඉස්සරහ බලාගත්තෙ පාඩම අහගන්න ඕනි නිසා. ඒත් මිස්ටර් වැන්ග් පාඩම පටන්ගන්න කලින් කිව්වෙ පන්තියට අලුත් ළමයෙක් එනවා කියලා.

"හොදයි හැමෝම අහගන්න. අලුත් ළමයෙක් මාරු වෙලා ඇවිල්ලා ඉන්නවා එයා අද ඉදන් ඔයාලත් එක්ක එකට ඉදී. දරුවො ඇතුළට එන්න" සර් කතා කරද්දි ඇතුළට ආවේ පිරිමි ළමයෙක්.

"Hello, good morning. මම බේක්හ්‍යුන්, මන් හිතනවා ඔයාලා මාව හොදට බලාගනී කියලා"

"හරි ඔයා දැන් ගිහින් අර ඉඩ තියෙන තැනින් වාඩිවෙන්න" මිස්ටර් වැන්ග් ඒ කොල්ලට කිව්වෙ මට එහා පැත්තෙන් වාඩිවෙන්න කියලා. එයා මන් ලගට ඇවිත් වාඩිවෙලා මට කතා කරා.

"හායි සොන්හි" මොකක්? එයා මට සොන්හි කියලද කතා කරේ?
ඒත් එයා කොහොමද මගෙ නම දන්නෙ??????

To be continued........

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now