Innocent sweetheart

276 72 0
                                    

Sonhi pov

"දැන් හැමෝගෙම වැඩ ඉවරයි. ගිහින් විවේක ගන්න" නම්ජුන් හරියට leader කෙනෙක් වගේ. හැමෝම ගැන හොයලා බලනවා. හැමෝම කාමරෙන් එළියට ගියේ අපි දෙන්නා දිහා බලලා හිනාවෙලා. අනේ මන්දා මේ ගොල්ලො හිතන්නෙම කැත විදිහට.

"සොන්හිව වැඩිය කෑගස්සවන්න එපා හ්‍යුන්ග්" යන්න කලින් ටේහ්‍යුන්ග් ජින්ට උපදෙස් දෙනවා. කට්ටියටම මොනවා වෙලාද මන්දා? හැමෝම ගියාට පස්සෙ එතන ඉතුරු වුණේ අපි දෙන්නා විතරයි. එතකොටම ජින් මගෙ පැත්තට හැරිලා කතා කරා.

"ඉතින් පැටියො"

"මොකද?" මන් ඇහුවෙ කලින් හිටපු ෂොක් එකෙන්මයි.

"අපි අපේ කාමරේට යමු. මන් අද රෑ ඔයාව ලස්සන වැම්පයර් කෙනෙක් කරන්නම්කො" මන් දැක්කෙ ජින්ගෙ ඇස්වල පාට එකපාරටම වෙනස් වෙනවා. එයාට මොනවා වෙලාද ඒ ගමන.

Jin pov

හැමෝම අපි දෙන්නා දිහා බලාගෙන හිනා වෙනකොට මන් බැලුවේ සොන්හි දිහා. එයා කිසිම දෙයක් දන්නෙ නැතුව අහිංසක විදිහට කට්ටිය දිහා බලාගෙන ඉන්නවා. මුන් කියන දේවල් හිතාගන්න බැරුව එයා ටිකක් ෂොක් වෙලා වගේ. අනේ මගේ අහිංසක කෙල්ල. එතකොටම වගේ සොන්හි මන් දිහා බලලා හිනා වුණා. මට දැනුනෙ ටික වෙලාවකට මගේ ඇගේ රස්නෙත් වැඩි වුණා වගේ. මගෙ හිත තේරුම් ගන්න බැරි හැගීම් ගොඩකින් පිරිලා යනවා කියලා මට තේරුනා.

"ඉතින් පැටියො" මන් කතා කරද්දිත් මේ කෙල්ල බයවෙලා වගේ.

"මොකද?" කතා කරන්නෙ හරියට වචන එන්නෙ නෑ වගේ.

" අපි අපේ කාමරේට යමු. මන් අද රෑ ඔයාව ලස්සන වැම්පයර් කෙනෙක් කරන්නම්කො"

"ආහ් හරි" සොන්හි කතා කරන විදිහෙන් මට තේරුනේ එයා ගොඩක් කලබල වෙලා වගේ. සොන්හිවත් අරගෙන මගේ කාමරේට ඇවිල්ලා දොර වැහුවා.

"ගොඩක් රස්නෙයි නේද?" මන් මගේ ජැකට් එක ගලවද්දි සොන්හි ඇහුවේ අහක බලාගෙන. මන් දිහා බලන්න ලැජ්ජ හිතිලද කොහෙද? අම්මෝහ් මේ කෙල්ල දිහා බලාගෙන ඉද්දි මට මාව පාලනය කරගන්න බැරුව යනවා. යාහ් ජින්, තමුන්ව පාලනය කරගන්නවා. මන් මගේ හිතත් එක්ක ලොකු fight එකක ඉන්නෙ දැන්නම්.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now