Why?

244 69 0
                                    

Jin pov

සොන්හිට කියන්න දෙයක් තියෙනවා කියලා බේක්හ්‍යුන් එයාව එක්කන් ගියපු වෙලාවෙ ඉදන් මන් හිටියෙ ගොඩක් කලබල වෙලා. මොකද මේ අලුත් කොල්ලා කවුද කියන්නවත් අපි හරියට දන්නෙ නැහැනෙ. දැන් ගිහින් ගොඩක් වෙලා උනත් සොන්හි තාම ආවෙත් නෑ. අපි හැමෝම සාලෙට වෙලා එහාට මෙහාට යනගමන් බලාගෙන හිටියෙ සොන්හි එනකන්. හවස් වේගෙන එනකොට ඉස්සරහ දොර ඇරගෙන සොන්හි ඇතුළට ආවත් අපි එක්ක කිසිම කතාවක් නැතුව පඩිපෙළ නැගලා අපේ කාමරේ පැත්තට යන්න ගියා.

"ඇයට මොකද වුණේ?" අපේ කාමරේ දොරට තට්ටු කරන සද්දෙ ඇහුනම මන් කට්ටියගෙන් ඇහුවේ කලබල වෙලා.

"මන් දෙයක් කියන්නද?" නම්ජුන් අහද්දි මන් සද්ද නැතුව හිටියෙ එයාට කියන්න තියෙන්නෙ මොනවද බලන්න.

"මන් හිතන්නෙ මේ එයාගෙ ඔසප් කාලේ වෙන්න ඇති" හයියෝ මේ යකා මොනවද මේ කියවන්නෙ. මගෙ ඇස් ලොකු වුණේ නම්ජුන්ගෙ ගොන් කතාවට. අනිත් එක මෙතන යුන්ගි හ්‍යුන්ග්ගෙ මේට් ජෙනිත් ඉන්නවා. මන් ජෙනී දිහා බලද්දි ජෙනීත් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. මන් හිතන්නෙ මේ කොල්ලා ගොඩක් මැද්දෙ ඉද්දි නම්ජුන් කියපු කතාවට එයා ගොඩක් අපහසුතාවට පත්වෙන්න ඇති.

"නම්ජුන් තමුසෙගෙ ගොන් කට වහගන්නවද?" යුන්ගි හ්‍යුන්ග් කිව්වෙ නම්ජුන්ගෙ ඔලුවටත් එකක් ගහලා. මන් හිතින් යුන්ගි හ්‍යුන්ග්ට ස්තූති කරේ නම්ජුන්ට ගහපු එකට.

"ඔසප් කාලේ කියන්නෙ මොකක්ද?" ටේහ්‍යුන්ග් අහද්දි ජන්කුක් එයාගෙ කට වහගත්තා. ජෙනී නම් ලැජ්ජාවටම රතු වෙලා.

"ජෙනී, මන් හිතන්නෙ ඔයා ගිහින් පොඩ්ඩක් එයාව බැලුවොත් හොදයි" මන් කියපු ගමන් ජෙනී උඩට ගියා. ජෙනී ගියපු ගමන් මන් කරේ ටේහ්‍යුන්ග්ට රවපු එක.

"මොකද?" ටේහ්‍යුන්ග් ඇහුවේ බයවෙලා.

"තමුන් දැන් ඒක ගැන දැනගන්න ඕනි නෑ. ඒ කාලෙට මිනිස්සුන්ට තරහ යනවා කියලා නියමයක් නැහැනෙ" මට ඒ ගැන පැහැදිලි කරන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. බේක්හ්‍යුන් එක්ක ගිහින් ආවට පස්සෙ සොන්හි ගොඩක් වෙනස් කියලා මට දැනුනා. ඇත්තටම ඒකට හේතුව මොකක් වෙන්න ඇතිද? මට ඒක දැනගන්න ඕනි.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now