This lips all are yours

298 63 0
                                    

Sonhi pov

ඊළග දවසේ උදේ මට ඇහැරුනෙ alarm එකට. මන් ඇස් ඇරලා බලද්දි ජින් මට එහා පැත්තෙන් හරි අහිංසක විදිහට නිදාගෙන ඉන්නවා. මන් එයා දිහා බලාගෙන ඉදලා ඒ මූණට මගෙ අතක් අරන් ගියේ ඉබේම.

"ඔයාගෙ කඩවසම් මූණ නැතුව මන් මොනවා කරන්නද?" මූණ අතගාන ගමන් මට කියවුණේ හිමීට. ඊළඟට මගෙ ඇස් නතර වුණේ ඒ තොල් ලග. ඒවා චෙරි රතු පාටයි. මට එකපාරටම ඒ තොල් කිස් කරන්න ඕනි කියලා හිතුනා. හිමිට ඒ තොල්වලට පොඩි කිස් එකක් දෙන්න හදලා ආයෙත් මාව පාලනය කරගෙන මන් ඇදේ අනිත් පැත්තට පෙරලුනා.
මන් එයාව කිස් කරේ නැත්තෙ කිස් කරොත් එයා ඇහැරෙන්න පුලුවන් නිසා. එහෙම වුණොත් මන් ගැන මොනවා හිතයිද?

"ආයිෂ්..." එහෙම කියාගෙන මන් නැගිට්ටේ තවත් මෙතන හිටියොත් මගෙ හැගීම පාලනය කරගන්න බැරි නිසා. ඒත් නැගිටපු ගමන් මාව ආයෙත් ඇදටම වැටුනෙ කවුරුහරි මාව ඇදලා ගත්ත නිසා. මාව ඇදට වැටුනේ ජින්ට පිටුපාලා.

"ඔයා දන්නවද මේ තොල් ඔයාගෙ විතරයි කියලා. ඔයාට ඕනි වෙලාවක ඒවා කිස් කරන්න පුලුවන්" පිටිපස්සෙන් මගෙ කනට ලන්වෙලා ජින් කිව්වෙ මාව එයාගෙ ඇගට තද කරගෙන. මම එයාගෙ පැත්තට හැරුනෙ නැත්තෙ ලැජ්ජාවට මගෙ මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා තිබුණ නිසා. මොන ලැජ්ජාවක්ද මේ වුණේ. ඒ කියන්නෙ මන් කිස් කරන්න හදපු වෙලාවේ එයා නැගිටලද ඉදලා තියෙන්නෙ? මන් ඒ පැත්තට හැරුනෙ නැති නිසා ජින් මාව එයාගෙ පැත්තට හරවගත්තා.

"ජින්, අපි college එකට යන්න ලෑස්ති වෙන්න ඕනි" මන් එයාගෙ මූණ දිහාවත් බලන්නෙ නැතුව කිව්වෙ මෙතනින් කොහොමහරි පැනගන්න ඕනි නිසා.

"මගෙ morning kiss එක කෝ?"

"අනේ මට යන්න දෙන්නකො පරක්කු වෙනවා"

"ඔයා දන්නවා ඒක හරියන්නෙ නෑ කියලා පැටියෝ. මට morning kiss එක ඕනිමයි" මන් කොච්චර ගැලවෙන්න try කරත් කිසිම වැඩක් වුණේ නෑ.

"ඔයා කලින් මාව kiss කරා නම් කිසිම අවුලක් නෑ. දැන්නම් බේරෙන්න බැරි වෙයි" එහෙම කියලා ජින් මට කිචි කවන්න පටන්ගත්තා. හිනාව දරාගන්න බැරුව මගෙ කම්මුල් දිගේ කදුලු බේරුනත් ජින් කිචි කවන එක නතර කරේ නෑ.

Vampire's sweetheart ( Completed )Where stories live. Discover now